ලීසිං තියෙන වාහනයක් විකුණන හරිම විදිහ

19 Feb, 2024   
ලීසිං තියෙන වාහනයක් විකුණන හරිම විදිහ

අපිට විවිධ අවස්ථාවලදී හදිස්සි මුදල් අවශ්‍යතා මතු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාට වාහනය විකුණන්න සිදු වෙනවා. ඉතින් ඔයාගේ වාහනය ලීසිං කරපු වාහනයක් කියලා හිතන්නකෝ. ඒ වගේ ලීසිං කරපු වාහනයක් කොහොමද හරියටම විකුණන්නේ. අද CarsGuide තුළින් අපි කතා කරන්නේ ඔයාගේ වාහනයට ලීසිං වාරිකයක් තියෙනව නම් ඒ වාහනය හරියටම විකුණන්නේ කොහොමද කියලා.

ලීසිං කරපු වාහනයක් විකුණනකොට වාසි කාටද ?

ලීසිං කරපු වාහනයක් ගන්න කෙනාට වාසියක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද ? ලීසිං කරපු වාහනයක් ගන්නකොට මුලින්ම ගෙවන්න තියෙන්නේ පොඩි මුදලක් නිසා. ඊට පස්සේ ඉතුරු වාරික ටික ගෙවාගෙන යන්න පුළුවන්. ලීසිං කරපු වාහනයක සම්පුර්ණ අයිතිය තියෙන්නේ ලීසිං company එකට. ඒ ඇරුනම ලීසිං කරපු වාහනයක අයිතිය ගණුම්කරුට පැවරෙන්නේ වාරික ටික ගෙවලා ඉවර වුණාම. ඒ වගේම finance company එකෙන් full ලීසිං එක settle කරගන්න එක ඊටත් වඩා වාසිදායකයි. මොකද finance company එකෙන් ඔයා ගන්න ඉන්න වාහනයේ ownership එක මාරු කරලා දෙන නිසා.

පාර්ශවකරුවන් කවුද ?

ලීසිං වාරිකයකදී පාර්ශවකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ලීසිං එකේ නීතිමය හිමිකරු. අනිත් කෙනා ලීසිං එකේ ගණුදෙනුකරු. එතකොට ගැණුම්කරු තමයි බැංකුවකට හරි මුල්‍ය ආයතනයකට හරි ගිහින් වාහන ලීසිං ක්‍රමයට ලබා ගන්නේ. එවිට ගැණුම්කරුගේ නම යටතේ තමයි ලීසිං පහසුකම ලබා දෙන්නේ.

විකිණීමේදී කරන්න ඕනේ මොනවද ?

මුලින්ම ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඊට පස්සේ වාහනය විකුණන කෙනාගේ නමට වාරික ටික දාගන්නවා. වාහනය ගණුම්කරු මිලදී ගත්තට පස්සේ, වාහනය විකුණන කෙනාගේ නමට වාහනයේ වාරික ගෙවාගෙන යනවා කියලා සහතික වෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු වාහනය විකුණුවා කියලා ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. මොකද ඔයාට වාහනයේ ownership එක හම්බෙන්නේ වාරික ගෙවලා ඉවර වුණාම.

මෙතැනදී ප්‍රශ්නයක් වෙන්නේ,

– නීතිය ඉස්සරහට යනවා නම් මේ ගිවිසුම් වලංගු වෙන්නේ නැහැ.
– වාහනයේ වාරික ගෙවන් නැතුව සිටියොත් වාහනය සීස් කරන්න පුළුවන්.

එවිට ගැණුම්කරුටත් පාඩු වෙනවා owner ටත් පාඩු වෙනවා. ඒ වගේම වාහනය සීස් කරලා කියලා විකුණපු කෙනාගේ නම යනවා credit report එකට. ඒ නිසා වාහනය විකුණපු කෙනාට නැවතත් loan එකක් ගන්නත් බැරි වෙනවා වගේම වාහනය විකුණපු කෙනා blacklist වෙනවා.

ලීසිං කරපු වාහනයක් ගන්න හරිම විදිහ

ඔයා ලීසිං කරපු වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් full ලීසිං එක ඒ වෙලාවේම settle කරන්න finance company එකට කියන්න ඕනේ. ඊට පස්සේ finance company එකෙන් ඔයා ගන්න ඉන්න වාහනයේ ownership එක මාරු කරලා දෙනවා. මේ ක්‍රමයට තමයි ඔයාට ලීසිං කරපු වාහනයක් ගන්න පුළුවන්. මොකද ලීසිං එක ගත්තම වාහනය owner ගේ නමට තියෙන නිසා. නැත්නම් ඔයාට වාහනයේ ownership එක හම්බෙන්නේ වාරික ගෙවලා ඉවර වුණාම.

ඔන්න ඔය විදිහට තමයි ලීසිං තියෙන වාහනයක් විකුණන හරිම විදිහ. ඔයාලත් ලීසිං කරපු වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Raize Z Hybrid 2025 for Sale

Toyota Raize Z Hybrid 2025

0 km, Kalutara
verified MEMBER
Rs 16,250,000
6 days ago
Honda Vezel RS Sensing 2017 for Sale

Honda Vezel RS Sensing 2017

69,000 km, Kegalle
MEMBER
Rs 10,800,000
2 minutes ago
Toyota Voxy SZ Highest Spec New 2025 for Sale

Toyota Voxy SZ Highest Spec New 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 35,500,000
8 minutes ago
Suzuki Spacia Custom XS Limited Ed 2018 for Sale

Suzuki Spacia Custom XS Limited Ed 2018

47,500 km, Colombo
verified MEMBER
Rs 8,595,000
9 minutes ago
Suzuki Alto 2004 for Sale

Suzuki Alto 2004

145,000 km, Polonnaruwa
MEMBER
Rs 2,275,000
12 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman