වාහනයට valuation දාන්න බැරි වෙන හේතුව

28 Jun, 2023   
වාහනයට valuation දාන්න බැරි වෙන හේතුව

ලීසිං එකක්, එහෙමත් නැත්නම් finance එකක් දාලා වාහනයක් ගන්නකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද valuation report එකක් ගන්නේ කියන එක. ඔබ වාහනයක් ලීසිං එකක් එහෙමත් නැත්නම් finance එකක් දාලා ගන්නකොට valuation report එකක්, එහෙමත් නැත්නම් තක්සේරු වාර්තාවක් ගන්න ඕනේ. ඒ නිසාම අද CarsGuide අපි ඔබට අරගෙන ආවේ reject වෙන්නේ නැතුව හරියටම valuation report එකක් ගන්නේ කොහොමද කියලා.

Valuation report එකක් කියන්නේ මොකක්ද?

Valuation report එකක් ගන්න කලින් finance පහසුකම ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ආයතනයේ නියෝජිතයෙක් හමුවෙලා ඔහු ලබාදෙන උපදෙස් මත valuation report එක ලබා ගන්න එක තමයි ගොඩක් හොඳ. කාලෙන් කාලෙට මහ බැංකුව විසින් මූල්‍ය සමාගම් වලට ණය සීමා සහ පොලී අනුපාත පනවනු ලබනවා. වර්තමානය වෙනකොට ඔබ ලබා ගන්නා valuation report එකේ සඳහන් කරන වාහනයේ වටිනාකමින් 80%ක් ඉක්මවා නොයන පරිදි ලීසිං පහසුකම ලබා ගන්න පුලුවන්.

රජයේ තක්සේරුකරුවෙක් වශයෙන් ලියාපදිංචි පුද්ගලයන්ට විතරයි valuation centers පවත්වාගෙන යන්න පුලුවන්. හැම විටම ඔවුන් රටේ දැනට පවතින වාහන මිල හෝ ඊට ආසන්න valuation එකක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඊට නීති විරෝධී වශයෙන් වාහන ඌණ තක්සේරු හෝ අධි තක්සේරු කළොත් ඔවුන්ගේ බලපත්‍රය පවා අත්හිටුවන්න පුලුවන්.

වාහනයට ණය මුදලක් ලබා ගැනීමේදී වැදගත් වෙන වාර්තාවක් තමයි valuation report එක කියන්නේ. ඒ වගේම තමන්ගේ වත්කම් පෙන්විමේදී සහ insurance එකක් දැමිමේදී valuation report එක වැදගත් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් valuation report එකක් කියන්නේ වාහනයේ වටිනාකම තක්සේරු කරන ලියවිල්ලක්.

Valuation එකක් කරන්නේ කොහොමද?

ළඟම තියෙන valuation center එක හරහා ඔබට මෙය සිදු කරගන්න පුලුවන්. එහිදී ඔබ valuation report එක ගන්න බලාපොරොත්තු වෙන වාහනය සහ ලියාපදිංචි සහතිකයේ පිටපතක් අරගෙන ගියාම ලේසියෙන්ම valuation report එකක් ගන්න පුලුවන්.

එහෙමත් නැත්නම් valuation center එකකට දුරකථන ඇමතුමක් ලබා දීලා නියෝජිතයෙක් වාහනය තිබෙන තැනටම ගෙන්වා ගන්න පුලුවන්.

Valuation එකක් කරද්දී බලන දේවල්

Valuation එකක් දැමීමට පෙර එම ආයතනයේ නියෝජිතයා විසින් ඔබගේ වාහනය සම්පූර්ණයෙන්ම දිස් වෙන පරිදි photos ගැනීම සිදු වෙනවා. ඒ වගේම වාහනය ඇතුළත, meter readings, චැසි අංකය, එන්ජින් අංකයේද photos ගැනීම සිදු වෙනවා. අනිත් දේ තමයි ආයතනයේ නියෝජිතයා විසින් වාහනය start කරලා පෙන්නන්න කිව්වොත් ඔබට ඒ දේ කර පෙන්වන්න වෙනවා.

ඒ වගේම වාහනයේ චැසි අංකය, එන්ජින් අංකය සහ ලියාපදිංචි අංකය, වාහනයේ ලියාපදිංචි සහතිකයේ ඇති තොරතුරු වලට සමානද යන්නත් පරික්ෂා කර බලනවා. ඒ විතරක් නෙමෙයි, වාහනයේ ටයර් වල, එන්ජින් එකේ, suspension වල තත්වයත් පරික්ෂා කර බලන්න valuation center එකේ නියෝජිතයා අමතක කරන්නේ නැහැ. මේ සියලුදේම නිවැරදිව තිබෙනවා නම් ඔබේ ලීසිං සමාගමේ නමට valuation report එක නිකුත් කිරීම සිදු කරනවා.

Valuation එකක් reject වෙන්නේ ඇයි?

  • වාහනයේ ලියාපදිංචි සහතිකය නිත්‍යානුකූල නොවීම
  • ලියාපදිංචි සහතිකය සහ වාහනය එකිනෙකට නොගැලපීම
  • ලියාපදිංචි සහතිකයේ සහ වාහනයේ සඳහන් චැසි අංකය නොගැලපීම
  • ලියාපදිංචි සහතිකයේ සහ වාහනයේ සඳහන් එන්ජින් අංකය නොගැලපීම
  • Modification හේතුවෙන් වාහනයේ චැසිය කැපීමට හෝ දිග වැඩි කිරීමකට ලක් කිරීම
  • වාහනයේ සැකැස්ම වෙනස් කර තිබීම

ඉතින් මේ විදියට තමයි valuation report එකක් ගන්නේ ගන්නේ. දැන් ඔබට තේරෙනවා ඇතිනේ valuation report එකක් ගැනීමට නොහැකි වෙන හේතු මොනවද කියලා. ඉතින් ඔබත් use කරපු වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux 2019 for Sale

Toyota Hilux 2019

47,000 km, Colombo
MEMBER
Rs 22,900,000
4 days ago
Honda Grace Ex Navi 2016 for Sale

Honda Grace Ex Navi 2016

102,000 km, Colombo
MEMBER
Rs 10,750,000
6 days ago
Mitsubishi Montero company maintain 2012 for Sale

Mitsubishi Montero company maintain 2012

137,000 km, Colombo
verified MEMBER
verified
Rs 14,850,000
4 minutes ago
Toyota Land Cruiser Prado 2024 for Sale

Toyota Land Cruiser Prado 2024

0 km, Colombo
MEMBER
Rs 61,500,000
1 month ago
Toyota Corolla 141 2008 for Sale

Toyota Corolla 141 2008

158,200 km, Colombo
MEMBER
Rs 6,950,000
1 month ago
Auto Parts for saleikman logo
Nissan Qashqai Panaromic Glass Roof for Sale

Nissan Qashqai Panaromic Glass Roof

verified MEMBER
verified
Rs 85,000
2 days ago
Headlight protection ppf for Sale

Headlight protection ppf

verified MEMBER
Rs 9,500
3 minutes ago
Alloy Wheel 14

Alloy Wheel 14"

MEMBER
Rs 7,000
12 minutes ago
PPF PROTECTION FOR CAR for Sale

PPF PROTECTION FOR CAR

verified MEMBER
Rs 3,500
16 minutes ago
Suzuki wagon r stengre for Sale

Suzuki wagon r stengre

verified MEMBER
Rs 62,000
28 minutes ago
+ Post an ad on ikman