ලීසිං කරලා වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි

27 Sep, 2023   
ලීසිං කරලා වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි

වාහනයක් මිලදී ගන්න කෙනෙක්ට options දෙකක් තියෙනවා. එකක් තමයි අතේ තියෙන සම්පූර්ණ මුදල වියදම් කරලා වාහනයක් ගන්න එක. Car Sale එකකට ගිහින් ඔබේ අතේ තියෙන මුදලට සරිලන වාහනයක් මිලදී ගන්න පුලුවන්. හැබැයි සමහර අවස්ථා වලදී අපිට අවශ්‍ය කරන වාහනය ගන්න අතේ තියෙන මුදල මදි වෙන්න පුලුවන්. එතකොට ඔබට පුලුවන් ලීසිං සමාගමක් හරහා ලීස් කරලා වාහනයක් ගන්න. මේක තමයි දෙවනි option එක.

හැබැයි ලීස් කරලා වාහනක් ගන්නවා කියන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද ලීසිං එකක් කියන්නෙම ලොකු වගකීමක්. ඒ නිසා CarsGuide අපි අද හිතුවා ලීසිං කරලා වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි ගැන ඔබව දැනුවත් කරන්න.

මෝටර් රථයක් ලීසිං කිරීමේ වාසි

1. අඩු මාසික ගෙවීමක්

වාහනයක් ලීසිං කරලා මිලදී ගැනීමේ තියෙන ලොකුම වාසිය තමයි සම්පූර්ණ මුදල නොගෙවා වාහනය භාවිතා කිරීමට ලැබීම. ඒ වගේම තමයි ඔබට වෙනත් පුද්ගලයෙක්ට ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ වගේම විශාල පොළියක් එකතු වීමක් සිදු වෙන්නෙත් නැහැ. මොකද ඔබ පුද්ගලයෙක්ගෙන් හෝ බැංකුවකින් ණයක් ලබා ගත්තාම විශාල පොලී අනුපාතයක් එකතු වෙනවා. ඒ වගේම ඔබේ ආදායමට සරිලන විදිහට ඔබට පුලුවන් ලීසිං ආයතනය සමඟ කතා කරලා ලීසිං වාරිකය සකසා ගන්නත්.

2. අලුත් මෝටර් රථයකට මාරු වෙන්න පුලුවන්

ඔබ මෝටර් රථයක් සම්පූර්ණ මුදල ගෙවා මිලදී ගැනීම වෙනුවට ලීසිං පහසුකම තෝරාගැනීමේ තවත් වාසියක් තමයි ඉක්මනින්ම අලුත් වාහනයකට මාරු වීමේ හැකියාව. ඔබ ළඟ දැනට තිබෙන වාහනය වෙනස් කිරීමට හිතුණොත් ඔබට පුලුවන් ලීසිං සමාගම හරහා වෙනත් පුද්ගලයෙක්ට ඔබේ වාහනය විකුණන්න. එවිට ඔබේ ඉතුරු වූ වාරික සාමාන්‍ය පරිදි නව අයිතිකරු විසින් ගෙවීම සිදු කරනවා.
පසුව ඔබට පුලුවන් ඔබ කැමති නවතම මෝටර් රථයක් නැවතත් ලීසිං පහසුකම යටතේ ලබා ගන්න.

3. හොඳ මෝටර් රථයක්

අතේ තියෙන මුදල දීලා මෝටර් රථයක් මිලදී ගන්න ගියොත් අපිට වෙන්නේ budget එකට match වෙන vehicle එකක් මිලදී ගන්න. නමුත් ඔබට පුලුවන් නම් ලීසිං එකක් දාලා vehicle එකක් ගන්න ඔබගේ අදායමට match වෙන විදිහේ හොඳ මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

4. Tax අඩු වෙනවා

අපි එක පාර මුදල් දීලා වාහනයක් මිලදී ගන්නකොට income tax එකට විශාල බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා. නමුත් ඔබ ලීසිං පහසුකම යටතේ නම් වාහනය මිලදී ගන්නේ එතනදී ඔබට යම් සහනක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඔබ ලීසිං එකක් දාන්නේ වාහනයක් මිලදී ගැනීමට ඔබේ අතේ ප්‍රමාණවත් මුදල් නොමැති බැවින්.

5. විකුණන්න ලේසියි

සමහර අවස්ථා වලදී වාහනයක් විකුණනවා කියන එක ටිකක් මාරු වැඩක්. මොකද සම්පූර්ණ මුදල ගෙවලා වාහනයක් මිලදී ගන්න ගොඩක් දෙනා කැමති වෙන්නේ නැහැ. ඒ වගේම වාහනයේ ලියකියවිලි original ද කියන එකත් ලොකු ගැටලුවක්. නමුත් වාහනය ලීසිං කරලා නම් ගත්තේ ඔබේ වාහනයේ ලිපි ලේඛන පිළිබඳව අනෙක් පුද්ගලයන්ට විශ්වාසයක් ඇති වෙනවා.

මෝටර් රථයක් ලීසිං කිරීමේ අවාසි

1. ස්ථාවර ආදායම් මාර්ගයක්

ඔබට මෝටර් රථයක් ලීසිං කර ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ස්ථාවර ආදායම් මාර්ගයක් තිබෙන බව ඔප්පු කරන්න ඕනේ. මොකද ඔබට ස්ථිර ආදායම් මාර්ගයක් නැත්නම් ලීසිං සමාගමක් හරහා ඔබට මෝටර් රථයක් ලීසිං කිරීමට අවසර හිමි වෙන්නේ නැහැ. මොකද මිලදී ගන්නා මෝටර් රථයේ වාරික ගෙවීමට ඔබට හැකි වීම අනිවාර්යය වෙනවා.

2. Gap insurance එකක් ගන්න වෙනවා

මෝටර් රථයක් ලීසිං කිරීමේදී සෑම විටම gap insurance එකක් අවශ්‍ය වෙනවා. මේ policy එක මඟින් වාහනයේ වටිනාකම ආවරණය වීම සිදු වෙනවා. බොහෝ විට මේ policy එක අවම වශයෙන් වසර තුනක් සඳහා ක්‍රියාත්මක වෙනවා.

3. මෝටර් රථයේ modifications සීමා වෙනවා

ඔබේ ලීසිං පදනම යටතේ මෝටර් රථයක් මිලදී ගත් පසු, ඔබට කැමති ආකාරයට modifications සිදු කිරීමේ හැකියාවක් නැහැ.
ඉතින් ඒ නිසා ඔබට ලීසිං සමාගමේ අවසරය ඇතුව සීමා සහිත ආකාරයට තමයි modifications සිදු කරන්න වෙන්නේ.

4. අඛණ්ඩව වාරිකය ගෙවන්න ඕනේ

ඔබ වාහනය ලීසිං පහසුකම යටතේ තෝරා ගන්නේ නම් අඛණ්ඩව නියමිත පරිදි මාසික වාරිකය ගෙවීම සිදු කරන්න ඕනේ.
ඇත්තටම ඒක ලොකු වගකීමක්. නමුත් ඔබට හදිසියේ හෝ මුදල් නොමැති වුවහොත් ලීසිං සමාගම සමඟ සාකච්ඡා කර යම් සහනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

5. අමතර මුදලක්

එකවර මුදල් දී වාහනයක් මිලදී ගැනීමේදී ඔබ ගෙවීමට අවශ්‍ය වෙන්නේ වාහනයේ සම්පූර්ණ මුදල පමණයි. නමුත් ලීසිං පහසුකම යටතේ ඔබ වාහනයක් මිලදී ගත් විට වාහනයේ net price එකට අමතරව මුදලක් ගෙවීමට සිදු වෙනවා.

ඉතින් මේ දේවල් තමයි ලීසිං කරලා වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි. ඔබත් වාහනයක් ගන්න නම් ඉන්නේ දැන් ඔබට හිතාගන්න පුලුවන් නේද ලීස් කරලා ගන්න එකද හොඳ එහෙමත් නැත්නම් එකවර මුදල් දීලා ගන්න එකද හොඳ කියලා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Revo 4*4 AT 2025 for Sale

Toyota Hilux Revo 4*4 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 26,950,000
1 week ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
4 hours ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
4 hours ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
4 hours ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
4 hours ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
5 days ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
8 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
9 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
9 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
9 hours ago
+ Post an ad on ikman