Open papers වාහනයක් විකුණන ඔබ දැනගත යුතුම කරුණු

10 Jul, 2024   
Open papers වාහනයක් විකුණන ඔබ දැනගත යුතුම කරුණු

ඔබත් වාහනයක් විකුණන්නද ඉන්නේ? එතකොට ඒ වාහනය ගන්න කෙනා බලාපොරොත්තු වෙන්නේ open papers වලට වාහනය ගන්නද? එහෙනම් ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි කියන්නෙත් open papers වලට වාහනයක් ගන්නවා නම් ඒ ගැන කිහිප වතාවක් හිතන්න කියලනෙ. ඒ වගේම තමයි, open papers වලට වාහනයක් විකුණන එකත් හිතන්නම ඕන කාරණාවක්. මොකද ඔබ නොදන්නවා වුණාට මේකෙන් ඔබට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා, open papers වලට වාහනයක් විකුණනවා නම්, අනිවාර්යයෙන්ම ඒ ගැන අකුරක් නෑර දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි අද හිතුවා, open papers වාහනයක් විකුණන ඔබ දැනගත යුතුම කරුණු ගැන CarsGuide තුළින් කියන්න.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මෙහෙම වෙන්නේ, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගත්තාම. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වලට වාහනයක් විකුණනකොට ඇති වෙන ප්‍රශ්න

Open papers වාහනයක් විකුණනකොට ඔබට එක එක ප්‍රශ්න හිතෙන්න පුළුවන්.
– Open papers වලට වාහන විකිණීමේ අවධානමක් තියෙනවද?
– අනතුරක් වුණොත් ප්‍රශ්නයක් වෙයිද?
– Open papers වලට වාහනයක් විකුණනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාපටිපාටියක් තියෙනවද?
– වාහනය විකුණනවා කියලා RMV එකට දැනුම් දෙන්න ඕනෙද?
– ගන්න කෙනාගේ නමට වාහනය මාරු කරලා විකුණන එක අනිවාර්යද?

මේ වගේ එක එක ප්‍රශ්න ඔබට හිතිලා ඇති. හැබැයි ඉතින් එහෙම හිතලත් ඒ ප්‍රශ්න වලට හරියට උත්තරයක් දන්නේ නැති නිසා ඔබත් මේකට අහු වෙලා ඇති.

Open papers වලදී මොකද වෙන්නේ?

ඔබ හිතන්න වාහන open papers වලට විකුණන්නේ ඔබ කියලා. මුලින්ම MT6 කියන පත්‍රිකා වල පිටු හතරක් පුරවලා පළවෙනි පිටු දෙක තමන් ළඟ තියාගෙන අන්තිම පිටු දෙක වාහනය ගන්න කෙනාට දෙනවා. දැන්, වාහනය විකුණපු කෙනා තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට භාර දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. වාහනය ගත්තු කෙනත් තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට submit කරන්න ඕනේ.

Open papers වාහනය ගන්න කෙනා කරන වැරදි වලින් ප්‍රශ්න ඇති වෙන්නේ කාටද?

අපි කලින් කියපු විදිහට, වාහනය ගන්න කෙනා MT6 පත්‍රිකා වලින් පුරවපු කොළයක් RMV එකට ඉදිරිපත් කරලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ පුද්ගලයා වාහනය පාවිච්චි කරලා තියෙන්නේ, robbery එකට වෙන්න පුළුවන්. අනිත් දේ තමයි වාහනය විකුණලා මාස ගාණක් ගත වුණත් වාහනයේ අයිතිකරුගේ නම වෙනස් වෙලා නැහැ. බැලූ බැල්මට ඔබට හිතෙන්නේ නම්, මේ වැරදි කළේ වාහනය ගත්තු කෙනා නිසා, ඒකෙ දඬුවම් ලැබෙන්නෙත් එයාටමයි කියලා. හැබැයි එහෙම නැහැ. Open papers වලට වාහනයක් විකුණනවා කියන්නේ, ඒ වැරදි වලට දඬුවම් විඳින්න වෙන්නේ වාහනය විකුණපු කෙනාට. අපි කියපු වැරදි වාහනය ගත්තු කෙනා කළොත් අනිවාර්යයෙන්ම වාහනය විකුණපු කෙනාට සිර දඬුවම් ලැබෙනවා. එහෙමත් නැත්නම් විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.

ඒ අතරේ වාහනය ගත්තු කෙනා finance එක ගෙවලත් නැත්නම් මොකද වෙන්නේ? එතකොට finance company එක ඔබට ඒ කියන්නේ වාහනය විකුණපු කෙනාට එරෙහිව නඩු දානවා.

වාහනය ගත්තු කෙනා වාහනය පාරේ drive කරන්නේ ඔබේ නම යටතේනෙ. එතකොට ඒ කෙනා වාහනය මොකක් හරි අපරාධයකට යොදාගෙන තිබුණොත්, නැත්නම් අනතුරකට ලක් වුණොත් වාහනය තවමත් ඔබේ නමින්, ඒ කියන්නේ වාහනය විකුණපු කෙනාගේ නමින් ලියාපදිංචි කරලා තියෙන නිසා ඒකෙ වරද පැටවෙන්නේ වාහනය ගත්තු කෙනාට නෙවෙයි. වාහනය විකුණපු ඔබටමයි.

දැක්කා නේද? වාහනයක් විකුණනවා කියන එකත් එච්චර සුළුපටු දෙයක් නෙවෙයි. ඒකත් open papers වලට විකුණනවා නම් ප්‍රශ්න වැලයි. සාමාන්‍යයෙන් අපි දෙයක් ගන්නකොටනේ ඒ ගැන හොඳට හොයලා බලන්නේ. හැබැයි අපි කෙනෙක්ට දෙයක් දෙනකොටත් ඒ ගැන පුදුම විදිහට සැළකිලිමත් වෙන්න ඕනේ. ඒකට හොඳම කතාව තමයි, open papers වලට වාහන විකුණන එක. අපි හිතනවා අද අපේ Article එකෙන් open papers වාහනයක් විකුණන ඔබ දැනගත යුතුම කරුණු දැන ගන්න ඇති කියලා. දැන් ඉතින් ඔබට පුළුවන්, open papers වාහන විකුණන්න ගිහින් නිරපරාදේ අනුන්ගේ වැරදි තමන් පිට පටවගෙන ප්‍රශ්න දාගන්නේ නැතුව ඉන්න. හැබැයි අපි අද කියපු හැම දෙයක්ම අමතක නොකර මතක තියාගන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado 2017 for Sale

Toyota Land Cruiser Prado 2017

120,000 km, Matara
MEMBER
Rs 41,500,000
2 weeks ago
Toyota Yaris Cross Premium Luxury 2025 for Sale

Toyota Yaris Cross Premium Luxury 2025

0 km, Gampaha
verified MEMBER
Rs 22,250,000
5 days ago
Toyota Aqua X urban 2015 for Sale

Toyota Aqua X urban 2015

72,000 km, Galle
verified MEMBER
Rs 9,250,000
3 minutes ago
Toyota Hilux REVO ROCCO 2.8 AT 2025 for Sale

Toyota Hilux REVO ROCCO 2.8 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 28,000,000
1 week ago
Toyota Land Cruiser Sahara LC 300 BRAND NEW 2025 for Sale

Toyota Land Cruiser Sahara LC 300 BRAND NEW 2025

0 km, Colombo
verified MEMBER
Rs 94,075,000
12 minutes ago
Auto Parts for saleikman logo
155/65/14 Kumho Tyres for Sale

155/65/14 Kumho Tyres

verified MEMBER
Rs 15,500
27 minutes ago
15

15" Inch Rims

verified MEMBER
Rs 65,000
36 minutes ago
265/60/18 Tyres for Sale

265/60/18 Tyres

verified MEMBER
Rs 48,000
58 minutes ago
225/45/17 Goodride Tyres for Sale

225/45/17 Goodride Tyres

verified MEMBER
Rs 35,000
58 minutes ago
+ Post an ad on ikman