අලුත් වු නීතියෙන් පසු open papers වාහන හිමියන් කළ යුතු දේ

17 May, 2024   
අලුත් වු නීතියෙන් පසු open papers වාහන හිමියන් කළ යුතු දේ

අද කාලේ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා open papers වාහන තියාගෙන ඉන්න. මේකට ලොකුම හේතු තමයි tax වලින් බේරෙන්න, කෙටි කාලයක් පාවිච්චි කරන්න නැත්නම්, resale කරන්න. හැබැයි මේ open papers වාහන තියාගෙන ඉන්න එක වාහනය ගන්න කෙනාට වගේම වාහනය විකුණන කෙනාටත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද නීතියම වශයෙන් වුණත් විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසාම open papers වාහන සම්බන්ධයෙන් නීති පවා අලුත් වෙලා තියෙනවා.

අද CarsGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ අලුත් වු නීතියෙන් පසු open papers වාහන හිමියන් කළ යුතු දේ පිළිබඳවයි.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මෙහෙම වෙන්නේ, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගත්තාම. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වලදී මොකද වෙන්නේ?

ඔබ හිතන්න වාහන open papers වලට විකුණන්නේ ඔබ කියලා. මුලින්ම MT6 කියන පත්‍රිකා වල පිටු හතරක් පුරවලා පළවෙනි පිටු දෙක තමන් ළඟ තියාගෙන අන්තිම පිටු දෙක වාහනය ගන්න කෙනාට දෙනවා. දැන්, වාහනය විකුණපු කෙනා තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට භාර දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. වාහනය ගත්තු කෙනත් තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට submit කරන්න ඕනේ.

Open papers වාහන වලට දඩයක්

කලින් කිව්වා වගේ අද වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා වාහන open papers තියාගෙන ඉන්න. සාමන්‍යයෙන් මෝටර් රථ පනතේ නීතිය අනුව වාහනයක් පැවරීමකදී, එහෙමත් නැත්නම් විකිණීමකදී ඒ විකිණීම සිදු කළ දින සිට දින 14ක් ඇතුළත නව අයිතිකරු අදාළ වාහනය පවරා ගන්න ඕනේ. එහෙම පවරා ගත්තේ නැති වුණොත් 15 වෙනි දිනයේ සිට දවසකට රුපියල් 100 ගානේ මෝටර් රථය පවරා ගන්නා තුරු දඩයක් නියම වෙනවා.
සාමාන්‍යයෙන් ත්‍රී වීල් සහ බයික් සඳහා රුපියල් 50,000 ක උපරිමයකට යනවා. ඒ වගේම කාර්, වෑන්, ලොරි සඳහා රුපියල් ලක්ෂය දක්වා දඩ මුදල් අය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාහනයක් විකුණුවාට පස්සේ දින 14ක් ඇතුළත අදාල පාර්ශ්වය වාහනය පවරා ගන්න ඕනේ. නමුත් මේ වන කොට අද සමාජය ඇතුළේ මෙය සිදු වෙන්නේ නැහැ.

නඩු පිට නඩු

මේ විදිහට වාහනය පවරා නොගැනීම නිසා, වාහනය විකිණූ පුද්ගලයා දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මොකද දැනට ක්‍රියාත්මක CCTV දඩ ක්‍රමය හරහා වාහනය මිලට ගත පුද්ගලයා වරදක් සිදු කළොත් දඩුවම ලැබෙන්නේ වාහනයේ පරණ අයිතිකරුට. මොකද ඔහුගේ නම තමයි තවමත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පද්ධතියේ තියෙන්නේ. ඒ අනුව අදාළ වරද නිත්‍යානුකුලව දඩුවම් ලැබිය යුතු පුද්ගලයා වන්නේත් ඔහුමයි. ඒ වගේම තමන්ගේ නමින් තියෙන වාහනයක් රටේ වෙන අපරාධයකට සම්බන්ධ කරගෙන යම් ගැටළුවක් මතුවුණොත් පොලිසිය සොයාගෙන ආව විහස හසු වෙන්නේ මෝටර් රථ පද්ධතිය ඇතුළේ ඉන්න අයිතිකරු. ඉතින් ඒ නිසා තමන්ගේ වාහනය යම් පුද්ගලයෙක්ට විකිණුවොත්, විකුණූ වාහම එම තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුවට ලබා දෙන්න.

දැන් තේරෙනවා නේද open papers වාහන කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ගන්න කෙනාට විතරක් නෙවෙයි විකුණන කෙනාටත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා open papers වාහන විකුණන්න ගිහින් නිරපරාදේ අනුන්ගේ වැරදි තමන් පිට පටවගෙන ප්‍රශ්න දාගන්නේ නැතුව ඉන්න. හැම වෙලාවේම නීතියට අනුව වැඩ කළොත් ඔබත් රටත් අනිවර්යයෙන්ම ආරක්ෂා වෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz CLA 180 AMG 2017 for Sale

Mercedes Benz CLA 180 AMG 2017

38,000 km, Kandy
MEMBER
Rs 20,000,000
3 weeks ago
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

0 km, Colombo
verified MEMBER
Rs 19,700,000
2 weeks ago
Volkswagen Polo Active 2023 for Sale

Volkswagen Polo Active 2023

0 km, Colombo
verified MEMBER
verified
Rs 12,500,000
4 days ago
Toyota Roomy Custom G Grade 2025 for Sale

Toyota Roomy Custom G Grade 2025

0 km, Colombo
verified MEMBER
Rs 12,000,000
2 weeks ago
Toyota Raize Z Grade 2024 for Sale

Toyota Raize Z Grade 2024

0 km, Colombo
verified MEMBER
Rs 15,500,000
2 weeks ago
Auto Parts for saleikman logo
Audi A1 Headlights for Sale

Audi A1 Headlights

verified MEMBER
verified
Rs 12,500
2 days ago
BMW Shell for Sale

BMW Shell

verified MEMBER
verified
Rs 20,000
2 minutes ago
Toyota Prius Zvw30 Dicky Door for Sale

Toyota Prius Zvw30 Dicky Door

verified MEMBER
Rs 38,500
8 minutes ago
+ Post an ad on ikman