රක්ෂණ වන්දි අහිමි වුණාද? එහෙම වුණේ ඇයි?

22 Aug, 2024   
රක්ෂණ වන්දි අහිමි වුණාද? එහෙම වුණේ ඇයි?

නිකමට හිතලා බලන්නකො. Exterior look එක එහෙම හොඳ පෙනුමට තියෙන, interior එකත් comfortable විදිහට තියෙන car එකක් දැක්කොත් ඔබට මොනවද හිතන්නෙ? “හිතන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන් කැමති වෙනවා” ඔබට එහෙමත් හිතෙයි. හැබැයි ඔබ දන්නවද, වාහනයකට පුළුවන් ඊට වඩා ලොකු දෙයක් කරන්න. අනතුරක් වුණා කියලා හිතන්න. වාහනය රක්ෂණය කරලා නොතිබ්බොත් ප්‍රශ්නෙ ඔබටමයි. හැබැයි ඉතින් රක්ෂණය කළාට වැඩක් නෑ හරියටම රක්ෂණ වන්දි ලැබෙන්නෙ නැත්නම්. රක්ෂණ වන්දි නොලැබුණත් ඒකට විවිධ හේතු තියෙනවා. CarsGuide අපි අද ඔබට කියන්නම්, ඔබට රක්ෂණ වන්දි අහිමි වුණා නම්, එහෙම වුණේ ඇයි කියලා.

රක්ෂණ වර්ග

ඔබ දැනටමත් දන්නවා, ලංකාවෙ වාහන රක්ෂණ වර්ග තුනක් තියෙනවා කියන්න.
1) Full insurance
2) Third party insurance
3) Third party fire & theft insurance

මේ රක්ෂණ වර්ග අතරින්, 3rd party fire & theft insurance එක ගැන නම් වැඩිය කතාබහ වෙන්නෙම නැහැ. මොකද මේ රක්ෂණයේදී සීමිත ආවරණ කිහිපයක් විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි, තුන්වෙනි පාර්ශවයට වෙන හානි, ගිනි ගැනීම් සහ සොරකම් වලින් වන හානි. මේ හානි වලට විතරයි 3rd party fire & theft insurance එකෙන් වන්දි ගෙවන්නේ.

ඊට අමතරව full insurance එකකින් සහ 3rd party insurance එකකින් ආවරණය වෙන හානි මොනවද කියලත් ඔබ දන්නවා. මොකද ඒ ගැන අපි නිතරම කතාබහ වෙනවා. අනිත් දේ තමයි, සාමාන්‍යයෙන් වාහනයකට දාන්නෙත්, මේ insurance වර්ග දෙකනේ.

රක්ෂණ වන්දි අහිමි වුණේ ඇයි?

වාහනයේ market value එක ගැන හිතුවද?

වාහනය රක්ෂණය කරනකොට, market value එකට වැඩියෙන් රක්ෂණය කළා කියලා, ඔබට අමුතුවෙන් වාසියක් ලැබෙන්නේ නැහැ. හදිස්සියේ හරි අනතුරක් වුණත් වන්දිය විදිහට ලැබෙන්නේ, market value එකම තමයි. එහෙමයි කියලා ඔබ market value එකට වඩා අඩුවෙන් රක්ෂණය කළොත් වාහනයට අලාභ හානියක් වුණාම, market value එකම වන්දිය විදිහට ලැබෙන්නෙත් නැහැ. සමහර විට ඊට වඩා අඩු වන්දි මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම, වාහනයට පූර්ණ හානියක් සිදු වුණත් ඔබට ලැබෙන්නේ, ඔබ රක්ෂණය කරපු වාහනයට අදාළ market value එක විතරයි.

අනිත් දේ තමයි, market value එක වෙනස් වුණා කියලා, ඒක අඩු වැඩි වුණු පළියට ඔබට ලැබෙන වන්දි මුදල අඩු වැඩි වෙන්නේ නැහැ. ekata insurance eka adjust karanna one අන්න ඒ වෙලාවට ඔබට හිතෙන්නේ, රක්ෂණ වන්දි හරියට හම්බුණේ නෑනෙ කියලා. ඒ නිසා, නියමිත market value එකට වාහනය රක්ෂණය කරන්න ඔබ වග බලා ගන්න ඕනේ.

රක්ෂණ අයිතිය ඔබේ නමට නෙවෙයිද?

ඔබ register කරපු වාහනයක් හරි, register නොකරපු වාහනයක් හරි ලබා ගත්තා නම්, වාහනයේ අයිතිය ඔබේ නමට පවරා ගන්න. ඒ වගේම ඔබේ නමින්ම රක්ෂණයක් ලබා ගන්න. මොකද මේ විදිහට රක්ෂණ අයිතියක් නැති වාහන වලට රක්ෂණයක් ලබා ගන්න බැහැ. අන්න එතකොටත් ඔබට රක්ෂණ වන්දි අහිමි වෙන්න පුළුවන්.

ලබා ගත්තෙ හරිම රක්ෂණාවරණයද?

ඔබ වාහනය රක්ෂණය කරන්නේ, පුද්ගලික පරිහරණයට, කුලී පදනම මත දෙන්න, රියදුරු පුහුණුව සඳහා දෙන්න එහෙමත් නැත්නම් භාණ්ඩ හෝ මඟී ප්‍රවාහනයට වෙන්න පුළුවන්. ඒ අදාළ ආවරණයට තමයි ඔබ වාහනය රක්ෂණය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට වාහනය පුද්ගලික පරිහරණයට කියලා රක්ෂණය කරගෙන, කුලී පදනම මත ලබා දීලා, අනතුරක් වුණොත්, එතකොට ඔබේ වන්දි හිමිකම reject වෙන්න පුළුවන්. ඒකත් ඔබට අනුව නම්, වාහනය රක්ෂණය කරලත් රක්ෂණ වන්දි අහිමි වීමක් තමයි.

මේ දේවල් වලට අමතරව drinks අරගෙන drive කරලා අනතුරක් වුණු වෙලාවක නැත්නම් අනතුරක් වුණත් ඒ මොහොතෙ ඔබේ driving license එක expire වෙලා නම් අන්න එතකොටත් ඔබට රක්ෂණ වන්දි අහිමි වෙනවා.

දැන් ඔබට තේරෙනවා නේද, මීට කලින් රක්ෂණ වන්දි අහිමි වුණත්, ඒකට යම් හේතුවක් තිබුණා කියලා? සමහර විට ඒ අපි අද කියපු හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔබේ නොදැනුවත්කම නිසා වගේම නොසැළකිල්ල නිසාත් වාහනය රක්ෂණය කරලා තිබුණට, රක්ෂණ වන්දි අහිමි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි අද කියපු දේවල් හරියටම මතක තියාගෙන අදාළ දේවල් ඒ විදිහටම කළොත්, රක්ෂණ වන්දි අහිමි වෙන එක නවත්වා ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A6 2016 for Sale

Audi A6 2016

65,000 km, Colombo
MEMBER
Rs 21,500,000
1 week ago
Kia Sorento 2012 for Sale

Kia Sorento 2012

177,000 km, Colombo
verified MEMBER
verified
Rs 12,975,000
1 minute ago
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

27 km, Colombo
MEMBER
Rs 20,600,000
1 week ago
Toyota Passo 2010 for Sale

Toyota Passo 2010

183,000 km, Gampaha
MEMBER
Rs 5,500,000
13 hours ago
Toyota Voxy SZ Executive PKG 2024 for Sale

Toyota Voxy SZ Executive PKG 2024

30 km, Colombo
verified MEMBER
verified
Rs 32,450,000
3 minutes ago
Auto Parts for saleikman logo
BMW F30 Door Handle for Sale

BMW F30 Door Handle

verified MEMBER
verified
Rs 15,000
8 minutes ago
Toyota Hilux Vigo GR LED Tail Light Set for Sale

Toyota Hilux Vigo GR LED Tail Light Set

verified MEMBER
verified
Rs 35,000
2 weeks ago
Toyota Premio 260 Front Bumper for Sale

Toyota Premio 260 Front Bumper

verified MEMBER
verified
Rs 55,000
2 weeks ago
Toyota Aqua Gas Shock Absorbers (Rear) for Sale

Toyota Aqua Gas Shock Absorbers (Rear)

verified MEMBER
Rs 8,985
13 minutes ago
+ Post an ad on ikman