ඉක්මනින් හරියටම defog කරන විදිහ දැන ගමුද?

26 Feb, 2024   
ඉක්මනින් හරියටම defog කරන විදිහ දැන ගමුද?

වාහනයක් drive කරනකොට අපිට එන ලොකු ප්‍රශ්නයක් තමයි fog කියන්නේ. වාහනයේ windows වල fog බැඳුණම අපිට ඉදිරි මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය කරන්න බැරි වෙනවා. එතකොට ඔයාව අනතුරු වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි windows වල බැඳෙන fog ඉවත් කර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අද CarsGuide අපි කියන්නේ ඉක්මනින් වගේම හරියටම defog කරන විදිහ ගැනයි.

Fog කියන්නේ මොනවාද?

සරලව අපි fog කියන්නේ මීදුමට. ජල වාෂ්ප කියන්නේ පරිසරයේ හැම තැනකම වගේ තියෙන දෙයක්. මේ ජල වාෂ්ප තාපය බවට පත් වී ද්‍රව බවට පත් වෙනවා. මේ විදිහට ජලය ද්‍රව බවට පත් වන අවස්ථාවට තමයි fog එක කියන්නේ. ජල වාෂ්ප ද්‍රව විදිහට සීතල පෘෂ්ඨ වල තැම්පත් වෙනවා. වාහනයේ windows කියන්නේ සීතල පෘෂ්ඨයක්. ඉතින් ජල වාෂ්ප වීදුරු වල තැම්පත් වුණාට පසුව තමයි අපිට windows වල fog දකින්න පුළුවන්.

වාහනයක windows වල fog බැඳෙන අවස්ථා

Windows වල fog බැඳෙන අවස්ථා දෙකක් තියෙනවා.
පළවෙනි අවස්ථාව – Windows වල වාහනයේ ඇතුල් පැත්තෙන් fog බැඳීම.
මේ විදිහට ඇතුල් පැත්තෙන් fog බැඳෙන්නේ වාහනයේ ඇතුළත උෂ්ණත්වය අඩු වන විට වාහනයෙන් පිටත උෂ්ණත්වය වැඩි වන විටයි.

දෙවන අවස්ථාව – Windows වල වාහනයේ පිටතින් fog බැඳීම.
මේ විදිහට සිදු වන්නේ වාහනයේ ඇතුළත උෂ්ණත්වය ඉහළ යන විට පිටත උෂ්ණත්වය පහළ යන නිසයි.

Fog බැඳෙන්නේ කොහොමද?

වායුගෝලයේ උෂ්ණත්වය අඩු වන විට ජල වාෂ්ප තාපය බවට පත් වෙනවා. එතකොට වාහනයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට තමයි ජල වාෂ්ප මීදුම විදිහට අපේ ඇස් වලට පෙන්න පටන් ගන්නේ. ඒ අනුව උෂ්ණත්වය වැඩි තැනක සිට උෂ්ණත්වය අඩු තැනකට ජල වාෂ්ප ගලාගෙන ගිහින් තමයි fog බැඳෙන්නේ.

Fog බැඳෙන එක නවත්වන්නේ කොහොමද?

අපිට වාහනයක fog බැඳෙන එක නවත්වන්න හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන් වාහනයේ windows වල බැඳුණු fog ඉවත් කිරීම පමණයි.

බැඳුණ fog ඉවත් කරන්නේ කොහොමද?

ඔයාගේ වාහනයේ windows වල ඇතුල් පැත්තේ fog බැඳිලා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ AC ක්‍රියාත්මක කරන එක. මොකද AC එක මඟින් windows වල තියෙන fog සෑහෙන ප්‍රමාණයක් ඉවත් කරන්න හැකි වෙනවා. AC එක මගින් අපිට සෑහෙන විදිහට fog එක ඉවත් කර ගන්න බැරි වුණොත් අපි ඊළඟට ජල වාෂ්ප ඉවත් කරපු hot air, windows වලට යොමු කරන්න ඕනේ. නැත්නම් අපි වාහනයේ උෂ්ණත්වය ටිකක් වැඩි කරන්න ඕනේ. මේ දේවල් වලට අමතරව වාහනයේ තියෙන defog එකෙනුත් fog එක ඉවත් කරන්න පුළුවන්. මේ දේවල් සිදු කළාට පස්සේ වාහනයේ windows වල තියෙන fog වාෂ්ප වෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි windows වල ඇතුල් පැත්තේ තියෙන fog නැති කරන්නේ.

Windows වල පිටත තියෙන්න fog එක අපිට wiper එක මගින් පිහදාන්න පුළුවන්. නමුත් සුළු මොහොතකින් නැවතත් fog එක windows වල බැඳෙනවා. ඒ නිසා අපි windows hit කරන්න hot air යවන්න ඕනේ. මේ විදිහට windows එක පිටත තියෙන fog නැති කර ගන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව window එකත් පුලුවන් නම් ටිකක් පහත් කරලා තියෙන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel 2014 for Sale

Honda Vezel 2014

110,000 km, Colombo
MEMBER
Rs 10,500,000
3 days ago
Mercedes Benz CLA 200 AMG LINE PREMIUM + 2019 for Sale

Mercedes Benz CLA 200 AMG LINE PREMIUM + 2019

41,000 km, Colombo
verified MEMBER
verified
Rs 23,950,000
56 minutes ago
Porsche Cayenne S e-hybrid 2015 for Sale

Porsche Cayenne S e-hybrid 2015

80,000 km, Colombo
MEMBER
Rs 35,000,000
1 week ago
Toyota Vitz 2017 for Sale

Toyota Vitz 2017

77,000 km, Colombo
MEMBER
Rs 7,900,000
6 days ago
Audi A3 1800cc RS3 S-Line 2016 for Sale

Audi A3 1800cc RS3 S-Line 2016

36,000 km, Colombo
verified MEMBER
verified
Rs 21,780,000
1 week ago
Auto Parts for saleikman logo
175 / 65 15 Tyres for Sale

175 / 65 15 Tyres

verified MEMBER
Rs 4,500
1 week ago
Mobil Super 0W-20 | Full Synthetic 1L for Sale

Mobil Super 0W-20 | Full Synthetic 1L

MEMBER
Rs 4,300
5 hours ago
Toyota Axio Dashboard for Sale

Toyota Axio Dashboard

MEMBER
Rs 26,000
5 hours ago
Toyota Voxy/ Noah Number Plate Garnish for Sale

Toyota Voxy/ Noah Number Plate Garnish

verified MEMBER
verified
Rs 45,000
5 hours ago
+ Post an ad on ikman