රක්ෂණය කළාට, රක්ෂණය පිළිබඳ මේ legal system එක ගැන දැනගෙන හිටියද?

30 Aug, 2024   
රක්ෂණය කළාට, රක්ෂණය පිළිබඳ මේ legal system එක ගැන දැනගෙන හිටියද?

You probably already know that under Sri Lankan law, you can’t put a vehicle on the road without having it insured. When talking about insurance, there are various types covering different kinds of damage. Then there’s the question of how to claim insurance, and the related laws that come into play. You might know some of these things already, but let’s see if you were aware of everything we’re about to cover about the legal aspects of insurance in today’s CarsGuide segment.

Contract Law

When discussing the legal system around insurance, we must talk about contract law. This law applies to the relationship between the insurer and the insured. Here, the insurer is the insurance company, and the insured is the person making the deal with the insurance company. It’s important to note that just because the insurer and insured come together, it doesn’t automatically mean a contract exists. Several key elements must be present for a valid contract to be established.

A contract requires an agreement involving at least two parties (or more) expressed in the form of an offer and an acceptance. This offer can be made either in writing or verbally. An offer typically involves a proposal made by a prospective customer to the insurance company. We refer to them as a prospective customer because they only become an actual customer after the contract is finalized. In simple terms, the prospective customer becomes an insured party only after their proposal is accepted by the insurance company.

Form

Insurance contracts must be prepared in writing, as specified in insurance law. Since these contracts are in written form, they must follow a particular format. This means that the contract must be documented in a specified format. When you insure a vehicle, you are provided with a form. This form includes details of the coverage, information about the insurer, and specific details about the vehicle, among other relevant information you need to provide.

So, that’s a glimpse into the legal system around insurance that you must be aware of. You might think these are just small details, but these little things add up to what insurance really is. In short, these aspects are all part of the laws related to insurance. By understanding these details correctly, you can ensure your vehicle is properly insured without any issues!

ඔබ දැනටමත් දන්නවා, ලංකාවේ තියෙන නීතියේ විදිහට වාහනයක් පාරට දාන්න නම්, වාහනය රක්ෂණය කරලා තියෙන්න ඕනේ කියලා. රක්ෂණය ගැන කතා කරනකොට විවිධ රක්ෂණ වර්ග තියෙනවා. එතකොට ඒ රක්ෂණ වලින් ආවරණය වෙන්නේ විවිධ වර්ගයේ හානි. ඊළඟට කොහොමද රක්ෂණ වන්දි ලබා ගන්නේ, ඊට අදාළ නීතිය මොකක්ද මේ හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. ඔබ ඒ දේවල් ගැන දන්නවා ඇති. හැබැයි බලන්න, අපි අද CarsGuide තුළින් ඔබට කියන රක්ෂණය පිළිබඳ මේ legal system එක ගැන ඔබ මීට කලින් දැනගෙන හිටියද කියලා.

ගිවිසුම් නීතිය

රක්ෂණය පිළිබඳ legal system එක ගැන කතා කරනකොට, ගිවිසුම් නීතිය ගැන කතා කරන්නම ඕනේ. මේ නීතිය ඇති වෙන්නේ රක්ෂකයා සහ රක්ෂිතයා අතර. මෙතනදී රක්ෂකයා කියන්නේ, රක්ෂණ ආයතනය. එතකොට රක්ෂිතයා කියන්නේ, රක්ෂණ ආයතනයත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයා. මේ රක්ෂකයා සහ රක්ෂිතයා අතර ආවට ගියාට ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. ගිවිසුමක් ඇති වෙන්න නම් ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතරින් වලංගු ගිවිසුමක් ඇති වෙන්න නම්, අපි මේ කියන කරුණු අත්‍යාවශ්‍ය වෙනවා.

ගිවිසුමකට එළඹෙන්න පාර්ශව දෙකක් හරි ඊට වැඩි ගාණක් අතරේ හරි අර්පණයක් ඒ කියන්නේ offer එකක් සහ පිළිගැනීමක හෙවත් acceptance එකක ස්වරූපයෙන් යුත් එකඟතාවක් තියෙන්න ඕනේ. මේ offer කියන එක ලිඛිතව නැත්නම් වාචිකව ඇති වෙන්න පුළුවන්. අර්පණයක් සමන්විත වෙන්නේ, අනාගත ගනුදෙනුකරුවෙක් විසින් රක්ෂණ සමාගමට කරන යෝජනාවකින්. අනාගත ගනුදෙනුකරුවා කියන්න හේතුව තමයි, අදාළ පුද්ගලයා මේ ගිවිසුම ඇති වුණාට පසුව රක්ෂණ ආයතනයේ ගනුදෙනුකරුවෙක් වීම. ඒ කියන්නේ අනාගත ගනුදෙනුකරුවෙක්. ඉතින් ඒ රක්ෂණකරු රක්ෂණ ආයතනයට කරන යෝජනාවත් එක්ක තමයි, රක්ෂණ ආයතනයේ ගනුදෙනුකරුවෙක් වෙන්නේ.

Form එක

රක්ෂණ ගිවිසුමක් ලිඛිතව සකස් කරන්න ඕනේ කියලා, රක්ෂණ නීතියේ නිශ්චිතව සඳහන් වෙනවා. ඉතින් ගිවිසුම ලිඛිතව ඇති වෙන නිසා මේකට යම් ආකෘතියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගිවිසුමට අනිවාර්යයෙන්ම ලිඛිතව format එකක් තියෙන්න ඕනේ. වාහනයක් රක්ෂණය කරනකොට ඔබට form එකක් ලැබෙනවා. ඒ form එකේ තමයි ආවරණය කරන රක්ෂණය, රක්ෂණකරුගේ විස්තර සහ වාහනයේ විස්තර ඇතුළු ඔබ ලබා දෙන්න ඕන අදාළ විස්තර තියෙන්නේ.

ඔන්න මේ තමයි, රක්ෂණය පිළිබඳ ඔබ දැන ගන්නම ඕන legal system එක. සමහර විට ඔබට හිතෙයි, මේවා හරිම පොඩි දේවල්නේ කියලා. හැබැයි මේ වගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි රක්ෂණය කියන දේ හැදෙන්නේ. කෙටියෙන් කිව්වොත් මේ දේවලුත් රක්ෂණයට අදාළ නීති තමයි. ඉතින් මේ දේවල් ඔබ හරියටම තේරුම් ගත්තොත්, ඔබටත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය හරියටම රක්ෂණය කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio 2017 for Sale

Toyota Premio 2017

87,500 km, Colombo
MEMBER
Rs 15,750,000
3 weeks ago
Micro Geely Crystal Blue 2017 for Sale

Micro Geely Crystal Blue 2017

55,000 km, Badulla
MEMBER
Rs 2,400,000
1 minute ago
Toyota Prius 2012 for Sale

Toyota Prius 2012

100,000 km, Gampaha
MEMBER
Rs 11,500,000
19 hours ago
Honda Vezel Z Play 2025 for Sale

Honda Vezel Z Play 2025

20 km, Matara
verified MEMBER
Rs 24,500,000
12 minutes ago
Daihatsu Taft G Grade 2025 for Sale

Daihatsu Taft G Grade 2025

0 km, Matara
verified MEMBER
Rs 9,000,000
19 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman