Speed Draft Leasing ක්‍රමය හොඳද නරකද?

08 Apr, 2024   
Speed Draft Leasing ක්‍රමය හොඳද නරකද?

ඔබත් ලීස් එකක් එහෙම දාලා වාහන අරන් ඇති නේද? නැත්නම් ලීස් දාලා වාහන ගත්තු දන්න කියන අය හරි ඇතිනේ. ලීස් ගැන කියද්දී, speed draft එක කොහොමද අමතක කරන්නේ. එක එක අය කියන්නේ එක එක කතා. සමහර අය කියනවා speed draft එක හොඳ ලීසිං ක්‍රමයක් කියලා. හැබැයි තවත් සමහර අය කියනවා speed draft ලීසිං වලට අහු වෙන්න එපා කියලා. එතකොට කවුද ඇත්ත කියන්නේ? මේ ප්‍රශ්නේ ඔබටත් තියෙන නිසාම තමයි, CarsGuide අපි හිතුවේ Speed Draft Leasing ක්‍රමය හොඳද නරකද කියලා අද ඔබට එක උත්තරයක් දෙන්න.

Speed draft leasing කියන්නේ මොකක්ද?

Normal ලීසිං ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ලීසිං ක්‍රමයක් තමයි, speed draft කියන්නේ. හැබැයි සාමාන්‍ය විදියෙම ණය මුදලක්. මේ ලීසිං ක්‍රමයේ වාසි වගේම යම් යම් අවාසිත් තියෙනවා. ඒ අනුව speed draft ලීස් එකක් හොඳද, නරකද කියන දේ depend වෙනවා.

Speed draft leasing ක්‍රමයේ අවාසිය මොකක්ද?

හිතන්නකො, ඔබ speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළා කියලා. දැන් මෙතනදි ඔබ ලීස් එක දාන්න ලීසිං company එකක් තෝරාගන්නවා. ඒ company එක ඔබට ලබා දෙන ණය වාරිකයට අදාළව මාසයට පොළියක් අය කරනවනෙ. මෙතනදි ඔබ ගෙවන්න ඕනේ ඒ පොළිය විතරයි. හැබැයි ඔබේ ණය මුදලෙන් සත පහක්වත් අඩු වෙන්නේ නැහැ. අදාළ මාසික පොළියට අමතරව ඔබ තවත් ගාණක් ලීසිං company එකට ගෙවනවා නම්, එතකොට ණය මුදලෙන් ඒ ගෙවන ගාණ අඩු වෙනවා. ඒ විදිහට ගෙවන්නේ නැතුව හැම මාසෙම පොළිය විතරක් ගෙව්වොත් ඔබට වෙන්නේ හැම මාසෙම පොළී ගෙව ගෙව ඉන්න. මොකද ඔබේ ණය මුදල එහෙම්ම තියෙන නිසා.

Speed draft leasing ක්‍රමයේ වාසිය මොකක්ද?

ඔබ normal ලීස් එකක් දැම්මොත් ඒක fixed එකක්. හිතන්නකෝ ඔබ normal ලීස් එකක් දානවා. ඊට පස්සේ සතියකින් විතර ලීසිං company එකට ගිහින් මුදල් සේරම ගෙවලා ලීස් එක close කරන්න ඕන කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔබ එහෙම ඇහුවා කියලා හිතන්න. ඒත් ඔබට එහෙම කරන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක fixed එකක්. ඒක දැම්මට පස්සේ වෙනස් කරන්න බැහැ. අද ලීස් එක දාලා හෙට ගෙවන්න හැදුවත් ඒ නියමිත මුදල නියමිත කාලය්දී තමයි ගෙවන්න ඕනේ.

හැබැයි speed draft එකේදී වෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. එතනදි ඔවුන් ගන්නේ මාසික පොළිය විතරයි. අපි කලින් කියපු විදිහට normal ලීස් එකේදී ඔබ කරන්න ගිය දේ speed draft එකේදී කළා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ, ඔබ speed draft ක්‍රමයට ලීස් එක දාලා, සතියකින් විතර ලීස් එක ගෙවලා ඉවර කරන්න හදනවා කියලා හිතන්න. එතනදි ලීසිං company එක ගන්නේ, මාසික පොළිය සහ ණය මුදල විතරයි. මේක තමයි මේ speed draft කියන ලීසිං ක්‍රමයේ තියෙන වාසිය.

හැබැයි ඉතින් මේ කියපු කාරණාත් එක්ක බලනකොට, speed draft ලීසිං ක්‍රමය හොඳටම set වෙන්නේ නිතර නිතර අතේ සල්ලි ගැවසෙන අයට විතරයි. මොකද එතකොට පුළුවන් එක පාර ලීස් එක ගෙවලා ඉවර කරලා ඒක close කරන්න.

Normal ලීසිං පහසුකමක් ලබා ගන්නවට වඩා නම් ගොඩක් ඉක්මණින් සහ ලේසියෙන් මේ මූල්‍ය පහසුකම ලබා ගන්න පුළුවන්. තේරුම් ගන්නත් හරිම පහසුයි.

Speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළාට කමක් නැද්ද?

මේ ක්‍රමයට වාහනයක් ලීස් කරන්න යනකොට ඔබ මුලින්ම බලන්න ඕන දේ තමයි, ඔබ ගන්න ලීස් එක ඉක්මණින් ගෙවලා ඉවර කරන්න පුළුවන්ද කියන එක. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් විතරක් speed draft එකක් දාන්න. එහෙම නැති වුණොත් නම් ඒක ඔබට ලොකු පාඩුවක් වෙනවා. මොකද ඔබට ගෙවන්න පුළුවන් වෙන්නේ මාසික පොළිය විතරයිනේ. එතකොට ණය මුදල සතයක්වත් අඩු නොවී පොළීම ගෙවන්න වෙනවා.

ඔබ වාහනය ගන්නේ business වැඩකට නම්, නැත්නම් අතේ සල්ලි තියෙනවා නම් ඔබට match වෙන්නේ speed draft ලීසිං ක්‍රමය තමයි. හැබැයි ඔබ වාහනය ගන්නේ ගෙදර පාවිච්චියට නම්, නැත්නම් ගෙවාගන්න අමාරුයි වගේ හිතෙනවා නම් speed draft එකක් දාන එක නම් නුවණට හුරු දෙයක් නෙවෙයි.

මේ තමයි speed draft ලීසිං ක්‍රමයේ හරිම විස්තරේ. ලීස් එක දාන්න කලින් දෙතුන් පාරක් හිතලා බලන්න, ඔබට මේ ලීස් එක set ද නැත්ද කියලා. මොකද කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව, හොයන්නේ බලන්නේ නැතුව මේ ලීස් එක දාලා ගෙවා ගන්න බැරි වුණොත් අනාත වෙන්නෙත් ඔබමයි. ඒ නිසා, speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළාට කමක් නැහැ, හැබැයි හොඳට හිතලා මතලා, හොයලා බලලා ලීස් එක දාන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mitsubishi Montero GLS Diesel 2015 for Sale

Mitsubishi Montero GLS Diesel 2015

125,000 km, Colombo
verified MEMBER
Rs 33,500,000
2 weeks ago
Honda Civic FD3 2011 for Sale

Honda Civic FD3 2011

86,799 km, Colombo
MEMBER
Rs 8,500,000
1 week ago
BMW X1 2019 for Sale

BMW X1 2019

80,000 km, Colombo
MEMBER
Rs 22,000,000
1 month ago
Toyota CHR NGX 10 GT Turbo 2018 for Sale

Toyota CHR NGX 10 GT Turbo 2018

60,000 km, Colombo
MEMBER
Rs 13,790,000
2 days ago
Toyota Aqua G Grade 2012 for Sale

Toyota Aqua G Grade 2012

164,000 km, Colombo
MEMBER
Rs 7,375,000
1 week ago
Auto Parts for saleikman logo
Audi A1 Headlights for Sale

Audi A1 Headlights

verified MEMBER
verified
Rs 12,500
1 day ago
Axor Helmet Xbhp Limited Edition for Sale

Axor Helmet Xbhp Limited Edition

MEMBER
Rs 27,500
49 minutes ago
Honda Wheel Set Size 16' for Sale

Honda Wheel Set Size 16'

MEMBER
Rs 55,000
1 hour ago
Mitshubshi montero sport rear buffer for Sale

Mitshubshi montero sport rear buffer

verified MEMBER
verified
Rs 27,000
1 hour ago
Mahindra Bolero Brake Pads for Sale

Mahindra Bolero Brake Pads

verified MEMBER
verified
Rs 3,250
2 weeks ago
+ Post an ad on ikman