වාහනයේ Paint එක ආරක්ෂා කරගන්නේ කොහොමද?

20 Jun, 2023   
වාහනයේ Paint  එක ආරක්ෂා කරගන්නේ කොහොමද?

මතකද අලුතෙන්ම වාහනේ ගත්තු දවස? කිරි කොකා වගේ බැබළි බැබළි හිටියෙ. ඒ දවස් වල නම් සීරීමක්වත් වෙන්න දුන්නෑ. ඇයි ඉතින් හැමෝම බලන්නෙ අලුත් වාහනේ දිහානෙ. හැබැයි කාලයක් ගත වෙද්දි, වාහනේ අලුත්ද පරණද කියලා දැක්ක ගමන් කියන්න පුළුවන්. මොකද පොඩි පොඩි සීරීම් වගේ දේවල් ඇති වෙලා, paint එකේ shine ගතියත් අඩු වෙන නිසා. ඒත් වාහනේ ගත්තු දවසෙ වගේම, අලුත් පෙනුමට තියාගන්න ඔබට පුළුවන්. ඒකට වාහනේ paint එක ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා අද අපි CarsGuide තුළින් ඔබට කියනවා.

Paint protection films භාවිතා කරන්න

වාහනේ paint එක ආරක්ෂා කරගන්න, ගුණාත්මක කල් තබාගන්නා film එකක් යෙදීම ලාභදායී විකල්පයක් නොවුණත්, වාහනයේ paint එක සීරීම්, ගල් කැබලි වලින් හානි වීමෙන් හෝ UV කිරණ වලින් අඳුරු වීමෙන් ආරක්ෂා කරගැනීමට ඵලදායී වෙනවා. වෘත්තිකයෙක් අවශ්‍ය වන මේ ක්‍රමය මඟින් වාහනයේ ඉදිරිපස හෝ මුළු වාහනේම හෝ ඔබ කැමති ප්‍රමාණයට පැහැදිලි plastic film එකක් යොදන්න පුළුවන්. හැබැයි මේක සම්පූර්ණ විසඳුමකුත් නෙවෙයි, අසම්පූර්ණ විසඳුමකුත් නෙවෙයි. කාලයත් එක්ක මේ plastic film එක මත දෘශ්‍ය සීරීම් ගොඩනැගෙනවා. ඒ නිසා මේ paint protection එක නැවත යෙදීමට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒක ඕනෑම DIY හෝ professional spray product වලට වඩා දිගු කාලයක් පවතිනවා.

Wax කරන්න

වාහනය සේදීමෙන් පසු එය wax කිරීමෙන් වාහනයේ topcoat එක seal කර කුඩා paint protection එකක් ලබාදෙනවා. මෙයින් සැලකිය යුතු තරම් ආරක්ෂාවක් නොලැබුණත්, යම් ආරක්ෂාවක් ලැබෙන අතර අඩු ගාණකට නිවසේදීම පහසුවෙන් කළ හැකි විකල්පයක් වෙනවා. වාහනය polish කිරීමෙන් නැති වුණු දිලිසෙන බව නැවත ලබාගන්න පුළුවන්. මේ දෙකම එකට භාවිතා කළ විට, සුන්දර ප්‍රතිඵල ඔබට ලබාදෙනවා.
Paint sealant යෙදීම තවත් විකල්පයක්. නමුත් සමහර treatment, dry වෙන්න ටික වෙලාවක් ගත වෙනවා. භාවිතා කරන brand එක අනුව ටික වෙලාවක් යන්න පුළුවන්. ඒ නිසා එය dry වන අතරතුර වාහනය store කිරීමට හොඳ weather එකක්, garage එකක් හොයාගන්න ඔබට පුළුවන්.

Dry කරන්න අමතක කරන්න එපා

වාහනේ ස්වභාවිකව dry වෙන්නෑ. ඒ නිසා වාහනේ සේදීමෙන් පසු dry කරන්න අමතක කරන්න එපා. මොකද ඒක තමයි වාහනයේ paint එකට වැඩිපුරම හානි කරන්නෙ. ඉතින් වාහනය dry නොකිරීමෙන් වෙන්නෙ, ඔබේ මහන්සිය ගඟට කපපු ඉනි වගේ අපතේ යන එක. ඒ නිසා වාහනය සේදීමෙන් පසු එහි තිබෙන වතුර අවශෝෂණය කර වාහනය හොඳින් dry කිරීමට microfiber towel එකක් හෝ weave drying towel එකක් භාවිතා කරන්න.

Cover කරන්න

වාහනයේ paint එක හානි වෙන්න හේතුව, සීරීම් විතරක්ම නෙවෙයි. අහිතකර හිරු කිරණ, කුරුලු මළ සහ ගස් යුෂ දක්වා සෑම දෙයක්මත්, නොසැලකිලිමත් ලෙස ගමන් කරන්නන් විසින් සිදු කරන හානියත් මේ සඳහා හේතු වෙනවා. මේ දේවල් වලින් වාහනයට ආරක්ෂාව ලබා ගැනීමට සහ paint එකේ ආයු කාලය දීර්ඝ කරගන්න එක ක්‍රමයක් තමයි වාහනය ආවරණය කිරීම. මේක ඔබේ වාහනයේ second layer එකක් ලෙස ක්‍රියා කරනවා. ඒ මඟින් කුරුලු මළ වල සහ ගස් යුෂ වල ඇති අම්ලයෙන් වාහනය ආරක්ෂාකාරීව තබාගැනීමට සහ වාහනයේ body එක ආරක්ෂා කිරීමට අවශ්‍ය අනෙකුත් පියවර ගණන අඩු කරනවා.
වාහනේ park කරන්නෙ කොහෙද?

පිට තැනක වාහනය park කරනකොට එය ආවරණය කරන්න බැහැ. ඉතින් ඒ වගේ අවස්ථා වලදි දෙපාරක් හිතලා තමයි වාහනය park කරන්න ඕනෙ. ඒ නිසා හොඳින් ආලෝකය ඇති ජනාකීර්ණ ප්‍රදේශයක් තෝරා ගැනීමෙන් වාහනයේ paint එකට වන හානිය අවම කරගන්න පුළුවන්.

අද අපි කියපු විදියට, වාහනේ paint එක ආරක්ෂා කරගන්න අමතක කරන්න එපා. එතකොට, හැම දවසක්ම වාහනේ ගත්තු පළවෙනි දවස කරගන්න ඔබට පුළුවන්

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Custom Z ZX 2025 for Sale

Suzuki Wagon R Custom Z ZX 2025

0 km, Gampaha
verified MEMBER
Rs 10,300,000
1 week ago
Toyota Raize Z Black Top 4 Way 2024 for Sale

Toyota Raize Z Black Top 4 Way 2024

15,000 km, Colombo
verified MEMBER
verified
Rs 14,950,000
3 minutes ago
Toyota Aqua G grade 2017 for Sale

Toyota Aqua G grade 2017

40,898 km, Kandy
MEMBER
Rs 11,450,000
3 minutes ago
Honda CRV 1997 for Sale

Honda CRV 1997

204,287 km, Colombo
verified MEMBER
verified
Rs 5,495,000
4 minutes ago
Nissan March 2002 for Sale

Nissan March 2002

180,000 km, Kalutara
MEMBER
Rs 3,700,000
6 minutes ago
Auto Parts for saleikman logo
Nissan Caravan E24 Brake Booster for Sale

Nissan Caravan E24 Brake Booster

verified MEMBER
Rs 45,000
2 weeks ago
VEZEL 2025 NAKAMICHI 5510 ANDROID for Sale

VEZEL 2025 NAKAMICHI 5510 ANDROID

verified MEMBER
Rs 60,000
4 days ago
Toyota Premio Car Audio Setup for Sale

Toyota Premio Car Audio Setup

MEMBER
Rs 9,000
35 minutes ago
Vehicle speakers with wood box for Sale

Vehicle speakers with wood box

MEMBER
Rs 12,000
40 minutes ago
+ Post an ad on ikman