Leasing වාරිකයක් ලේසියෙන්ම හදාගන්නේ මෙහෙමයි

20 May, 2024   
Leasing වාරිකයක් ලේසියෙන්ම හදාගන්නේ මෙහෙමයි

මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම හීනය මොකක්ද? අපි හැමෝටම විවිධ හීන තියෙනවා.

මේ හීන අතරින් ගොඩක් දෙනෙක්ට තියෙන හීනයක් තමයි වාහනයක් කියලා කියන්නේ.
හැබැයි අද කාලේ හැටියට වාහන හීනය සැබෑ කරගන්න එක ටිකක් අමාරුයි. ඒ වුණත් අපි ණය වෙලා හරි අපේ හීන සැබෑ කරගන්න පෙළඹෙනවා. මෙතනදී වාහනයක් ගන්නකොට ගොඩක් දෙනෙක් භාවිතා කරන ක්‍රමයක් තමයි leasing කරලා වාහනයක් ගන්න එක. ඒ නිසාම CarsGuide අපි හිතුවා leasing වාරිකයක් ලේසියෙන්ම හදාගන්න විදිහ ගැන ඔබව දැනුවත් කරන්න.

Leasing වාරිකය හදමු

අපි දැන් බලමු කොහොමද leasing වාරිකයක් හදාගන්නේ කියලා.
මෙතනදී මුලින්ම කරන්න ඕනේ දේ තමයි අදාළ මූල්‍ය ආයතනයෙන් පොළී අනුපාතය අහගන්න එක. මේ විදිහට පොලී අනුපාතය අහන එක ඔයාගේ අයිතියක් නිසා සමාගම විසින් කිසිම ප්‍රශ්න නැතුව ඔබට පිළිතුරු දෙන්න බැඳිලා ඉන්නවා.
දැන් අපි බලමු කොහොමද වාරිකය හදන්නේ කියලා. උදාහරණයක් විදිහට ලක්ෂ 5ක මුදලක් ගන්නවා. මෙතනදී ලීසිං එක ගන්න අවුරුදු ගාන සහ ආයතනයේ පොළී අනුපාතය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.

මේ වෙනකොට වාරික හදන්න පුළුවන් apps සහ online sites ඕනේ තරම් තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ලීසිං එකේ ප්‍රමාණය, අවුරුදු ගණන සහ පොළී අනුපාතය ඇතුළත් කරලා ලීසිං වාරිකය පිළිබඳව හොඳ අදහසක් ලබා ගන්න.

Leasing සමාගමක් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

– ලීසිං ආයතනය ගැන අතීත තොරතුරු හොයලා බලන්න
– මහ බැංකුවේ ලියාපදිංචි කළ ආයතනයක් බව තහවුරු කරගන්න
– පොලී අනුපාතය ගැන සැළකිලිමත් වෙන්න
– අමතර ගාස්තු හා සැඟවුණු ගාස්තු ඇත්දැයි බලන්න
– කල්බදු පනත යටතේ ලියාපදිංචි සමාගමක්ද යන්න තහවුරු කරගන්න

මෝටර් රථයක් ලීසිං කිරීමේ වාසි

– සම්පූර්ණ මුදල නොගෙවා වාහනය භාවිතා කිරීමට ලැබීම
– ඉක්මනින්ම අලුත් වාහනයකට මාරු වීමේ හැකියාව
– අදායමට match වෙන විදිහේ හොඳ මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාව

මෝටර් රථයක් ලීසිං කිරීමේ අවාසි

– ස්ථිර ආදායම් මාර්ගයක් නැත්නම් ලීසිං සමාගමක් හරහා ඔබට මෝටර් රථයක් ලීසිං කිරීමට අවසර හිමි වෙන්නේ නැහැ
– Gap insurance එකක් ගන්න වෙනවා
– මෝටර් රථයේ modifications සීමා වෙනවා
– අඛණ්ඩව වාරිකය ගෙවන්න ඕනේ
– වාහනයේ net price එකට අමතරව මුදලක් ගෙවීමට සිදු වෙනවා

ගෙවීම් පැහැර හරිනලද වාහනයක් ‍සිය භාරයට ගැනීමට ලීසිං ආයතනයට පවතින හැකියාව

කල්බදු ලබාගත් අය දිගින් දිගටම අදාළ වාරික ගෙවීම පැහැරහැර තිබුණත් ලීසිං ආයතනයකට එක වර එම වාහනය අත්පත්කර ගැනීමට නීතිමය අවසරයක් නැහැ.
නමුත් වාහනයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව පියවර කිහිපයක් අනුගමනය කළ යුතු බව කල්බදු මූල්‍යකරණ පනතෙ දැක්වෙනවා.

කල්බදු ලබා ගෙන වාරික ගෙවීමට අපොහොසත්ව ඇති එවැනි වාහනයක් මාර්ගයේ ගමන් කරමින් තිබියදී මඟහරස්කොට හෝ වෙන යම් අවස්ථාවක දී හෝ අපහසුතාවට පත්කොට, බියවද්දා ලබා ගැනීමේ හැකියාව පනත මඟින් ලීසිං ආයතන වෙත ලබා දී නැහැ.

ඉතින් මේ විදිහට තමයි ලීසිං සමාගමක් වාරිකය හදන්නේ. නමුත් මෙතනදී සමහර ආයතන සැඟවුණු ගාස්තු වගේ දේවල් එකතු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව සැළකිලිමත් වෙන්නත් අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X5 Xdrive 40 E M-Sport 2016 for Sale

BMW X5 Xdrive 40 E M-Sport 2016

84,000 km, Colombo
MEMBER
Rs 27,500,000
1 week ago
BMW X1 M Sport 2018 for Sale

BMW X1 M Sport 2018

83,000 km, Colombo
MEMBER
Rs 18,500,000
3 minutes ago
Nissan Sunny FB14 Ex Saloon 1997 for Sale

Nissan Sunny FB14 Ex Saloon 1997

167,000 km, Colombo
MEMBER
Rs 3,400,000
3 minutes ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
Land Rover Defender P300 Straight Petrol 2025 for Sale

Land Rover Defender P300 Straight Petrol 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 82,500,000
27 minutes ago
+ Post an ad on ikman