රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ කොහොමද?

24 Jan, 2024   
රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ කොහොමද?

රක්ෂණයක් කියන්නේ ආවරණයක්. රක්ෂණය වෙන කෙනා අනුව තමයි රක්ෂණය ආවරණය වෙන්නේ. ඉතින් අද වෙනකොට වාහන භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අනතුරු සිදු වෙන්න තියෙන අවධානම වැඩියි. මේ හේතූන් නිසා වාහනයක් මහා මාර්ගයේ ධාවනය කරන්න නම් අනිවාර්යයෙන්ම, වාහනය රක්ෂණය කරලා තියෙන්නම ඕනේ. ඒත් සමහර අවස්ථා වලදී රක්ෂණ සමාගම් විසින් වාහනයක් අනතුරට ලක් වුණාම වන්දි ලබා දීම මඟ හරිනවා. ඉතින් ඒ නිසා CarsGuide අපි අද කියන්නේ රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා.

රක්ෂණයක නීතිමය පැතිකඩ

යම් රක්ෂණ ආවරණයක්, රක්ෂණය වන පුද්ගලයා සහ රක්ෂණය වන ප්‍රමාණය අනුව එහි ප්‍රතිලාභ තීරණය වෙනවා. වාහනයක් සම්පූර්ණයෙන්ම රක්ෂණය කළ පසු එයින් ලැබෙන වන්දිය සහ එහි වගකීම පැවරෙන්නේ පූර්ණ රක්ෂණය කළ පුද්ගලයාට සහ රක්ෂණය ආයතනයටයි. ඒ වගේම තුන්වෙනි පාර්ශ්වයකට අනතුරක් සිදු වුණොත් රක්ෂණය ලබන්න සුදුසු ආකාරයෙන්ද ඒ අනතුර සිදු වෙලා තියෙන්නේ කියන දේත් වැදගත් වෙනවා.

බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම

බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම මඟින් රක්ෂණ වන්දිය අහිමි වෙනවා. මොකද වාහන බලපත්‍රයක් ගන්න පුළුවන් අවුරුදු 18 දී. ඉතින් ඊට වඩා වයසින් අඩු අයට රක්ෂණ වන්දියක් හිමි වෙන්නේ නැහැ. රක්ෂණ වන්දියක් ලබා ගන්න නම් ඔයා අවුරුදු 18ට වැඩි රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයෙක් වෙන්න ඕනේ.

බීමත්ව රිය පැදවීම

බීමත්ව රිය පදවා සිදුවන අනතුරකදී තුන්වන පාර්ශවයට වන්දි ගෙවීමට රක්ෂණ සමාගම බැඳී සිටින බවට අධිකරණය තීරණය කරනවා. රක්ෂණ ගිවිසුම් වල රියදුරු බීමත්ව සිටියේ නම් වන්දි ලබා නොදෙන ලෙසට කොන්දේසියක් ඇතුළත් කර තිබෙනවා.

රක්ෂණය කල් පැනතිබීම

තවත් හේතුවක් විදිහට ඔයාගේ රක්ෂණය කල් ඉකුත් වී තිබීම හේතුවෙනුත් රක්ෂණ වන්දිය අහිමි වෙන්න පුළුවන්. ඔයා රක්ෂණයක් නැතුව වාහනයක් අරන් යනවා කියන්නෙම එකෙන් සමාජයට ලොකු අපරාධයක් කරනවා කියන එක. මොකද අපි අනතුරට පත් වෙනවා හා සමානව තුන්වන පාර්ශවයක් අනතුරට පත් වුණොත් ඒකෙන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය පැදවීම

වාහනය drive කරන හැම වෙලාවකම ඔයා ගාව රියදුරු බලපත්‍රය තියෙන්න ඕනේ. කිසිම පුද්ගලයෙක්ට රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය drive කරන්න බැහැ. වාහනයක් නීතිමය විදිහට drive කරන්න නම් රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ. රියදුරු බලපත්‍රයක් නැතුව වාහනය drive කරන එක නීතියෙන් දඩුවම් ලබන්න පුළුවන් වැරද්දක්. ඉතින් මෙන්න මේ රියදුරු බලපත්‍රය කියන දේ clam එකක් ගද්දිත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා රියදුරු බලපත්‍රයක් නැතුව වාහනය drive කළොත් ඔයාගේ calm එක අහිමි වෙනවා.

ආදායම් බලපත්‍රයක් නොමැති වීම

වාහනයක් drive කරනකොට තියෙන්නම ඕනේ ලියකියවිලි ගැන කියනවා නම් ඒ අතර ප්‍රධාන දෙයක් තමයි වාහන ආදායම් බලපත්‍රය. තමන් ඉන්න පළාතට අනුව පළාතේ මෝටර් රථ වාහන පළාත් කොමසාරිස් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් නිකුත් කරන වලංගු ආදායම් බලපත්‍රයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව වාහනයක් කිසිම කෙනෙක්ට පළාත තුල භාවිතා කිරීම හෝ ළග තබා ගැනීම කරන්න බැහැ. ඒ පළාතට වලංගු වාහන ආදායම් බලපත්‍රයක් තියෙන්න ඕනෙ.

මේ දේවල් තමයි රක්ෂණ වන්දිය අහිමි වෙන්නේ හේතු. ඉතින් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඒ අවශ්‍ය ලියකිවිලි තමන් ළඟ තියාගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux 2016 for Sale

Toyota Hilux 2016

71,766 km, Colombo
MEMBER
Rs 18,500,000
4 days ago
Toyota Vitz SCP90 2007 for Sale

Toyota Vitz SCP90 2007

140,000 km, Galle
MEMBER
Rs 5,650,000
7 minutes ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
Hyundai Stellar 1989 for Sale

Hyundai Stellar 1989

175,000 km, Galle
MEMBER
Rs 775,000
21 minutes ago
Toyota CHR Turbo 2018 for Sale

Toyota CHR Turbo 2018

72,000 km, Colombo
MEMBER
Rs 13,750,000
28 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
3 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
4 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
4 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
4 hours ago
+ Post an ad on ikman