වාහනයක් ගත්තා වගේ නම් අපි ඒ වාහනය හොඳට පිරිසිදුව බලාගන්නත් ඕනේ. වාහනයක් දකින කෙනාට ප්‍රියමනාප වෙන්න නම් අනිවාර්යෙන්ම හෝදලා පිරිසිදු කරන්න ඕනේ. හැබැයි ඉතින් මේ දවස් වල තියෙන තත්වෙත් එක්ක car wash එකකට දාලා වාහනය හෝදන එක නම් ටිකක් වියදම් යන වැඩක්. ඒ නිසාම CarsGuide තුළින් අපි ඔබට කියන්න යන්නේ කොහොමද හරියටම වාහනයක් හෝදන්නේ කියලා.
මෝටර් රථයක් හෝදන්න අවශ්‍ය දේවල්
- Hose එකක් හෝ pressure washer එකක්
- Car wash soap හෝ wash wax
- Sponge එකක්
- රෙදි කැබලි
- Car polish
කොහොමද හෝදන්නේ
- මුලින්ම hose එක හෝ pressure washer එක භාවිතා කරලා වාහනයේ පිටත හොඳින් හෝදාගන්න.
- දැන් car wash soap හෝ wash wax භාවිතා කරමින් ඉහළ සිට පහළට car එක පිරිසිදු කරන්න.
- අදාළ ප්‍රදේශය සබන් යොදා පිරිසිදු කළ වාහම වතුරින් සෝදන්න අමතක කරන්න එපා. මොකද එතකොට සබන් සලකුණු වාහනයේ ඉතුරු වෙන්නේ නැහැ.
- අනිත් දේ තමයි වතුර වෙළෙනකොටත් වතුර සලකුණු වාහනයේ ඉතුරු වෙන්න පුලුවන් නිසා සෝදා ඉවර වෙන කොටස් ඒ මොහොතේම පිසදමන්න.
- වාහනයේ පිටත ඇති ජලය වියළුණු පසු ඔබට පුලුවන් වාහනයේ දොරවල් පිරිසිදු කරන්න. මේ සඳහා තෙත රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
- අවසාන වශයෙන් රෝද පිරිසිදු කරන්න. රෝද පිරිසිදු කිරීමට තෙත් රෙදි, බුරුසුවක් හෝ ස්පොන්ජියක් භාවිතා කරන්න.
දන අපි වාහනය හෝදලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ Car polish apply කරන්න.
මෝටර් රථය පිරිසිදු කළ පසු පිටතින් wax කිරීම හෝ car polish භාවිතා කිරීම එයට වඩාත් හොඳ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා.මේ විදියට තමයි නිවසේදී තමන්ගේ වාහනය හරියටම සෝදාගන්නේ. වාහනයක් සෝදා පිරිසිදු කරන්න නියමිත කාල සීමාවක් නම් නැහැ. ඔබට අවශ්‍ය වූ විටෙක වාහනය පිරිසිදු කරන්න පුලුවන්.