හරිම Insurance එකක් තෝරාගන්නේ කොහොමද?

07 Jun, 2023   
හරිම Insurance එකක් තෝරාගන්නේ කොහොමද?

ඕනම කෙනෙක් වාහනයක් මිලදී ගන්නකොට insurance කරන්න අමතක කරන්නේ නැහැ. හැබැයි insurance එකක් අපිට කරන්නන් වාලේ කරන්න බැහැ. මොකද insurance එකක් කරන්න කලින් ගොඩක් දේවල් හිතන්න තියෙනවා. ඒ නිසාම අද කියන්න යන්නේ තමන්ගේ වාහනයට ගැළපෙන හරිම insurance එකක් තෝරාගන්නේ කොහොමද කියලා.

Third Party ද Full Insurance ද

Insurance එකක් ගන්න කලින් මුලින්ම හිතන්න ඕනේ තමන්ට අවශ්‍ය වෙන්නේ third party insurance එකක්ද, full insurance එකක්ද කියලා. සාමාන්‍යයෙන් third party insuranceඑකකට ගෙවන්න වෙන වාර්ෂික මුදල අනෙක් ඒවාට සාපේක්ෂව අඩුයි. හැබැයි third party රක්ෂණ ආයතනය විසින් ගෙවන්නේ ඔයාගේ වාහනය නිසා වෙනත් කෙනෙකුට හෝ ඔහුට අයත් දේපලකට වන හානි වලට විතරයි.හැබැයි full insurance එකක් ගොඩක් වටිනවා. මොකද ඒකෙ ඔයාගේ වාහනේ වගේම අනෙක් පුද්ගලයින්ටත් රක්ෂණයක් හිමි වෙනවා.

වාහනේ භාවිතය

කෙනෙක්ට වාහනයක් ගන්න විවිධ හේතු තියෙනවා. පුද්ගලික භාවිතයට, හයර් යන්න, rent එකෙට දෙන්න එහෙමත් නැත්නම් ලර්නස් එකක් කරන්න වගේ විවිධ හේතු නිසා පුද්ගලයින් වාහන මිලදී ගන්නවා. ඉතින් ඒ නිසා ඔයා වාහනය භාවිතා කරන විදිය අනුව වාහනය insurance කරන්න මතක කරන්න එපා. මොකද එතකොට විතරයි ඔයාට පුලුවන් වාහනයට අනතුරක් වුණොත් අනතුරට සරිලන වන්දිය ලබා ගන්න.

වටිනාකම ගැන හිතන්න

වාහනයේ වටිනාකම අනුව ඔයාට ගෙවන්න වෙන්න insurance වාරිකය විවිධ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. ටිකක් හොයලා බැලුවොත් ඉතා අඩු මුදලකට ලබා ගන්න පුලුවන් insurance ඕනේ තරම් ලංකාවේ තියෙනවා. නමුත් මිල අඩු වුණා කියලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව insurance එක දාන්න යන්න එපා. ඒ වගේම තමයි මිල වැඩි වූ පළියට ඒක හොඳම insurance company එකක් කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා ගෙවන මුදලට වැඩිම සේවාවක් සහ ගැලපෙන ආවරණ ප්‍රමාණයක් ලබාදෙන ආයතනයක් තෝරාගන්න සැලකිලිමත් වෙන්න.

ක්‍රියාත්මක වෙන විදිය

Insurance එකක් ගන්නකොට ඔයා හිතන්න ඕනේ තව දෙයක් තමයි අනතුරකදී ඔයාගේ රක්ෂණ ආයතනය ක්‍රියාත්මක වෙන විදිය ගැන. විශේෂයෙන්ම සහය සපයන ආකාරය, වන්දි ලබාදෙන හැටි, වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියේ ඇති පහසුව සහ ගතවෙන කාලය වගේ දේවල් ගැනහොඳින් දැනුවත් වෙන්න ඕනේ. මේ ගැන ආයතනයෙන් අහලා විතරක් මදි. එම ආයතනයෙන් රක්ෂණාවරණයක් දාපු ඔයාගේ යාලුවන්ගෙන් තොරතුරු ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

සැඟවුණු කොන්දේසි

කවුරු මොන කතා කිව්වත් අනිත් හැම දෙයකටම වගේම insurance company වලටත් විවිධ කොන්දේසි තියෙනවා.ඒ නිසා ඔයා insurance එකක් ගන්න යනවා නම් අනිවාර්යෙන්ම ආයතනයත් එක්ක කතා කරලා කොන්දේසි ගැන දැනුවත් වෙන්න ඕනේ.

මේ දේවල් තමයි හරිම insurance එකක් තෝරගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. එතකොට ඔයාට පුලුවන් ගෙව්ව ගානට හොඳ වටිනාකමක් වගේම ආරක්ෂාවක් ලබා ගන්න.

Similar Advices



2 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray 2017 for Sale

Suzuki Wagon R Stingray 2017

83,850 km, Gampaha
MEMBER
Rs 6,600,000
1 week ago
Suzuki Wagon R FZ 2017 for Sale

Suzuki Wagon R FZ 2017

90,000 km, Kurunegala
verified MEMBER
Rs 5,875,000
2 seconds ago
Toyota Vitz 2015 for Sale

Toyota Vitz 2015

110,778 km, Colombo
MEMBER
Rs 7,354,000
48 seconds ago
Toyota Corolla 1990 for Sale

Toyota Corolla 1990

150,000 km, Batticaloa
MEMBER
Rs 1,950,000
2 days ago
Toyota Land Cruiser Sahara V8 2015 for Sale

Toyota Land Cruiser Sahara V8 2015

102,500 km, Colombo
verified MEMBER
Rs 71,500,000
2 weeks ago
Auto Parts for saleikman logo
Toyota 0w20 engine oil 4l for Sale

Toyota 0w20 engine oil 4l

verified MEMBER
verified
Rs 13,900
2 weeks ago
Wagon R MH55S Side Mirror Glass for Sale

Wagon R MH55S Side Mirror Glass

verified MEMBER
verified
Rs 8,500
11 seconds ago
Suzuki k10c engine crank oil seal set for Sale

Suzuki k10c engine crank oil seal set

verified MEMBER
verified
Rs 5,500
14 seconds ago
+ Post an ad on ikman