වාහනයේ පොත එක දවසින් වෙනස් කර ගන්නේ මෙහෙමයි

04 Oct, 2023   
වාහනයේ පොත එක දවසින් වෙනස් කර ගන්නේ මෙහෙමයි

වාහනයක පොත කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. හැබැයි පොතේ මොනවා හරි වැරැද්දක් තිබුණොත්, ඒකෙනුත් ප්‍රශ්නේ ඔබටමයි. ඒ නිසා, පොතේ වැරදි තියෙනවද කියලා බලලා, ඒක වෙනස් කර ගන්න එක ගොඩක් වැදගත්. ඉතින් CarsGuide අපි හිතුවා අද ඔබට ඒ ගැන කියන්න.

වාහනය විකුණනවාද?

ඔබ ළඟ තියෙන වාහනය විකුණනකොට, මුලින්ම පොතේ වැරදි තියෙනවා නම්, ඒ වැරදි නිවැරදි කර ගන්න ඕනේ. රක්ෂණ සහතික, ආදායම් බලපත්‍රය වගේම, ලීසිං පහසුකමක් ලබාගෙන එය ගෙවා අවසන් කර ඇත්නම්, ඒ බව සහතික කළ ලිපිය සහ හිමිකම් පැවරීමේ සහතිකය කියන සියලුම දේවල් රැස් කරගෙන, ඒවායේ නිවැරදිභාවය සහ වලංගුභාවය පරීක්ෂා කරලා, සූදානම් කර ගන්න.

ඔබට වාහනයේ හිමිකම් පැවරීම සම්බන්ධව ගැටළු තියෙනවා නම්, රජයේ නිල සහාය දුරකථන අංකය වන 1919 වෙත අමතා සහය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්නත් පුළුවන්.

වාහනයේ පොත වෙනස් කර ගන්නේ කොහොමද?

අපි දැන් බලමු, කොහොමද වාහනයේ පොත හරියටම වෙනස් කර ගන්නේ කියලා.
වාහනයක පොත කියන්නේ, වාහනයක ලියාපදිංචි සහතිකයට. හැබැයි ඔබ බලන්න ඕනේ, ඔබ ළඟ තියෙන පොතේ වැරදි තියෙනවද කියලා. විශේෂයෙන්ම පොතේ තියෙන වැරදි නිසා ඔබට, ළඟ තියෙන වාහනය විකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් දෙන්න ඕනේ.

වාහනයේ පොතේ, ඔබේ නම හරියටම print වෙලා තියෙනවද කියලා බලන්න. සමහර විට, ඒක වැරදි නම්, ඔබට පොතේ තියෙන නම වෙනස් කරන්න ඕන වෙන්න පුළුවන්. හැබැයි ඔබ ළඟ තියෙන්නේ, ලීස් කරපු වාහනයක් නම්, වාහනයේ පොත ඔබ ළඟ නැහැ. ඒත් ලීසිං සමාගම විසින් දුන්නු පොතේ copy එක ඔබ ළඟ තියෙනවා.

මේ copy එකත් සමඟ, ඔබේ ID එකේ copy එකක්, ලිපිනය වෙනස් නම්, එම ස්ථානයේ පදිංචි වීම සහතික කර, නම වෙනස් කිරීමක් සිදු කිරීමට දිවුරුම් පෙත්සමක් සහ උප්පැන්න සහතිකය කියන ලිකියවිලිත් අරගෙන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න. එතනදි form එකක් පුරවන්න ඕනේ.

ඊට පස්සේ මේ ඔක්කොම ලියකියවිලි counter එකට භාර දෙන්න. එතනින් ඔබට receipt එකක් ලැබෙනවා. ඒකත් අරගෙන, දෙපාර්තමේන්තුවේම තියෙන බැංකුවට ගිහින් මුදල් භාර දෙන්න. මේකට පොඩි ගාණක් තමයි වියදම් වෙන්නේ. Bank receipt එක, ලිකියවිලි දීපු counter එකටම දෙන්න. ටික වෙලාවකින් පොතේ අවශ්‍ය වෙනස්කම් සිදු කරලා පොතේ අලුත් copy එකක් ඔබට ලබා දෙනවා.

වාහනයේ Value එක වැඩි කර ගන්නේ කොහොමද?

වාහනය දැකපු ගමන් ඒක ගන්න කෙනාට ප්‍රසනන්න හැඟීමක් ඇති වෙන්න ඕනේ. එතකොට තමයි වාහනය ඉහළ මිලකට විකුණන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වාහනයේ පළුදු වීම් තියෙනවා නම්, ඒවා අලුත්වැඩියා කර ගන්න.

සම්පූර්ණ Service history එකක් තියෙනවද?

ඔබට සම්පූර්ණ service history එකක් පෙන්නුම් කරන්න ඕනෙ නම්, මෝටර් රථය හොඳින් maintain කරලා තියෙන පරණ receipt පරිස්සම් කරලා තියාගන්න එක වැදගත්. මේ මඟින් ගැනුම්කරුගේ විශ්වාසය තවත් වැඩි වෙනවා.

වාහනයක් මිලදී ගන්නවද?

ඔබ වාහනයක් මිලදී ගන්න ඉන්නවා නම්, වාහනයේ පොත ගැන අනිවාර්යයෙන් සැළකිලිමත් වෙන්න ඕනේ. පොත බලනවා කියන්නේ, වාහනයේ අයිතිකරුගේ නම, ලිපිනය, වාහනය නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වගේ දේවල් බලන එකම නෙවෙයි. මෙතනදි වාහනයේ පෙර අයිතිකරුවන් කවුද කියන එක හොඳින්ම බලන්න ඕනේ. පෙර අයිතිකරුවන් යටතේ වාහන රක්ෂණ සමාගමක නමක් තියෙනවා නම්, ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ.

මොකද සමහර රක්ෂණ සමාගම්, අනතුරු වලට පත් වුණු වාහන අරගෙන, අලුත්වැඩියා කරලා අඩු මුදලට විකුණනවා. හැබැයි මෙතනදි නිසි පරිදි අලුත්වැඩියාවක් වෙන්නෙත් නැහැ. ඒ නිසා, වාහනයේ පෙර අයිතිකරු රක්ෂණ සමාගමක් නම්, ඒ වාහනය ගන්න එක ගැන තව පාරක් හිතන්න.

චැසි අංකය වෙනස්ද?

වාහනයේ පොතේ තියෙන චැසි අංකයයි, වාහනයේ තියෙන චැසි අංකයයි එකිනෙකට වෙනස් නම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමු කරලා නිවැරදි කර ගන්න.

ඔන්න මේ විදිහට තමයි, වාහනයේ පොත හරියටම වෙනස් කර ගන්නේ. ඒ වගේම අපි මෙතනදි කිව්වා, වාහනය විකුණන විදිහ ගැන සහ වාහනයක් ඔබේ නමට පවරා ගන්නවා නම්, ඒකත් කරන්න ඕන හරිම විදිහ ගැන. මේ දේවල් මතක තියාගෙන ඒ විදිහටම කළොත්, ඔබට අමාරුවේ වැටෙන්නේ නැතුව, පොත වෙනස් කරගෙන වාහනය විකුණන්නත්, අවශ්‍ය නම් වාහනයක් ගන්නත් පුළුවන්.චැසි අංකය වෙනස්ද?

Similar Advices



3 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger Diesel Bi-Turbo 2019 for Sale

Ford Raptor Ranger Diesel Bi-Turbo 2019

72,000 km, Colombo
MEMBER
Rs 24,600,000
1 month ago
Toyota Land Cruiser Sahara Cygnus V8 2006 for Sale

Toyota Land Cruiser Sahara Cygnus V8 2006

167,000 km, Gampaha
verified MEMBER
verified
Rs 27,500,000
5 minutes ago
Honda Vezel Z 2025 for Sale

Honda Vezel Z 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 19,475,000
5 minutes ago
Honda Vezel X Hunt 2024 for Sale

Honda Vezel X Hunt 2024

1,200 km, Matara
MEMBER
Rs 17,600,000
3 weeks ago
Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesal 2025 for Sale

Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesal 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,500,000
1 week ago
Auto Parts for saleikman logo
Wagon R MH55s, MH95s Fuel Pump for Sale

Wagon R MH55s, MH95s Fuel Pump

verified MEMBER
Rs 20,000
1 hour ago
Wagon R FX 44s Tail Light for Sale

Wagon R FX 44s Tail Light

verified MEMBER
Rs 30,000
1 week ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
3 hours ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
3 hours ago
+ Post an ad on ikman