ඔබේ මෝටර් රථය රැකබලා ගන්නේ කෙසේද?

11 Dec, 2023   
ඔබේ මෝටර් රථය රැකබලා ගන්නේ කෙසේද?

ඔයාගේ වාහනය smoothly drive කරන්න වගේම ආරක්ෂිතව drive කරන්න නම් හරිම වෙලාවට service කටයුතු කරගන්න ඕනේ. එහෙම කළොත් ඔයාගේ මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්. ඔයාගේ වාහනය අලුත් වුණත් හරිම වෙලාවට service කිරීම අවශ්‍යයි. හරි වෙලාවට වාහනය service කරනවා නම් වාහනය ගත්තා වගේම අලුත් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් අද CarsGuide තුළින් කියන්නේ වාහනය රැකබලා ගන්නේ කොහොමද කියලා.

Clean කරන්න

ඔයාගේ වාහනයේ පෙනුම දීර්ඝ කාලයක් අලුත් වගේ තියාගන්න ඕනේ නම් වාහනය clean කරගන්න එක ගොඩක් වැදගත්. ගොඩක් වාහන වල ගැටලු ඇති වෙන්නේ අපිරිසිදු වීම නිසා. ඔයා අවම වශයෙන් මාසෙකට දෙපාරක්වත් වාහනය හෝදන්න ඕනේ. මේ වාහනයේ පෙනුම ගැනම කියනවා නෙමෙයි. මොකද පාරේ කුණු, දූවිලි නිසාත් වාහනය අපිරිසිදු වෙනවා. ගොඩක් කල් ගිහින් වාහනය හෝදනවට වඩා මාසෙකට දෙපාරක්වත් හෝදන එකෙන් කාලයක් යද්දී වාහනයේ වෙනස ඔයාටම දකින්න පුළුවන් වෙයි. මොකද වාහනයේ ගැටලු ඇතිවීමට විසදුමක් වෙනවා වගේම ඔයාට නැවුම් බවක් වගේම සුවපහසු බවක් ලැබෙනවා.

Wiper blades

වාහනයේ wiper blades වලට හානි වෙලාද කියලා බලන්න. ඔයා වාහනයේ wipers හොඳ තත්වයේ තියාගන්න ඕනේ. මොකද පාර පැහදිලිව පේන්න නම් අපි wipers වලින් windscreen එක clean කරනවා. එතකොට wipers වල කුණු, දූවිලි තිබ්බොත් ඒ දේ හරියට වෙන්නේ නැහැ. ඒ නිසා wipers අපිරිසිදු වෙලා නම් ඒ ගැන සැළකිලිමත් වෙන්න. අපිරිසිදු wipers නිසා ඔයාට වැස්ස වේලාවකදී වාහනය drive කිරීම අපහසුයි වගේම අනතුරකට ලක්වීමේ අවධානමත් වැඩියි. ඒ වගේම වැරදි ලෙස හදපු wipers මඟින් ඔයාගේ windshield එක සිරීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා නියමිත කාලයේදී අලුත් wipers replace කරන්න මතක තියාගන්න.

ටයර් check කරන්න

වාහනයේ ටයර් නිවැරදි පීඩනයක තියාගන්න ඕනේ. අඩු පීඩනයක් තියා ගත්තම fuel efficient කරනවා වගේම අනතුරුදායක තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ වාහනේ driver’s door එක ඇරියාම ඔයාට බලා ගන්න පුළුවන් ඉදිරිපස සහ පිටුපස ටයර් සඳහා පීඩනය සටහන් කරලා තියෙන පුවරුවක්. ඒ වගේම ටයර් වල ගැඹුර ගැනත් සැළකිලිමත් වෙන්න. හැම ටයර් එකක්ම අඩුම 1.6 mm ගැඹුරට පාගලා තියෙන්න ඕනේ. ඔයා ටයර් ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියන්නේ ටයර් වල ඉක්මනටම ආයු කාලය අඩු වෙනවා කියන එක තමයි. ඉතින් ඔයාලා දන්නවා ටයර් ගොඩක් මිල අධිකයි. ඒත් ඔයා tires නිවැරදිව බලාගන්නවා නම් සමහර ඒවා සැතපුම් 50,000 කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

Battery එක බලන්න

ඔයා නිතරම කොහේ හරි යන්න කලින් වුණත් වාහනයේ battery එක check කරන්න ඕනේ. වාහනය start කරන්න වගේම, සියලුම විදුලි පද්ධති ක්‍රියාත්මක වෙන්න battery එකෙන් බලය අවශ්‍ය වෙනවා. ඉතින් battery එක නිවැරදිව ක්‍රියා කරන්නේ නැත්නම් හා අවුරුදු 3ට වඩා පැරණි නම් නියමිත කාලයේදී battery එකක් replace කරන්න මතක තියාගන්න. ඒ වගේම වාහනය ගොඩක් කල් පාවිච්චි නොකර ඉන්නවා නම් battery ඒකෙ ආරෝපණය පවත්වා ගන්න සතියකට සැරයක් මිනිත්තු කිහිපයක් සඳහා engine එක ධාවනය කරන්න මතක තියාගන්න.

වාහනය ගස් යට නවත්තන්න එපා

ඔයා ඔයාගේ වාහනය ගහක් යට park කරනවා නම් ඒ වැටෙන කොළ වාහනයේ හිඩැස් සහ කුහර ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා වාහනයේ ගැටලු ගොඩක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම air filter එක heater system එක පවා මේ කොළ නිසා අවහිර වෙන්න පුළුවන්. මේ කොළ හිරවීම නිසා වාහනය ඇතුළට water leak වෙනවා වගේම මලකඩ ඇති වෙන්නත් තියෙන හැකියාව වැඩියි. ඉතින් ඔයා ඒ ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

වාහනය regularly drive කරන්න

වාහනයක් කියන්නේ අපේ මිනිස් සිරුරට සමාන වෙන දෙයක්. ඉතින් හැමදාම drive කරන්නේ නැතුව ඉන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි. වාහනය හොඳ තත්වයෙන් තියාගන්න නම් හැමදාම drive කරන්න ඕනේ. අවම වශයෙන් සති දෙකකට සැරයක් සැතපුම් 20 ක් හෝ ඊට වැඩි දුරක් ධාවනය කරන්න.

Regularly service

ඔයාගේ වාහනය හොඳ තත්වයෙන් තියාගන්න නම් සුදුසුකම් ලත් mechanic කෙනෙක් විසින් හරිම වෙලාවට service කරගන්න ඕනේ. හරිම වෙලාවේදී වාහනය service කිරීම මඟින් වාහනයේ performance වැඩි වෙනවා. Tires check කිරීම, oil change කිරීම, air සහ cabin filters replace කිරීම වැනි service කටයුතු වලින් ඔයාගේ වාහනයේ performance වැඩි දියුණු කරනවා. ඉතින් ඔයා හරි වෙලාවට වාහනය service කරනවා නම් වාහනය හොඳ තත්වයේ තියාගන්න පුළුවන් වගේම වාහනයේ performance වැඩි කරගන්නත් පුළුවන්.

මේ දේවල් තමයි වාහනය හරියට බලාගන්න ඔයා කරන්න ඕනේ දේවල්. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා ඔයාගේ වාහනයත් ගත්තා වගේම අලුත් පෙනුමට තියාගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Non-hybrid Japan 2019 for Sale

Honda Vezel Non-hybrid Japan 2019

54,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,700,000
1 minute ago
Toyota Voxy 2015 for Sale

Toyota Voxy 2015

137,000 km, Colombo
MEMBER
Rs 19,500,000
2 hours ago
Daihatsu Charade 1986 for Sale

Daihatsu Charade 1986

100,000 km, Galle
MEMBER
Rs 1,100,000
2 hours ago
Toyota Aqua G 2014 for Sale

Toyota Aqua G 2014

97,000 km, Ampara
MEMBER
Rs 8,260,000
1 week ago
Micro Kyron 2WD 4WD 2009 for Sale

Micro Kyron 2WD 4WD 2009

173,000 km, Galle
verified MEMBER
verified
Rs 5,795,000
3 hours ago
Auto Parts for saleikman logo
Vitz Ksp90 Wiper Panel for Sale

Vitz Ksp90 Wiper Panel

verified MEMBER
Rs 8,500
36 minutes ago
141 Axio Wiper Panel for Sale

141 Axio Wiper Panel

verified MEMBER
Rs 12,000
36 minutes ago
Fit Shuttle Gp2 Wiper panel for Sale

Fit Shuttle Gp2 Wiper panel

verified MEMBER
Rs 10,000
37 minutes ago
Allion 260 Wiper Panel for Sale

Allion 260 Wiper Panel

verified MEMBER
Rs 15,000
37 minutes ago
Ford Ranger Genuine clutch kit for Sale

Ford Ranger Genuine clutch kit

verified MEMBER
verified
Rs 178,000
3 hours ago
+ Post an ad on ikman