ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන පවරන්නේ කෙසේද?

20 Dec, 2023   
ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන පවරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ නීතියට අනුව වාහනයක් පාරේ drive කරන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය කරන ලියකියවිලි කිහිපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ආදායම් බලපත්‍රය කියන්නේ. ඉතින් මේ බලපත්‍රය වාර්ෂිකව අලුත් කිරීමත් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. CarsGuide අපි අද ඔබට කියන්නේ ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන පවරන්නේ කොහොමද කියලා.

වාහනයේ සන්තකය පවරන අවස්ථා

– වාහනයේ ලියාපදිංචි අයිතිකරු මිය යාම
– වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ කැමැත්ත මත වාහනය පැවරීම
– මූල්‍ය සමාගම් වලට පරම අයිතිය තියෙන වාහනයක ලීසිං වාරික නිසි ලෙස ගෙවා නොමැති විට වාහනය පැවරීම

වාහනයක් පැවරීමේදී අයිතිකරු විසින් අනුගමනය කළ යුතු කරුණු

– MTA 6 කියන පැවරුම් ආකෘති පත්‍රය නිවැරදිව සම්පූර්ණ කිරීම
– සාක්ෂිකරුවන් නිවැරදිව අත්සන් කිරීම
– වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් MTA 6 ආකෘති පත්‍රයේ b සහ b1 කියන පිටපත් දෙක පවරුම්ලාභියාට ලබා දීම.
– MTA 6 ආකෘති පත්‍රයේ a1 කියන පිටපත තැපැල් මාර්ගයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට එවීම හෝ ගෙනවිත් බාර දීම.
– වාහනය විකිණූ බව ලිඛිතව ඔබගේ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීම

පැවරුම්ලාභියා විසින් අනුගමනය කළ යුතු දේවල්

– වාහනයක් මිලදී ගන්නවා නම්, වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන්ම මිලදී ගන්න
– පවරුම්කරුගෙන් MTA 6 ආකෘති පත්‍රය ලබා ගන්න
– MTA 6 ආකෘති පත්‍රයේ b1 කියන පිටපත දින 14ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දී පැවරීම ලියාපදිංචි කරගන්න

වාහනයක් පවරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු දේවල්

– වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් විරෝධතා ගොනුකර ඇත්දැයි බලන්න
– වාහනයට අදාළව අධිකරණයක නඩුවක් විභාග වනවාදැයි බලන්න
– බදු ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් වෙන්න
– ලියාපදිංචි සහතිකයේ අංක 4 තීරුවේ ඇති කොන්දේසි පිළිබඳව අවදානය යොමු කරන්න
– වාහනයේ පරම අයිතිය ගැන සැළකිලිමත් වෙන්න

ආදායම් බලපත්‍රය නොමැති නම්

ඔබ වාහනයක් මිලදී ගැනීමේදී, එම වාහනයට ආදායම් බලපත්‍රයක් නොමැති නම් කුමක්ද කරන්නේ? බොහෝ වෙලාවට මෙම ගැටලුව පැන නගින්නේ රජයේ වෙන්දේසියකින් හෝ අධිකරණ වෙන්දේසියකින් වාහනයක් මිලදී ගත් අවස්ථාවකයි මොකද මේ වාහන බොහෝ කාලයක් භාවිතා නොකිරීම නිසා දීර්ඝ කාලීනව වාර්ෂිකව ආදායම් බලපත්‍රය ලබා ගෙන නැති වෙන්න පුලුවන්. ඒ නිසා වාහනය ලබා ගන්නා ආයතනය හරහා මේ කාරණාව විශේෂයෙන් සඳහන් කළ ලිපියක් අනිවාර්යයෙන් ලබා ගන්න ඕනේ.

අඛණ්ඩව වාර්ෂිකව අලුත් කර නොමැති ආදායම් බලපත්‍රය අලුත් කිරීමේදී

අඛණ්ඩව වාර්ෂිකව අලුත් කර නොමැති ආදායම් බලපත්‍රය අලුත් කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට එන්න වෙනවා. පසුව දෙපාර්තමේන්තු විමර්ශන අංශයට ගොස් එහිදී ලබා දෙන ලේඛන පුරවා ඉදිරිපත් කරන්න ඕනේ. පසුව වාහනය පරික්ෂා කර අනුමැතිය ලැබුණු පසු ඔඅබට ආදායම් බලපත්‍රය ලබා ගන්න පුලුවන්.

ඉතින් මේ විදිහට තමයි ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන පවරන්නේ. පෙර සඳහන් කළ පරිදි මෙම ගැටලුව පැන නගින්නේ රජයේ වෙන්දේසියකින් හෝ අධිකරණ වෙන්දේසියකින් වාහනයක් මිලදී ගත් අවස්ථාවකයි. එසේ නොමැතිව පුද්ගලික පරිහරණයේ තිබු වාහනයක ආදායම් බලපත්‍රය අඛණ්ඩව ලබා ගෙන නොමැතිනම් දඩ මුදල් ගෙවා එය අලුත් කිරීම සිදු කර පසුව වාහනය වෙනත් අයෙකුට පැවරීම සිදු කරන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A5 S-Line Sportback 2018 for Sale

Audi A5 S-Line Sportback 2018

120,000 km, Colombo
verified MEMBER
Rs 23,000,000
7 hours ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

100,000 km, Colombo
verified MEMBER
Rs 6,150,000
38 seconds ago
Suzuki Baleno Turbo 2017 for Sale

Suzuki Baleno Turbo 2017

205,000 km, Gampaha
MEMBER
Rs 6,950,000
4 weeks ago
Nissan Leaf AZEO 2014 for Sale

Nissan Leaf AZEO 2014

105,000 km, Gampaha
MEMBER
Rs 4,950,000
1 month ago
Toyota Aqua G Grade 2012 for Sale

Toyota Aqua G Grade 2012

142,000 km, Colombo
MEMBER
Rs 7,450,000
2 days ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
4 days ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
27 minutes ago
BYD Dolphin Carpets for Sale

BYD Dolphin Carpets

MEMBER
Rs 16,000
1 hour ago
BYD Sealion 6 Carpets for Sale

BYD Sealion 6 Carpets

MEMBER
Rs 16,000
1 hour ago
BYD Atto 3 Carpets for Sale

BYD Atto 3 Carpets

MEMBER
Rs 25,000
1 hour ago
+ Post an ad on ikman