ලීසිං පැහැර හරින වාහන, නැවත සමාගම් වලට අත්පත් කර ගන්න පුළුවන් කොහොමද?

26 Feb, 2024   
ලීසිං පැහැර හරින වාහන, නැවත සමාගම් වලට අත්පත් කර ගන්න පුළුවන් කොහොමද?

ඔබ ළඟ තියෙන වාහනය ලීස් දාලා ගත්තු වාහනයක්ද? නැත්නම් ලීස් එකක් දාලා හරි වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවද? එහෙම හරි තමන්ගේ වාහන සිහිනෙ සැබෑ කර ගන්න එක නම් හොඳයි. හැබැයි, ලීස් කරලා වාහනයක් ගන්නවා කියන්නේ, අදාළ මූල්‍ය ආයතනයත් එක්ක ඔබ ගිවිසුමකට යටත් වෙනවා කියන එක. ඒ ගිවිසුමට අනුව ලීසිං වාරික ගෙවන්න ඔබ බැඳිලා ඉන්නවා. මොකක් හරි හදිස්සියක් වෙලා ඔබට එක දිගට මේ ලීසිං වාරික ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ? වැඩි දෙයක් නැහැ. සමාගම නැවත වාහනය අත්පත් කර ගනීවි. හැබැයි හිතෙන හිතෙන විදිහට වාහනය අත්පත් කර ගන්න පුළුවන්ද? මේ ගැන හැමෝම කියන්නේ එක එක කතා. ඒත් ඇත්ත කතාව මොකක්ද? CarsGuide අපි අද ඔබට කියන්නම්, ලීසිං පැහැර හරින වාහන, නැවත සමාගම් වලට අත්පත් කර ගන්න පුළුවන් කොහොමද කියලා.

ලීසිං සමාගමක් ආරම්භ කරන්නේ කොහොමද?

ලීසිං සමාගමක් නැත්නම්, කල්බදු මූල්‍ය ආයතනයක් හිතෙන හිතෙන විදිහට ආරම්භ කරන්න බැහැ. කල්බදු මූල්‍යකරණ පනතේ දක්වලා තියෙන විදිහට සුදුසුකම් සපුරලා, නියමිත පරිදි අවසරයක් ලබාගෙන, පවත්වාගෙන යන ආයතනයක් වෙන්න ඕනේ. ඒ නිසා, ලීසිං සමාගමක් ආරම්භ කරනවා නම්, අනිවාර්යයෙන්ම මේ පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම්, කල්බදු මූල්‍ය සේවාවන් සපයන්න පුළුවන් අයිතියක් තියෙන්න ඕනේ.

ලීස් කරලා වාහනයක් ගැනීමේදී වාහනයේ අයිතිය කාටද?

මෙතනදි වාහනයට අයිතිවාසිකම් දෙකක් තියෙනවා.
1) පරම අයිතිය
2) ලියාපදිංචි අයිතිය

වාහනයේ පරම අයිතිය ලැබෙන්නේ, මූල්‍ය බදු සමාගමට. එතකොට වාහනයේ ලියාපදිංචි අයිතිය ලැබෙන්නේ බදු ගැනුම්කරුට.

වාහනය නැවත සමාගමට අත්පත් කර ගන්නේ කොහොමද?

යම් හේතුවක් මත බදු ගැනුම්කරුට වාරික ගෙවාගන්න බැරි වුණොත්, ලීසිං සමාගමට වාහනයේ සන්තකය ලබා ගන්න නීතිමය පියවර තියෙනවා. ඒ කියන්නේ, වාරික හිඟ වුණු පළියට බලෙන් වාහන seize කරන්න බැහැ.

වාරික දෙකකට වැඩි ගණනක් නොගෙව්වොත්, මූල්‍ය ආයතනය විසින් පළමුවෙන්ම කරන්න ඕනේ බදු ගැනුම්කරුට ලියුමක් යවන එක. ඒ ලියුමෙන් දන්වන්න ඕනේ, “ඔබ වාරික ගෙවා නැහැ. කරුණාකර අදාළ වාරික ගෙවන්න” කියන දැනුම්දීම. එහෙම ලියුමක් යවලත් වාරික ගෙව්වෙ නැති වුණොත්, ඊළඟට නීත්‍යානුකූලව තවත් ලියුමක් යවනවා. එහි සඳහන් වෙන්න ඕනේ, “මෙම බද්ද අවසන්. ඒ නිසා තවදුරටත් වාහනය ඔබ ළඟ තබා ගැනීම නීතිවිරෝධියි. වාහනය අප වෙත භාර දෙන්න” කියන දැනුම්දීම. මේ ලියුම් සියල්ලම බදු ගිවිසුමේ ලබා දුන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕනේ.

එම ලියුම ලැබුණු පසු, මූල්‍ය ආයතනයට පැමිණ යම්කිසි සහනයක් ඉල්ලන බදු ගැනුම්කරුට පුළුවන්. නැත්නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් කර ගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් මූල්‍ය ආයතනය විසින් ලබා දෙන්නේ නැත්නම්, මූල්‍ය බදු ගිවිසුම කඩ වී ඇතැයි යන අදහස මත වාහනය අත්පත් කර ගන්න පුළුවන්.

නීති පොත අනුව වර්ෂ 2000 අංක 56 දරන 27 වෙනි වගන්තියේ, මූල්‍ය ආයතනය විසින් නැවත වාහනය අත්පත් කර ගන්නේ කොහොමද කියලා සඳහන් වෙනවා. එහි සඳහන් වන ආකාරයට වාහනයක් අත්පත් කර ගැනීමේදී හැකිතාක් දුරට පොලීසියේ සහය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක අත්‍යාවශ්‍ය නැහැ. ඒත් සාමාන්‍යයෙන් ඕනම මූල්‍ය ආයතනයක් වාහනය අත්පත් කර ගන්න කලින් පොලීසියේ පැමිණිල්ලක් දානවා. ඒ වගේම වාහනය ගත්තට පස්සෙත් පොලීසියේ පැමිණිල්ලක් දානවා.

රටේ පවතින නීතිය අනුව මූල්‍ය ආයතන වල නියෝජිතයින් සිටින Agency වලට මූල්‍ය ආයතන වල සේවකයින්ට යන්න බැහැ. ඒ නිසා ඔවුන්ට “වාහනය නැවත ලබා ගැනීමේ නියෝගය” යනුවෙන් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙනවා. අදාළ මූල්‍ය ආයතනයේ නියෝජිතයා වශයෙන් නීත්‍යානුකූල රාමුව තුළ මෙම අයිතිය ගෙන දිය යුතු බව එම ලිපියෙන් දන්වනවා.

බදු ගැනුම්කරු වාහනය ලබා දෙන්නේ නැත්නම්?

මේ දේවල් වලට පස්සෙත් බදු ගැනුම්කරු වාහනය, ලීසිං සමාගමට ලබා දෙන්න සූදානම් නැත්නම්, දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න, සමාගමට පුළුවන්. ඒ කියන්නේ, තමන්ට වාහනයේ සන්තකය ගන්න ඉඩ දෙන්න කියලා අතුරු නියෝගයක් ඉල්ලන්න පුළුවන්. මෙතනදි බදු ගැනුම්කරුට අධිකරණයට ඇවිත්, වාරික නොගෙවීමට හේතු දක්වන්න පුළුවන්. මේ හේතු වලින් අධිකරණය සෑහීමකට පත් වෙනවා නම්, අදාළ අතුරු නියෝගය අවලංගු කරනවා. ඊට පස්සේ අදාළ නඩු විභාගයේදී සාක්ෂි විමසීමෙන්, නඩු විභාගය අවසානයේ තීන්දුවක් දෙනවා.

හැබැයි බදු ගැනුම්කරු ඒ විදිහට හේතු ඉදිරිපත් නොකළොත්, මේ අතුරු නියෝගය ස්ථිර කරනවා. එතකොට ලීසිං සමාගමට පුළුවන්, වාහනයේ සන්තකය ලබා ගන්න.

මේ විදිහට තමයි ලීසිං පැහැර හරින වාහන, ඒ අදාළ සමාගම් වලට නැවත අත්පත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන එක එක අය එක එක කතා කිව්වට හරිම විස්තරේ ගැන දැන් ඔබ දන්නවා. මේක නීත්‍යානුකූලව කරන්න ඕන දෙයක්. ඉතින් ඔබත් වාහනයක් ලීස් දාලා ගන්න ඉන්නවා නම්, එහෙම නැත්නම් ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගත්තා නම්, අපි අද කියපු විස්තරේ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔබ දන්න අයටත් අනිවාර්යයෙන්ම මේ ගැන කියන්න. එතකොට ඔබට වගේම ඒ අයටත් ලීස් දාලා වාහනයක් අරගෙන පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැහැ

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Fit GE6 2008 for Sale

Honda Fit GE6 2008

172,000 km, Colombo
MEMBER
Rs 5,900,000
4 weeks ago
Nissan Leaf AZEO 2014 Acenta for Sale

Nissan Leaf AZEO 2014 Acenta

74,000 km, Matara
MEMBER
verified
Rs 5,600,000
4 days ago
Honda Vezel 2025 for Sale

Honda Vezel 2025

300 km, Colombo
MEMBER
Rs 20,000,000
3 weeks ago
Toyota Land Cruiser Prado TRJ 250 2024 for Sale

Toyota Land Cruiser Prado TRJ 250 2024

0 km, Colombo
verified MEMBER
Rs 63,900,000
2 minutes ago
Toyota Premio 2018 for Sale

Toyota Premio 2018

58,650 km, Anuradhapura
MEMBER
Rs 18,500,000
4 weeks ago
Auto Parts for saleikman logo
BMW i8 Engine for Sale

BMW i8 Engine

MEMBER
Rs 2,500,000
5 minutes ago
Tractor Rotary for Sale

Tractor Rotary

MEMBER
Rs 380,000
8 minutes ago
Range Rover Hybrid AC Compressor for Sale

Range Rover Hybrid AC Compressor

MEMBER
Rs 350,000
15 minutes ago
+ Post an ad on ikman