Service Centre එකක් තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු

19 Sep, 2023   
Service Centre එකක් තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු

අපි හැමෝම වාහනයක් ගන්නේ ගොඩක් ආසාවෙන්. ඉතින් මේ විදිහට ආසාවෙන් ගත්ත වාහනය අපි පරිස්සම් කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම හරියට නඩත්තු කළේ නැත්නම් අලුතෙන්ම ගත්ත වාහනය වුණත් ඉක්මනින්ම ලෙඩ වෙන්න පුලුවන්. වාහනයක් හරිහැටි නඩත්තු කරනකොට Service කිරීමත් අනිවාර්යයෙන්ම කරන්න. සමහර අවස්ථා වලදී වාහනය ගෙදරදීම service කරන්න පුලුවන් වුණත් අපි අනිවාර්යයෙන්ම යම්කිසි කාලසීමාවකට සැරයක් service center එකකට ගිහින් වාහනය service කිරීම අනිවාර්යය වෙනවා. ඒ නිසා CarsGuide අපි අද කියන්නේ Service center එකක් තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු මොනවද කියලා.

Authorization status එක

විශාල මුදලක් යට කරලා ගත්ත වාහනය service කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ දෙයක් තමයි, ඔබ තෝරාගත් service center එකේ Authorization status එක. හැබැයි අවාසනාවකට ගොඩක් දෙනෙක් මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ.

Authorized service center එකක් හා independent workshop එකක් තෝරා ගන්නා විට දෙකේම එකිනෙකට වෙනස් වාසි සහ අවාසි තිබුණත් අනිවාර්යයෙන්ම Authorization status එක බලන එක ගොඩක් වැදගත්.

මොකද standard එකක් තියෙන authorized service center එකක් තෝරා ගැනීම, ඔබේ වාහනය නැවත විකිණීමේදී හොඳ වටිනාකමක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

Customer reviews බලන්න

අපි ඕනෙම දෙයක් මිලදී ගන්න ගියාම customer reviews බලන්න අමතක කරන්නේ නැහැ. මොකද යාලුවෙක් එහෙම නැත්නම් වැඩිපුර පිරිසක් recommend කරපු service එකක්, product එකක් ලබා ගන්න තමයි අපි හැම වෙලාවෙම උත්සහ කරන්නේ. හැබැයි අපි මේ පුරුද්ද වාහන service කරන්න, service center එකක් තෝරා ගන්නකොට ඒ තරම් තැකීමක් කරන්නේ නැහැ. ඒක ඇත්තටම අපි

අතින් වෙන ලොකු වැරද්දක්. ඒ නිසා අදින් පස්සේ ඔබ service center එකක් තෝරා ගන්නකොට customer reviews ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

තියෙන්නේ කොහෙද?

ඔබේ වාහනය සඳහා service center එකක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තමයි service center එක පිහිටා තිබෙන ප්‍රදේශය. Service center එක ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට සමීප වන තරමට ගොඩක් හොඳයි.

මොකද එතකොට ඔබට වාහනය service කරන අතරතුර පරීක්ෂා කිරීමට පහසු වෙනවා වගේම transport fee එකත් ඉතුරු වෙනවා.

වැඩ කරන දවස් සහ කාලය

ඔබ තෝරාගන්න Service center එකේ වැඩ කරන දින සහ වේලාවන් එහි පිහිටීම තරම්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ Service center එකක් තෝරා ගන්නා විට සතියේ දින තුළ එහි වැඩ කරන වේලාවන් පරීක්ෂා කරන්න. ඒ වගේම සති අන්තයේ අවම වශයෙන් එක් දිනක්වත් විවෘතව තිබෙනවාද කියා සොයා බලන්න. මොකද ඔබ ගොඩක් busy කෙනෙක් නම් වාහනය service කිරීමේදී එය වැදගත් වෙන්න පුලුවන්.

Pick-up සහ delivery පහසුකම

ඔබ busy පුද්ගලයෙක් නම්, මෝටර් රථය service center එකට රැගෙන යාමට කාලය වෙන් කරන්න බැරි නම් මේ pick-up සහ delivery පහසුකම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔබට පුලුවන් service station එකත් එක්ක කතා කරගෙන Pick-up සහ delivery පහසුකම ලබා ගන්න. එතකොට service station එකෙන් පැමිණ වාහනය service කිරීමෙන් පසු ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ගෙනවිත් දීම සිදු කරනවා. හැබැයි මෙසේ කිරීමේදී යම් අමතර මුදලක් වැය වෙනවා වගේම ඔබේ වාහනයේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ සැළකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.

ඉතින් මේ දේවල් තමයි ඔබ Service center එකක් තෝරා ගැනීමේදී සළකා බලන්නම ඕනේ දේවල්. විශ්වාසවන්ත, සුහද කාර්ය මණ්ඩලයක් ඉන්නවා නම් ඔබට කිසිදු බියකින් තොරව වාහනය service කිරීම සඳහා ලබා දෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා අදින් පස්සේ ආවට ගියාට service center එකක් තෝරාගන්නේ නැතුව CarsGuide අපි කිව්ව කරුණු ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz Edition 02 2019 for Sale

Toyota Vitz Edition 02 2019

42,000 km, Colombo
MEMBER
Rs 9,500,000
1 week ago
Mercedes Benz C160 2017 for Sale

Mercedes Benz C160 2017

60,000 km, Colombo
MEMBER
Rs 21,500,000
2 weeks ago
Toyota Harrier Z Leather 2025 for Sale

Toyota Harrier Z Leather 2025

0 km, Colombo
verified MEMBER
Rs 38,950,000
2 weeks ago
Suzuki Baleno 2019 for Sale

Suzuki Baleno 2019

29,000 km, Colombo
MEMBER
Rs 9,300,000
5 minutes ago
Toyota 1986 for Sale

Toyota 1986

19,999 km, Colombo
verified MEMBER
Rs 4,185,000
9 minutes ago
Auto Parts for saleikman logo
Toyota Land Cruiser 1hz Puel Pump for Sale

Toyota Land Cruiser 1hz Puel Pump

MEMBER
Rs 238,000
8 minutes ago
VEZEL 2025 NAKAMICHI 5510 ANDROID for Sale

VEZEL 2025 NAKAMICHI 5510 ANDROID

verified MEMBER
Rs 60,000
2 days ago
14 Inches Rims with Cups for Sale

14 Inches Rims with Cups

MEMBER
Rs 18,000
59 minutes ago
Brand New Doors for Sale

Brand New Doors

MEMBER
Rs 75,000
1 hour ago
+ Post an ad on ikman