ඔබ දැනගත යුතුම vehicle maintenance tips

06 Oct, 2023   
ඔබ දැනගත යුතුම vehicle maintenance tips

වාහනයක් ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද වාහනයක් ගන්න අපිට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ නිසා වාහනයක් ගන්න කලින් අපි එක පාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතන්න ඕනේ. ඊළඟ දේ තමයි වාහනයක් කියන්නේ ලොකු වගකීමක්. මොකද වාහනයක් ගත්තට මදි අපි ඒක හරියට maintain කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ වාහනය නිකන්ම ලෙඩ වෙන එක. ඉතින් ඒ නිසා වාහන වලට ආදරේ කරන ඔයාට CarsGuide අපි කියන්න හදන්නේ ඔබ දැනගත යුතුම vehicle maintenance tips කිහිපයක් ගැන.

1. Spare tire එක පරීක්ෂා කරන්න

වාහනයක් maintain කරනකොට ගොඩක් අමතක වෙන දෙයක් තමයි spare tire එක. ඔබේ වාහනයේ නිතරම backup tire එකක් තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම backup tire එක ගැන හොඳ අවධානයක් දෙන්නත් ඕනේ. මොකද හදිසි අවස්ථාවකදී backup tire එක අවශ්‍ය වෙන විට එහිත් යම්කිසි දෝෂයක් තිබුණොත් ඔබට අමතර වියදමක් දරා tow truck එකක් ලබා ගන්න වෙනවා. ඉතින් ඒ නිසා අවම වශයෙන් මසකට වරක්වත් ඔබේ වාහනයේ ටයර් වල සහ backup tire එකේ වායු පීඩනය පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

2. Oil මාරු කරන්න

නිසි කාලයේදී oil මාරු කරන එක මඟ හැරියොත් ඒක ඔබේ purse එකට බලපානවද? ඔව් ඇත්තටම එමඟින් ලොකු බලපෑමක් වෙනවා. මොකද වාහනක oil කියන්නේ වාහනයේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යම දෙයක්. ඉතින් ඒ නිසා oil පිළිබඳව යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ඒ ප්‍රශ්නය විසඳා ගන්න ලොකු මුදලක් වැය වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා නිසි කාල සීමාවේදී oil සහ filter මාරු කරන්න අමතක කරන්න එපා.
මෙම නඩත්තුව සෑම සැතපුම් 5,000 කට වරක් හෝ ඔබේ මෝටර් රථ නිෂ්පාදකයාගේ නිර්දේශ මත සිදු කරන්න.

3. Battery එක පිරිසිදුව තබා ගන්න

කාලයක් යනකොට ඔබේ මෝටර් රථයේ battery එකේ terminals වල සුදු හෝ නිල් පැහැති කුඩු වගේ විඛාදනයක් හැදෙන්න පුලුවන්. ඉතින් මේ දේවල් හරියට පිරිසිදු කළේ නැත්නම් battery එක crack වෙන්න වගේම ක්‍රියා විරහිත වෙන්නත් පුලුවන්. ඉතින් ඒ නිසා නිතරම battery එක පිළිබඳව අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

4. Brake pads replace කරන්න

Brake කියන්නේ වාහනයකට අත්‍යවශ්‍යම දෙයක්. මොකද හදිසි අවස්ථාවකදී වාහනය නතර කරගන්න අපිට brake නැතුවම බැහැ. ඔබේ වාහනයේ තිරිංග පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ, drive කරන කොට ඔබට වගේම මගීන්ටත් නතුරක් සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ඔබේ වාහනයේ Break එක පාගනකොට සද්දයක් ඇහෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔබේ brake pads මාරු කරන්න ඕනේ කාල සීමාව ළං වෙලා තියෙන්නේ. Brake pads නියමිත තත්වයේ තියෙනවා නම් කිසිම අවස්ථාවක brake pads වලින් ශබ්දයක් නිකුත් වෙන්න බැහැ. ඉතින් නිතරම වාහනයේ brake pads පරීක්ෂා කිසිම මඟින් මේ තත්වය වළක්වා ගන්න පුලුවන්.

5. Cabin air filter replace කරන්න

Cabin air filter එක මඟින් වෙන්නේ වාහනය තුළට අපිරිසිදු වාතය පැමිණීම නතර කිරීමයි. මේක ගොඩක් වැදගත් කාර්යයක්. ඒ නිසා සම විටම ඔබේ වාහනයේ air filters ගැන සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි පරණ cabin air filters දිගු කාලයක් භාවිතා කිරීම නිසා ඔබේ වාහනයේ air conditioning system එකටත් හානි සිදු වෙන්න පුලුවන්.
ඉතින් ඒ නිසා සෑම මාස 12කට වරක් හෝ සැතපුම් 12,000කට වරක් ඔබේ cabin air filters වෙනස් කරන්න අමතක කරන්න එපා.

6. අලුත් windshield wipers වලට මාරු වෙන්න

Vehicle maintenance වලදී ගොඩක් අය අමතක කරන දෙයක් තමයි windshield wipers කියන්නේ. වාහනය ගත්ත දවසේ ඉඳලා අලුත් වාහනයකට මාරු වෙන තුරුම ගොඩක් අය පරණ windshield wipersම භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔබ හිතුවේ නැති වුණාට ඇත්තටම ඒක අනතුරු වලට අත වැනීමක් වෙන්න පුලුවන්.මොකද වැසි සහිත කාළගුණයක් තිබෙන විට පරණ windshield wipers හරිහැටි ක්‍රියා නොකරන්න වුණත් පුලුවන්. එවැනි අවස්ථා වලදී මාර්ගය පැහැදිලිව නොපෙනීම නිසා අනතුරු සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

7. Shocks, springs සහ struts (suspension system) පරීක්ෂා කරන්න

Suspension system එක කියන්නේ ගොඩක් වෙලාවට ඔබට මග හැරෙන නමුත් මෝටර් රථයේ සංකීර්ණ කොටස් වලින් එකක්. ඔබේ මෝටර් රථය smooth ලෙස ගමන් කරන්න වගේම ගැස්සීම් සහ පැද්දීම් අඩු කිරීමට උපකාරී වෙන්නේ suspension system එකයි. ඉතින් ඒ නිසා සෑම සැතපුම් 15,000-30,000 කට වරක් shocks සහ සම්පූර්ණ suspension system එක පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

ඉතින් මේ දේවල් තමයි ඔබ දැනගත යුතුම vehicle maintenance tips. ඔබත් ඔබේ වාහනයට ආදරෙයි නම් අනිවාර්යයෙන්ම CarsGuide අපි කිව්වා දේවල් පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range 2017 for Sale

Land Rover Range 2017

70,000 km, Colombo
MEMBER
Rs 54,900,000
5 days ago
Volkswagen Polo TSI Active 2024 for Sale

Volkswagen Polo TSI Active 2024

2,600 km, Colombo
verified MEMBER
Rs 14,500,000
1 minute ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

200,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 weeks ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,800,000
2 weeks ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

92,000 km, Jaffna
MEMBER
Rs 6,550,000
2 weeks ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman