රක්ෂණ වන්දි අහිමි නොවෙන්න නම් මේ දේවල් කරන්න

26 Feb, 2024   
රක්ෂණ වන්දි අහිමි නොවෙන්න නම් මේ දේවල් කරන්න

වාහනයක් මාර්ගයේ drive කරන්න ලියකියවිලි තුනක් ඔයා ළඟ තියෙන්න ඕනේ. ඒ තමයි ආදායම් බලපත්‍රය, license එක සහ වාහන රක්ෂණය. අපි මීට කලින් ආදායම් බලපත්‍රය, license එක ගැන කතා කරලා තියෙනවා. ඉතින් අද අපි ඔයාට කියන්න යන්නේ වාහන රක්ෂණය ගැන. වාහනයක් රක්ෂණය කර තිබීමෙන් ඔයාට හදිස්සියේ හරි අනතුරක් සිද්ද වුණොත් ඒ අනතුරු වලට වන්දි මුදල් ලබා ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි අතින් සිදු වන වැරදි නිසා රක්ෂණ වන්දි අහිමි වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා CarsGuide අපි අද ඔයාට කියන්නේ රක්ෂණ වන්දි අහිමි නොවෙන්න නම් ඔයා කරන්න ඕනේ දේවල් මොනවාද කියලා.

වාහන රක්ෂණ වන්දියක් කියන්නේ

වාහන රක්ෂණ වන්දියක් කියන්නේ වාහන අනතුරක් සිදු වූ පසු රක්ෂණ සමාගම විසින් ඔයාට ලබාදෙන වන්දි මුදලට. රක්ෂණ වන්දිය ලබා ගන්න අනිවාර්යෙන් වාහානය රක්ෂණය කර තියෙන්න ඕනේ. ඒ වගේම අනතුර සිදු වූ වහාම රක්ෂණ සමාගම දැනුවත් කරන්නත් ඕනේ. මේ සඳහා ඔයා රක්ෂණ සමාගමට ලියකියවිලි ඉදිරිපත් කිරීමත් අනිවාර්යයි.

රක්ෂණ වන්දියක් ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලියකියවිලි

අපිට අනතුරක් සිදු වුණාට පසුව අපි රක්ෂණ සමාගමෙන් වන්දියක් ලබා ගන්නකොට රක්ෂණ සමාගමට ඉදිරිපත් කළ යුතු ලියකියවිලි කිහිපයක්ම තියෙනවා. ඒ අනුව,

– රක්ෂණ සහතිකය
– Driving license
– වන්දි ඉල්ලුම් කිරීමේ සහතිකය
– වාහනයට සිදු වී ඇති අලාභ පිළිබඳ ඇස්තමේන්තු වාර්තාව
– අනතුර සිදු වූ දිනයේ ලබා ගත් පොලිස් වාර්තාව

රක්ෂණ වන්දි අහිමි වෙන්නේ කොහොමද?

අනතුරක් වුණාට පසුව රක්ෂණ සමාගම අපිට වන්දි මුදල් ලබා නොදෙන අවස්ථා තියෙනවා. මේ විදිහට රක්ෂණ වන්දි අහිමි වෙන්නේ අපි සිදු කරන වැරදි නිසයි. ඒ අනුව,

– වලංගු driving license එකක් නොමැතිව රිය පැදවීම

වාහනයක් drive කරන්න driving license එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් වාහනයේ රියදුරාට driving license එක නොමැති නම් ඔහු අතින් සිදු වන අනතුරු සඳහා රක්ෂණ සමාගම වන්දි මුදල් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඔයත් driving license අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ.

– මත්පැන් පානය කළ පසු සිදු වන අනතුරු

මත්පැන් පානය කර වාහනයක් පැදවීම නීති කඩ කිරීමක්. මේ විදිහට රියදුරු මත්පැන් පානය කර සිටියදී සිදු වන අනතුරු සඳහාත් රක්ෂණ සමාගම වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මත්පැන් පානය කර වාහනය පැදවීම නිසා ඔයාට දඬුවම් හිමි වෙන්න පුළුවන්.

– හිතාමතා සිදු කරන අනතුරු

සමහරු සිදු කරන ලොකු වරදක් තායි වන්දි ලබා ගැනීමේ අනතුරින් හිතාමතා වාහනය අනතුරකට පත් කිරීම. මේ වගේ අවස්ථාවලත් රක්ෂණ සමාගම වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනවා.

– වාහනය නීති විරෝධී කටයුතු සඳහා භාවිතා කිරීමේදී සිදු වන අනතුරු

වාහනය නීතිවිරෝධී කටයුතු වලට භාවිතා කිරීමේදී සිදු වන අනතුරු වලටත් රක්ෂණ සමාගම වන්දි ගෙවීමක් සිදු කරන්නේ නැහැ.

– අනතුර සිදු වූ වහාම රක්ෂණ සමාගම දැනුවත් නොකිරීම

ඔයාගේ වාහනය අනතුරකට පත් වූ ගමන් ඔයාගේ රක්ෂණ සමාගම දැනුවත් කරන්න ඕනේ. ඔයා අනතුරු සිදු වූ අවස්තාවක රක්ෂණ සමාගම දැනුවත් කළේ නැත්නම් ඔයාට වන්දි මුදල් අහිමි වෙන්න පුළුවන්. නමුත් වාහනයේ ගමන් ගත් පුද්ගලයෙකුට කරදරයක් සිදු වීම වගේ සාධාරණ හේතුවක් මත රක්ෂණ සමාගම වන්දි මුදල් ලබා දීම සළකා බලනවා.

– වාහනය තමන්ගේ නමට ලියාපදිංචි නොකර තිබීම

අනතුර සිදු වූ වාහනය තමන්ගේ නමට හෝ පවුලේ කෙනෙකුගේ නමට ලියාපදිංචි කර නොතිබීම නිසා ඔයාට රක්ෂණ වන්දි අහිමි වෙනවා. ඒ නිසා ඔයා වාහනය ඔයාගේ නමට අනිවාර්යෙන් ලියාපදිංචි කරගන්න.

– වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම

රක්ෂණ සමාගමට ලබාදෙන සියලු තොරතුරු නිවැරදි වෙන්න ඕනේ. Driving license එකක් නොමැති කෙනෙකු අතින් සිදු වූ අනතුරක් වෙනත් අයෙකු විසින් සිදු වූ අනතුරක් බවට ඉදිරිපත් කිරීම සහ අනතුර සිදු වූ දිනය වෙනස් කිරීම වගේ වැරදි තොරතුරු රක්ෂණ සමාගමට ඉදිරිපත් කළොත් ඔයාට රක්ෂණ වන්දි ආහිමි වෙනවා.

– වාහනවල සිදු වන කාර්මික දෝෂ

වාහනයේ engine එකේ හෝ වාහනයේ වෙනත් උපාංගයකින් සිදු වන කාර්මික දෝෂ නිසා සිදු වන අනතුරු සඳහා වන්දි ගෙවීමක් රක්ෂණ සමාගම විසින් සිදු කරන්නේ නැහැ.

– ආරක්‍ෂිත පියවර අනුගමනය නොකිරීම

අනතුරු අවම කිරීම සඳහා රියදුරා විසින් සිදු කළ යුතු පියවර අනුගමනය කරන්නේ නැත්නම් එවිටත් රක්ෂණ වන්දි ලබා දීම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔයා සෑම විටන වාහනයට සිදු වන අනතුරු අවම කිරීමට ආරක්‍ෂිත පියවර අනුගමනය කරන්න ඕනේ.

වාහන රක්ෂණ සමාගම විසින් රක්ෂණ වන්දි ලබා දෙන අනතුරු කිහිපයක් තියෙනවා. ඒ අනුව,

– රිය අනතුරු
– ඇතුළතින් ගිනි ගැනීම්
– බාහිර පිපිරීම්
– අකුණු සැර වැදීම්
– සොරකම් කිරීම්
– ජල ගැලීම් සහ ස්වභාවික විපත්

මේ තමයි වාහන රක්ෂණ වන්දි අහිමි වෙන්න ඔයාගේ අතින් සිදු වන වැරදි. ඉතින් ඔයාට රක්ෂණ වන්දිය ලබා ගන්න අපි කියපු දේවල් හොදට මතක තියාගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Jeep Grand Cherokee 2006 for Sale

Jeep Grand Cherokee 2006

165,000 km, Gampaha
MEMBER
Rs 9,400,000
1 day ago
Audi Q3 S Line Sportsback 2023 for Sale

Audi Q3 S Line Sportsback 2023

5,000 km, Colombo
verified MEMBER
verified
Rs 35,500,000
2 seconds ago
Mercedes Benz CLA 200 AMG 2016 for Sale

Mercedes Benz CLA 200 AMG 2016

100,000 km, Matara
MEMBER
Rs 18,800,000
1 minute ago
Toyota Raize HYBRiD Z 2025 for Sale

Toyota Raize HYBRiD Z 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 16,575,000
2 minutes ago
Toyota Aqua 2015 for Sale

Toyota Aqua 2015

135,000 km, Colombo
MEMBER
Rs 8,975,000
2 weeks ago
Auto Parts for saleikman logo
CRV Tail Lamp 2015 for Sale

CRV Tail Lamp 2015

verified MEMBER
verified
Rs 38,000
17 seconds ago
Mazda Flair 2015 Shell for Sale

Mazda Flair 2015 Shell

verified MEMBER
verified
Rs 65,000
28 seconds ago
Axio 165 Tail Lamp for Sale

Axio 165 Tail Lamp

verified MEMBER
verified
Rs 53,000
54 seconds ago
Vezel Normal Side Balance Bar for Sale

Vezel Normal Side Balance Bar

verified MEMBER
verified
Rs 25,000
59 seconds ago
+ Post an ad on ikman