සමහර ලීසිං සමාගම් ඔබෙන් සඟවන රහස්

28 Jul, 2023   
සමහර ලීසිං සමාගම් ඔබෙන් සඟවන රහස්

ලීස් කරලා වාහනයක් ගන්නවා කියන්නේ, වාහනයක් කුලියට ගන්නවා වගේ වැඩක්. බැලූ බැල්මට නම්, ලීස් එකක් දාලා වාහනයක් ගන්න එක හරිම ලේසියි කියලා හිතෙන්න පුළුවන්. නමුත්, ඔබ වාහනයක් ලීස් කරලා ගන්නවා නම්, එතනදි සැළකිලිමත් විය යුතු බොහෝ තැන් තියෙනවා. මොකද ඔබ හොඳයි කියලා තෝරගන්න සමහර ලීසිං සමාගම් සමහර දේවල් ඔබෙන් සඟවනවා. ඉතින් CarsGuide අපි හිතුවා, සමහර ලීසිං සමාගම් ඔබෙන් සඟවන රහස් අද ඔබට හෙලි කරන්න.

වාහනයක් ලීස් කරන්නේ කොහොමද?

අලුතෙන් වාහනයක් මිලදී ගන්න, ඔබ ළඟ තියෙන මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී, ඔබට වාහනයක් ලීස් කරලා ගන්න හැකියාව තියෙනවා. එහිදී ඔබ තෝරා ගන්නා මූල්‍ය ආයතනය හෝ ලීසිං සමාගම විසින් මූල්‍ය පහසුකමක් ලබා දෙනවා. ඔබ විසින්, එම මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාළව ලීසිං සමාගමේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ. එවිට, ඔබට ලීසිං පහසුකම යටතේ වාහනය ලබා ගන්න පුළුවන්.

ලීස් කරලා වාහනයක් ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

නිවැරදි ලීසිං සමාගමක් තෝරා ගන්න

ඔබ තෝරා ගන්නා, මූල්‍ය ආයතනය හෝ ලීසිං සමාගම, මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක්ද නැද්ද යන්න හොඳට හොයලා බලන්න. අවශ්‍ය නම්, ඔබට බැංකුවකින් වුණත් ලීස් එක ලබා ගන්න පුළුවන්.

ගෙවිය හැකි තරමෙන් මූල්‍ය පහසුකම ලබා ගන්න

ඔබ ලීස් එකක් විදිහට ලබා ගන්න මුදල, පොළියත් සමඟ මාසික වාරික ලෙස, නැවත සමාගමට ගෙවන්න ඕනේ. ඒ නිසා ගෙවන්න බැරි තරම් ලීස් දාන්න කලින් කිහිප වතාවක්ම හොඳට හිතන්න.

ලීසිං සමාගමට අවශ්‍ය ලියකියවිලි හරියටම ලබා දෙන්න.

මූල්‍ය පහසුකම ලබා ගැනීමේදී, අදාළ සමාගම ඔබෙන් ඉල්ලා සිටින ලියකියවිලි එලෙසින්ම, නිවැරදිව ලබා දෙන්න වග බලා ගන්න ඕනේ. වාහනයේ ලියාපදිංචි සහතිකයේ copy එකක් වැනි දේවල් මේ යටතට අයිති වෙන්න පුළුවන්.

ලීසිං සමාගම් සඟවන රහස් මොනවාද?

වාහනය Seize කළ පසුත්, සමාගමට මුදල් ගෙවන්න ඕනෙද?

හදිස්සියේ හරි ඔබට ලීස් එක ගෙවීමට නොහැකි වුණොත්, ඔබ විසින් වාහනය, අදාළ ලීසිං සමාගමට භාර දෙන්න ඕනේ. නැත්නම් ඔවුන් වාහනය seize කර එය විකිණීමෙන් ඔවුන්ට අය විය යුතු මුදල් ලබා ගන්නවා. නමුත් ඒ විදිහට අදාළ මුදල අය කර ගත නොහැකි වුණොත්, ඔවුන්ට සිදු වූ අලාභය පියවා ගැනීමට, ඔබට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. ඒ නිසා, වාහනය භාර දුන් පමණින් ඔබේ වගකීම අවසන් වෙන්නේ නැහැ.

සමහර විට, ඔවුන් market value එකට වඩා අඩුවෙන්, ලීස් කළ වාහනය විකුණන්න අවස්ථාව තියෙනවා. එවිට, සිදු වූ අලාභය පියවා ගත නොහැකි වුණොත්, කල්බදු මූල්‍යකරණ පනත සහ පාරිභෝගික ණය පනත අනුව, ඒ අලාභය ඔබෙන් පියවා ගන්න ලීසිං සමාගමට හැකියාවක් නැහැ. ඒ නිසා මේ කාරණාව ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. එවිට, හදිස්සියේ හරි ඔබට එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුණොත්, ඊට විරුද්ධව ඔබට කතා කරන්න හැකියාව තියෙනවා.

නියමිත පරිදි වාරිකය ගෙවන අතරතුරත් සමාගමට වාහනය පවරා ගන්න පුළුවන්ද?

වාහනය සුපරීක්ෂාකාරීව භාවිතා කිරීම, යම් යම් සාධාරණ depreciation (ක්ෂය වීම්) හැරුණුකොට තිබුණු තත්වයේම වාහනය තබා ගැනීම, නියමිත වේලාවට මාසික වාරිකය ගෙවීම යන කාරණා ඉටු කරන්න, ඔබ ලීසිං සමාගමට බැඳිලා ඉන්නවා. මොකද වාහනයක් ලීස් කරන විට, ඔබ මේ කොන්දේසි වලට යටත් වෙන නිසා. මේ වගකීම් වලින් එකක් හෝ පැහැර හැරියොත් අදාළ සමාගමට නැවත තමන් වෙතට වාහනය පවරා ගන්න හැකියාව තියෙනවා.

ඒ වගේම ඉදිරියේදී ඔබ වාරිකය ගෙවීමට අපොහොසත් වේ යැයි, සමාගමට යම් සාධාරණ සැකයක් ඇති වුණොත්, වර්තමානයේ ඔබ කොපමණ හොඳින් වාරික ගෙවීමක් කළත්, වාහනය තමන් වෙතට පවරා ගන්න අයිතිය සමාගම සතුව තියෙනවා.

ඔබට හිතෙන්න පුළුවන්, ‘සමාගම මුලින් මෙහෙම දෙයක් කිව්වෙ නෑනෙ’ කියලා. නමුත් දැන හෝ නොදැන ඔබ මේ සියල්ලටම ඔබේ එකඟත්වය ලබා දීලා ඉවරයි. මේකට සාක්ෂිය තමයි, ඔවුන් ලබා දුන් ගිවිසුමේ තියෙන ඔබේ අත්සන.

මේ විදිහට ගිවිසුමකට ඔබෙන් අත්සන් ලබා ගැනීමට හේතුව තමයි, ඉදිරියේදී ඇති විය හැකි යම් නෛතික කටයුත්තකදි, ඔබ ගිවිසුමේ සඳහන් එක් එක් වගන්ති වල තේරුම සම්බන්ධ පැහැදිලි අවබෝධයකින් අත්සන් කර ඇති බව අධිකරණයට පෙන්වීමට ඔවුන්ට හැකියාව තිබීම.

මේ ගිවිසුමේ සියලුම කොන්දේසි ඉංග්‍රීසියෙන් තිබෙන අතර, ඉංග්‍රීසි භාෂාව දන්නා පුද්ගලයෙකුට වුණත්, එහි ඇති legal jargon එක පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා කියවන්නේ බලන්නේ නැතුව, ඔවුන් කියන කියන තැන් වල අත්සන් කරලා, සාධාරණ හෝ අසාධාරණ කොන්දේසි වලට ඔබ එකඟ වෙනවා. නමුත් මෙය පැහැදිලි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමට ඔබට හැකියාව තියෙනවා. මොකද ලීසිං සමාගම, නෛතිකව ඒ සඳහා බැඳිලා ඉන්නවා.

සමාගමට ගෙවන්නේ හරිම පොළියද?

ලීස් කරලා වාහනයක් ගන්න විට, මූලික ගෙවීම වෙන්නේ, ඔබේ අතේ ඇති මුදල. වාහනයේ වටිනාකමට මදිවන මුදල් ප්‍රමාණය තමයි, සමාගමෙන් ඔබට ලබා දෙන්නේ. පසුව සමාගම විසින් මෙම ණය මුදල ගෙවීම සඳහා යම් නිශ්චිත වසර ගණනක් ලබා දෙනවා. ඔබ ලබා ගත් ණය මුදලට අදාළ පොළියද සමඟ මාසික වාරික ලෙස නියමිත කාලය වන විට, මෙය ගෙවා නිම කරන්න ඕනෙ.

නමුත් සමහර ලීසිං සමාගම්, ඔබ විසින් ලබා දෙන මුදලින් යම් ප්‍රමාණයක් ඔවුන් ළඟ තියාගෙන තමයි, මූලික ගෙවීමට යොදන්නේ. එවිට, ඔබ හිතන මුදලට වඩා වැඩි මුදලක් වාහනය ගැනීමට සමාගමෙන් අවශ්‍ය වෙනවා. එනම්, ඔබ හිතනවාට වඩා වැඩි මුදලක් සමාගමෙන් ලබා දෙනවා. ඒ නිසා ඔවුන් පොළිය ගණනය කරන්නේ, ඔබ හිතන මුදලට නෙවෙයි, ඔවුන් ලබා දෙන මුදලට. අවසානයේ ඔවුන් ළඟ තබා ගත් මුදල් ප්‍රමාණය, අවසන් වාරික ලෙස කපා හැරලා, ඉතිරි ප්‍රමාණය ඔබට ගෙවීමට ලබා දෙනවා. මේ නිසා වෙන්නේ, වැඩි පොළී ප්‍රමාණයක් ලීස් එකට ගෙවීමට සිදු වීම.

දැන් ඔබට තේරෙනවාද ලීස් දාලා වාහනයක් ගන්න එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා රැවටෙන්නේ නැතුව ලීස් එකක් දාන්න නම්, ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. අදාළ ගිවිසුම් වලට අත්සන් කිරීමට පෙර, ගිවිසුමේ ඇති දේවල් ගැන දැනුවත්භාවයක් තියෙන්න ඕනේ. ඉතින් වාහනය ගන්නේ ලීස් කරලා නම්, අපි කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Corolla 1999 for Sale

Toyota Corolla 1999

232,000 km, Colombo
MEMBER
Rs 4,300,000
2 weeks ago
Toyota Fortuner 2013 for Sale

Toyota Fortuner 2013

161,890 km, Gampaha
MEMBER
Rs 18,500,000
1 week ago
Mitsubishi Eclipse Cross Petrol 2018 for Sale

Mitsubishi Eclipse Cross Petrol 2018

70,000 km, Kandy
verified MEMBER
Rs 17,000,000
1 hour ago
Mazda 3 SKYACTIVE Premium 2023 for Sale

Mazda 3 SKYACTIVE Premium 2023

0 km, Colombo
verified MEMBER
verified
Rs 17,850,000
1 hour ago
Mazda Familia Modify 1990 for Sale

Mazda Familia Modify 1990

178,000 km, Galle
MEMBER
Rs 1,850,000
1 hour ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
1 week ago
Land Rover Freelander 2 tail lights for Sale

Land Rover Freelander 2 tail lights

verified MEMBER
verified
Rs 130,000
2 hours ago
Range Rover sport Front slam panel for Sale

Range Rover sport Front slam panel

verified MEMBER
verified
Rs 375,000
2 hours ago
Toyota Prius Seat Belt for Sale

Toyota Prius Seat Belt

MEMBER
Rs 35,000
2 hours ago
+ Post an ad on ikman