වාහනයට ලීසිං එකක් දාන්න අවශ්‍ය ලියකියවිලි

20 Dec, 2023   
වාහනයට ලීසිං එකක් දාන්න අවශ්‍ය ලියකියවිලි

අපි අපේම කියලා වාහනයකට මොන තරම් ආස වුණත් සමහර වෙලාවට මුදල් ප්‍රශ්න නිසා අපි මේ ආසාව හිතෙන් අත් හැරලා දානවා. හැබැයි අතේ ලොකු මුදලක් නැති වුණත් වාහන සිහිනය සැබෑ කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ලීසිං පහසුකම. ඉතින් මේ විදිහට ලීසිං එකක් දාලා වාහනයක් ගන්න ගියාම finance company එකෙන් විවිධ ලියකියවිලි ඉල්ලනවා. ඉතින් අද CarsGuide කියන්නේ වාහනයට ලීසිං එකක් දාන්න අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා.

1.ජාතික හැදුනුම්පත/ Passport එක/ රියදුරු බලපත්‍රය

ලීසිං එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ජාතික හැදුනුම්පත/ Passport එක/ රියදුරු බලපත්‍රය කියන මේ තුනෙන් එකක් අවශ්‍ය වෙනවා. මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඕනෙම ණය දෙන ආයතනයකින් ණයක් ලබා දෙන්නේ වයස අවුරුදු 18 – 60 දක්වා අතර පුද්ගලයින්ට පමණක් වීම.
දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති අවුරුදු 58ක කෙනෙක්ට කොහොමද loan එකක් හෝ ලීසිං එකක් ලබා දෙන්නේ කියලා. අවුරුදු 58ක කෙනෙක් loan එකක් හෝ ලීසිං එකක් ලබා ගන්නවා නම් අදාළ ආයතනය විසින් ගෙවීමට ලබා දෙන්නේ අවුරුදු 2ක කාලයක් විතරයි.
හැබැයි ආයතනයෙන් විශේෂ අවසරයක් අරගෙන ගෙවීමේ කාලය තව අවුරුදු කිහිපයකින්දිගු කරගන්නත් හැකියාව තියෙනවා. හැබැයි මේක ආයතනයේ ආයතනයට වෙනස් වෙනවා.

2. Light bill/ Water bill

ලීසිං එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පදිංචිය තහවුරු කරන ලේඛනයක් අවශ්‍ය වෙනවා. මෙතනදී ඔයාට, ඔයාගේ ස්ථිර පදිංචිය තියෙන ගෙදර light bill එකක් හෝ වතුර bill එකක් ඉදිරිපත් කරන්න පුලුවන්. හැබැයි ඒ bill එක මාස තුනක් ඇතුළත ලබා ගත්ත bill එකක් වෙන්න ඕනේ. ඒ වගේම මේ විදිහට ඉදිරිපත් කරන bill එක ඔයාගේ නමට තියෙන්නත් ඕනේ.

හැබැයි ගෙදර bill එන්නේ ඔයාගේ තාත්තාගේ හෝ අම්මාගේ නමට නම් ඔයාගේ උප්පැන්න සහතිකයේ copy එකක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ලීසිං සමාගම විසින් bill එකේ වලංගුතාවය පැහැදිලි කරගන්නවා.
ඔයා විවාහකයි නම්, ඔයාගේ ගෙදර bills එන්නේ විවාහ වුණු පුද්ගලයාගේ නමට නම් ඔයාට පුලුවන් ඔයාගේ විවාහ සහතිකය ඉදිරිපත් කරලා bill එකේ වලංගුතාවය ඔප්පු කරන්න.

3. ලිපිනය නිවැරදි කරගන්න

මේ විදිහට light bill එකක් හෝ වතුර bill එකක් ඉදිරිපත් කරනකොට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ලිපිනයේ වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. Light bill වල තියෙන ලිපිනයක් බොහෝ කාලෙකට කලින් ගත්ත ඒවා නිසා වර්තමන ලිපිනයත් සමඟ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. ඒ වෙනස්කම් නිසාම ලීසිං සමාගම විසින් ඔයාගේ ලියකියවිලි ප්‍රතික්ෂේප කරන්න තියෙන අවස්තාව වැඩියි. ඉතින් ඒ නිසා ඔයාගේ bill වලත් ලිපිනයේ වෙනස්කම් තියෙනවා නම් ග්‍රාම සේවක විසින් පදිංචිය තහවුරු කළ සහතිකයක් ලබා ගන්න ඕනේ. හැබැයි මේ ග්‍රාම සේවක සහතිකය වලංගු වෙන්නෙත් මාස 6කට විතරයි.

4. ආදායම් සහතිකය

ඔයා රැකියාවක් කරනවා නම් මේ සඳහා pay sheet එක ඉදිරිපත් කරන්න පුලුවන්. එතනදී ඔයාගේ පසුගිය මාස 3ක pay sheets හරි salary confirmation එකක් ඉදිරිපත් කරන්න පුලුවන්. හැබැයි ඔයාට පඩි වාර්තාවක් නැත්නම්, ඔයා සේවය කරන ආයතනය විසින් වැටුප් දමන්නේ බැංකුවට නම් ඒ බැංකු පොතේ update එකක් අරගෙන එය ලීසිං සමාගමට ඉදිරිපත් කරන්න පුලුවන්.
මොකද බැංකු පොතේ මාසිකව ඔබට ලැබන මුදල් පිළිබඳව සඳහන් වන නිසා බැංකු පොත ආදායම් වාර්තාවක් ලෙස ඔබට ඉදිරිපත් කරන්න පුලුවන්.

5. CRIB එක

ලීසිං එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි CRIB එක කියන්නේ. මේ CRIB එකෙන් පෙන්වන්නේ ඔයාගේ ණය ඉතිහාසය. ඒ කියන්නේ ඔයා අරගෙන තියෙන ණය ප්‍රමාණය, එම ණය පියවලා ඇති ආකාරය සහ ඔයාගේ ණය ගණුදෙණු සියල්ල මේ CRIB එකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඕනෙම ණය දෙන ආයතනයක් ඔයාට ණය ලබා දෙනවද නැද්ද කියල තීරණය කරන්නේ CRIB එක බලලා.
ඔයා කලින් ලබා ගත්ත ණය නිසියාකාරව පියවලා තියෙනවා නම් ලේසියෙන්ම ණය මුදලක් හෝ ලීසිං පහසුකමක් ලබා ගන්න පුලුවන්.

ඉතින් මේ දේවල් තමයි වාහනයට ලීසිං එකක් දාන්න අවශ්‍ය වෙන මූලික ලියකියවිලි. අද CarsGuide අපි කිව්වා ලියකියවිලි හරියටම අරගෙන ගියොත් ඔයාට රස්තියාදු වෙන්නේ නැතුව ලේසියෙන් වගේම ඉක්මනින් ලීසිං එකක් දාගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography P400E 2018 for Sale

Land Rover Range Autobiography P400E 2018

58,000 km, Colombo
verified MEMBER
verified
Rs 59,900,000
1 week ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
15 minutes ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
15 minutes ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
16 minutes ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
17 minutes ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
4 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
5 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
5 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
5 hours ago
+ Post an ad on ikman