නිසියාකාරව වාහනය service කිරීමේ වාසි

11 Dec, 2023   
නිසියාකාරව වාහනය service කිරීමේ වාසි

හැමෝම කැමතියි තමන්ගේ වාහනය අලුතින් ගත්තා වගේම හැමදාම තියාගන්න. ඉතින් ඔයාගේ වාහනය හොඳ තත්වයේම තියාගන්න ඕනේ නම් නිසි ලෙස service කටයුතු කරන්න ඕනේ. හැම වාහනයක්ම හරිම වෙලාවට service කිරීම අවශ්‍යයි. ඉතින් service කිරීම ගැන ඔයා සැළකිලිමත් වුණොත් ඔයාට අධික මුදලක් වියදම් කරන්න වෙන්නෙත් නැහැ. ඉතින් අද CarsGuide අපි කියන්නේ නිසියාකාරව වාහනය service කිරීමේ වාසි මොනවද කියලා.

ආරක්ෂාව වැඩි කරනවා

ඔයා වාහනයක් නිසි ලෙස නඩත්තු කරන්න අවශ්‍ය වෙන වැදගත්ම කාරණය තමයි ආරක්ෂාව. මොකද ඔයා වාහනය service කරනකොට mechanic විසින් වාහනයේ සියලුම කොටස් check කරනවා. ඒ වගේම ගැටලු තියෙනවා නම් කලින් හොයලා බලලා ඒවා නිවැරදි කරනවා. ඉතින් ඔයා වාහනය service කරන එකෙන් කලින්ම වාහනයේ ගැටලු අඳුරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙන් ඔයාට වාහනය ආරක්ෂිතව drive කරන්න පුළුවන්.

Running cost එක අඩු කිරීම

ඔයා වාහනය නිසියාකාරව service කිරීමෙන් හා හරිම වෙලාවේදී fluid සහ filter වෙනස් කිරීමෙන් ඔයාට වාහනය smoothly drive කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ engine එකේ ගැටලු ඇති වෙන්න තියෙන හැකියාවත් ගොඩක් අඩුයි. ඒ විතරක් නෙමෙයි නිසි ලෙස service කරන වාහනයක fuel efficiency වැඩියි.

වාහනයේ value එක වැඩි වෙනවා

ඔයා වාහනයේ වටිනාකම ගැන සැළකිලිමත් වෙනවා නම් සහ ඉස්සරහටත් වාහනය නිසි ලෙස තියාගන්න අවශ්‍ය නම්, හරි වෙලාවට වාහනය service කරන එක වැදගත්. ඉතින් ඔයා නිසි ලෙස වාහනය service කරනවා කියන්නේ වාහනය ගොඩක් කල් කිසිම ගැටලුවක් නැතුව තියාගන්න පුළුවන් වෙනවා කියන එක. ඒ වගේම හොඳට service කරපු වාහනයක් හා කාලයක් තිස්සේ හරියට service නොකරපු වාහනයක් අතර වෙනස ඉක්මනට අඳුනගන්නත් පුළුවන්.

Breakdowns අඩු වෙනවා

වාහනය නිසි ලෙස service කිරීමේ තවත් වාසියක් වෙන්නේ ඔයාගේ වාහනයේ breakdowns අඩු වෙන එක. ඔයා හරියටම වාහනය service කරනවා නම් වාහනයේ දෝෂ ඇති වෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. වාහනය අතර මඟ නැවතිලා වගේ කිසිම අපහසුතාවයකට ඔයාට ලක් වෙන්න වෙන්නෙත් නැහැ. ඔයාට පහසුවෙන් drive කරන්න පුළුවන් වෙනවා.

වාහනයේ ආයු කාලය වැඩි වෙනවා

වාහනයක් නිසිලෙස service කරන්නේ නැහැ කියන්නේ ඒ වාහනයේ ආයු කාලය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒත් ඔයා හරි වෙලාවට ඔයාගේ වාහනය service කරනවා කියන්නේ වාහනය හොඳ තත්වයේ ගොඩක් කල් තියාගන්නත් පුළුවන් වෙනවා වගේම වාහනයේ වටිනාකමත් වැඩි වෙනවා.
ඒ වගේම නිසි ලෙස service කිරීමෙන් ඔයාට අලුත්වැඩියා කරන්න වෙන මුදල් ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා.

Performance වැඩි කරනවා

හරිම වෙලාවේදී වාහනය service කිරීම මඟින් වාහනයේ performance වැඩි වෙනවා. Tires check කිරීම, oil change කිරීම, air සහ cabin filters replace කිරීම වැනි service කටයුතු වලින් ඔයාගේ වාහනයේ performance වැඩි දියුණු කරනවා. වාහනයෙන් හොඳ performance එකක් ඔයත් බලාපොරොත්තු වෙනවා නම් service කටයුතු නිසිලෙස කරන්න මතක තියාගන්න.

මේ දේවල් තමයි ඔයා නිසියාකාරව වාහනය service කිරීමේ වාසි. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා ඔයාගේ වාහනයත් ගත්තා වගේම අලුත් පෙනුමට තියාගන්න ඕනේ නම් හරි වෙලාවට service කටයුතු කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz EQE 300 AMG 2025 for Sale

Mercedes Benz EQE 300 AMG 2025

15,000 km, Colombo
verified MEMBER
verified
Rs 67,500,000
1 week ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,800,000
2 weeks ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

92,000 km, Jaffna
MEMBER
Rs 6,550,000
2 weeks ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

200,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 weeks ago
Nissan Bluebird Sylphy G11 F/Loaded 2011 for Sale

Nissan Bluebird Sylphy G11 F/Loaded 2011

140,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,290,000
5 minutes ago
Auto Parts for saleikman logo
Nissan Caravan E24 Brake Booster for Sale

Nissan Caravan E24 Brake Booster

verified MEMBER
Rs 45,000
2 weeks ago
225/40/R19 Run Flat GoodYear Tyres for Sale

225/40/R19 Run Flat GoodYear Tyres

MEMBER
Rs 50,000
7 minutes ago
Apple CarPlay/Android Auto Adapter for Sale

Apple CarPlay/Android Auto Adapter

MEMBER
Rs 19,900
26 minutes ago
15 inch 4 hole brand new Alloy wheels set for Sale

15 inch 4 hole brand new Alloy wheels set

verified MEMBER
verified
Rs 90,000
56 minutes ago
+ Post an ad on ikman