මෝටර් රථ රක්ෂණයක වාසි සහ අවාසි

16 May, 2024   
මෝටර් රථ රක්ෂණයක වාසි සහ අවාසි

වාහන වැඩි වීමත් එක්ක සිද්ධ වෙන අනතුරු ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. මේ හේතු නිසාම විශේෂයෙන් ලංකාවෙ නීතිය අනුව නම්, වාහනයක් මහ පාරට දානකොට රථ වාහන රක්ෂණයක් තිබීම අනිවාර්යය දෙයක්.

මොකද හදිසි අනතුරු හිමිකම් තනි තනිව දරා ගැනීම මිල අධික වන අතර, මෝටර් රථය සහ පුද්ගලික හානි වියදම් වළක්වා ගැනීමට හොඳම මාර්ගය වන්නේ මෝටර් රථ රක්ෂණයක් ලබා ගැනීමයි. නමුත් මෝටර් රථ රක්ෂණයක වාසි වගේම අවාසිත් තියෙනවා. අද CarsGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

මෝටර් රථ රක්ෂණයක් මොකටද?

මෝටර් රථ රක්ෂණය යනු රිය අනතුරක් හේතුවෙන් රියදුරු හෝ වාහනයේ ගමන් කරන්නන්ට සිදු වෙන ඕනෑම හානියක් හෝ තුවාලයක් ආවරණය කිරීම සඳහා මිලදී ගත හැකි රක්ෂණ ආකාරයක්.

මෝටර් රථ රක්ෂණයෙන් සිදු වන්නේ වගකීම්, ගැටුම් සහ comprehensive damage ආරක්ෂා කිරීම, අනාරක්ෂිත මෝටර් රථ ආවරණය සහ වෛද්‍ය ගෙවීම් ආවරණය කිරීමයි. ගින්නෙන්, විනාශකාරී ක්‍රියාවකින් හෝ වෙනත් ස්වාභාවික විපතකින්, වාහනය සොරකම් කළහොත් හෝ හානි වුවහොත් සොරකම් සඳහාද ආවරණයක් සැපයීම මෙහිදී සිදු වෙනවා.

මෝටර් රථ රක්ෂණයේ වැදගත්කම

බොහෝ අය මෝටර් රථ රක්ෂණයේ වැදගත්කම ගැන දන්නේ නැහැ. මෝටර් රථ රක්ෂණයක් කියන්නේ අනපේක්ෂිත තත්වයන් හෝ සිදුවීම් කෙසේ සිදු වුවද ඒවා ආවරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති රක්ෂණ වර්ගයක්. නමුත් රක්ෂණ ඔප්පු එකිනෙකට වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඒවායේ අරමුණ ඉක්මනින් සිදු විය හැකි හෝ අනාගතයේ යම් අවස්ථාවක සිදු විය හැකි සිදුවීමක් ආවරණය කිරීම වෙන්න පුළුවන්.

මෝටර් රථ රක්ෂණ ඔප්පු මගින් ගින්න, ස්වභාවික විපත්, සොරකම්, අනතුරු සහ තවත් බොහෝ අවදානම් වලට සම්බන්ධ පාඩු වලට එරෙහිව ආවරණයක් සැපයීම සිදු වෙනවා.

Online Car Insurance Policy එකක වාසි

Online මෝටර් රථ රක්ෂණය ලබා දෙන මූලික වාසිය තමයි, එය අන්තර්ජාලය හරහා ප්‍රතිපත්තියක් සංසන්දනය කිරීමට සහ මිලදී ගැනීමට ඉඩ සලසනවා පමණක් නොව, පාරිභෝගිකයින්ට file claims කිරීමට, වාරික ගෙවීමට හෝ අන්තර්ජාලය හරහා policy coverage එක වෙනස් කිරීමට හැකියාව ලබා දීමයි. ඒ වගේම policy details වලට 24×7 ප්‍රවේශ විය හැකි අතර insurance cards සහ අනෙකුත් ලේඛන සඳහා මුද්‍රණ පිටපත් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ලබා ගන්න පුළුවන්.

Car Insurance Policy එකක වාසි

මූල්‍ය වගකීම් සඳහා සහතිකයක්

විශාල, හදිසියේ සිදුවන හානි සඳහා ගෙවීමට ඔබට ප්‍රමාණවත් තරම් මුදල් තිබෙනවාද? පිළිතුර නැහැ කියන එක නම්, හොඳම මෝටර් රථ රක්ෂණ ඔප්පුව තෝරා ගැනීම දැවැන්ත හානි පිරිවැයෙන් මිදීමට නිවැරදි විකල්පය වෙනවා.

Repairs සහ replacement පිළිබඳ සහතිකයක්

අනතුරකදී මෝටර් රථ රක්ෂණ අධිකාරිය හානියේ බරපතලකම විශ්ලේෂණය කර අමතර කොටස් අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට තීරණය කරයිනවා. මෝටර් රථ රක්ෂණ ඔප්පුවකින් ඔබේ වාහනය, මෙම සඳහන් කළ මෝටර් රථ හානි නැවත යථා තත්වයට පත් කර ගන්න උපකාරී වෙනවා.

නීත්‍යානුකූල අවශ්‍යතාවය

මෝටර් රථ හිමිකරුට ඔවුන්ගේ අලුත් මෝටර් රථය සඳහා වගකීම් සහතිකයක් අවශ්‍ය වෙනවා. නිවැරදි රක්ෂණ ඔප්පුව තිබීම නීතිමය වගන්ති වලින් ඔබව ආරක්ෂා කිරීම සිදු කරනවා.

Medical claims සඳහා සහතිකයක්

රියදුරුට හෝ මගියාට බරපතළ හානියක් සිදුවුවහොත්, පුද්ගලයෙකුට අධික වෛද්‍ය වියදම් දැරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් රක්ෂණ ඔප්පුවක් තිබීම මූල්‍ය වියදම් සහ වෛද්‍ය වියදම් ආවරණය කරන බවට සහතිකයක්.

රියදුරු සහ මගීන්ගේ වගකීම් ආරක්ෂා කරයි

රිය අනතුරු වලදී රියදුරන්ට සහ මගීන්ට යම් හානියක් සිදුවුවහොත්, ඔබේ රක්ෂණ ඔප්පුව හානි වියදම් ආවරණය කිරීම සිදු කරනවා.

Personal accident cover එකක්

මෙම පුද්ගලික අනතුරු ආවරණය මඟින් හදිසි අනතුරු, ස්ථිර ආබාධිතභාවය සහ මෝටර් රථ රක්ෂණ ඔප්පුව යටතේ ගෙවනු ලබන උපරිම මුදල නිසා සිදුවන අපහසුතාවයෙන් ඔබව ආරක්ෂා කරනවා.

තෙවන පාර්ශවීය වගකීම්

අනතුරක් සිදුවුවහොත් සහ තෙවන පාර්ශවීය වාහනයට හානි සිදුවුවහොත් රක්ෂණ ඔප්පුව මඟින් එම හානි ආවරණය කිරීම සිදු වෙනවා.

Car Insurance Policy එකක අවාසි

Coverage failures

මෝටර් රථ රක්ෂණයේ මූලික සහ ප්‍රධාන අවාසිය නම් ඔබේ රක්ෂණ ඔප්පුව මුළු වාහනයම ආවරණය නොකිරීමයි. මෝටර් රථයේ නිශ්චිත කොටස් පමණක් හානි ආවරණය යටතේ පවතිනවා. ඔප්පුහිමියා රක්ෂණ ඔප්පුව මිලදී ගැනීමට පෙර ලේඛනයේ සැඟවුණු වගන්ති හොඳින් පරීක්ෂා කර බලන්න අමතක කරන්න එපා.

Process එකට යම් කාලයක් ගැනීම

බොහෝ රක්ෂණ සමාගම්, හිමිකම් මුදල පියවීමට යම් කාලයක් ගන්නවා. බොහෝ රක්ෂණ හිමියන් මුහුණ දෙන ගැටලුවක් තමයි මේක.

දුර්වල Customer Support එක

සමහර Insurance සමාගම් වල දුර්වල කාර්යය මණ්ඩලයක් තමයි ඉන්නේ. ඉතින් එවැනි අවස්ථා වලදී ඔබට ලැබෙන සේවාවේද යම් අඩුපාඩු සිදු වෙන්න පුළුවන්.

ඉතින් මේ තමයි මෝටර් රථ රක්ෂණයක වාසි සහ අවාසි. කලින් සඳහන් කළා වගේම මෝටර් රථ රක්ෂණයක් වාහනයකට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා රක්ෂණයක් ලබා ගන්න කලින් ඒ පිළිබඳව හොඳින් සිතා බැලුවොත් ඔබට පුළුවන් මෙහි සඳහන් අවාසි වලින් වැළකී සිටින්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Santa Fe 2016 for Sale

Hyundai Santa Fe 2016

234,000 km, Gampaha
MEMBER
Rs 15,000,000
1 week ago
Mitsubishi Lancer 1979 for Sale

Mitsubishi Lancer 1979

20,000 km, Kilinochchi
MEMBER
Rs 1,200,000
48 minutes ago
Honda Civic SE 2018 for Sale

Honda Civic SE 2018

79,746 km, Colombo
MEMBER
Rs 11,800,000
1 hour ago
Land Rover Defender Puma 2.2L TD6 Autobi 2016 for Sale

Land Rover Defender Puma 2.2L TD6 Autobi 2016

50,000 km, Colombo
verified MEMBER
Rs 36,500,000
1 hour ago
Mazda 3 COMPANY MAINTENANCE 2016 for Sale

Mazda 3 COMPANY MAINTENANCE 2016

169,000 km, Colombo
verified MEMBER
verified
Rs 11,050,000
2 hours ago
+ Post an ad on ikman