ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය

05 Dec, 2023   
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය

ගොඩක් අයගේ තියෙන ලොකුම goal එක තමයි, ‘මං මේ කාලෙ වෙනකොට මේ වාහනය ගන්නවා’ කියන එක. හැබැයි මොකක් හරි හේතුවක් නිසා, ඔබ හිතපු කාලෙදි හිතපු වාහනය ගන්න, අතේ තියෙන සල්ලි මදි වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඔබ කරන්නේ, ලීස් එකක් දාලා හරි වාහනය ගන්න එක. හැබැයි ඔබ දන්නවද, මේකෙ නීතිමය තත්වය මොන වගේද කියලා? ඒ ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඒ නිසා, CarsGuide අපි හිතුවා ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය ගැන අද ඔබට කියන්න.

මොකක්ද මේ කල්බදු මූල්‍යකරණ පනත?

ලීසිං සම්බන්ධ නීතිමය තත්වයන් දක්වලා තියෙන පනත තමයි, කල්බදු මූල්‍යකරණ පනත කියන්නේ. වාහන ලීසිං නැත්නම්, කල්බදු සම්බන්ධයෙන් බල පවත්වන නීතිය ගැන කතා කරනකොට, කල්බදු මූල්‍යකරණ පනත ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ලීසිං පහසුකම ලබා ගන්න පුද්ගලයා නැත්නම්, බදු ගැනුම්කරුට වගේම, ලීසිං පහසුකම ලබා දෙන මූල්‍ය ආයතනය නැත්නම්, බදු දීමනාකරුටත් අදාළ නීතිමය තත්වයන්, ඒ ඒ අයගේ යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් මොනවද කියලා කල්බදු මූල්‍යකරණ පනතට පැහැදිලිව ඇතුළත් කරලා තියෙනවා.

බදු ගැනුම්කරුට පවතින නීතිමය තත්වය මොන වගේද?

බදු ගැනුම්කරුට ලැබෙන අයිතිවාසිකම්

Leasing company එක මොකක්ද?

වාහනයක් ලීස් කරලා ගන්නකොට, මුලින්ම කරන්න ඕනේ, ලීසිං පහසුකම ලබා ගන්න අවශ්‍ය, විශ්වාසවන්ත ලීසිං සමාගමක් තෝරාගන්න එක. මෙතනදි ලීසිං සමාගම් වල විස්තර හොයලා බලලා, කැමති ලීසිං සමාගමක් තෝරාගන්න, බදු ගැනුම්කරුට අයිතිය ලබා දීලා තියෙනවා.

කැමති වාහනය මොකක්ද?

මේ කල්බදු පදනම මත ලබා දෙන්නේ, බදු ගැනුම්කරු කැමති වාහනය. ඒ නිසා, ලීස් එක දාලා ගන්නේ මොන වාහනයද කියන එක තීරණය කරන්න ගැනුම්කරුට පුළුවන්. මේක කල්බදු මූල්‍යකරණ පනත යටතේ, බදු ගැනුම්කරුට ලැබෙන එක අයිතියක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කල්බදු ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවද?

ලීසිං සමාගම් විසින් කල්බදු ගිවිසුමේ ඇතුළත් කොන්දේසි තමන්ට හිතෙන හිතෙන විදිහට, හිතෙන හිතෙන වෙලාවට වෙනස් කරනවා නම්, ඒකට විරුද්ධ වෙන්න බදු ගැනුම්කරුට පුළුවන්. ලීස් කරලා වාහනයක් ගත්තා නම්, සමහර විට ඔබටත් එහෙම අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. ඒ නිසා, මීට පස්සේ ලීසිං සමාගම කල්බදු ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවද කියලා ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මේකත් බදු ගැනුම්කරුට, කල්බදු මූල්‍යකරණ පනතෙන් ලබාදෙන අයිතියක්.

ලීසිං සමාගම් වලට පවතින නීතිමය තත්වය මොන වගේද?

ලීසිං සමාගමට පැවරෙන වගකීම්

ලීසිං සමාගමක් ආරම්භ කරන්නේ කොහොමද?

Leasing company එකක් නැත්නම්, කල්බදු මූල්‍ය ආයතනයක් හිතෙන හිතෙන විදිහට දාන්න බැහැ. කල්බදු මූල්‍යකරණ පනතේ දක්වලා තියෙන විදිහට අවශ්‍ය සුදුසුකම් සපුරලා, නියමිත පරිදි අවසරයක් ලබාගෙන, පවත්වාගෙන යන ආයතනයක් වෙන්න ඕනේ. ඒ නිසා, ලීසිං සමාගමක් ආරම්භ කරනවා නම්, අනිවාර්යයෙන්ම කල්බදු මූල්‍යකරණ පනත යටතේ register වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම්, කල්බදු මූල්‍ය සේවාවන් සපයන්න පුළුවන් අයිතිය තියෙන්න ඕනේ.

Leasing company එකට ලැබෙන අයිතිවාසිකම්

වාහනය හරියට maintain කරනවද?

බදු ගැනුම්කරු විසින් වාහනය maintain කරනවද, හරියට භාවිතා කරනවද, වාහනය හොඳින් තියෙනවද කියන දේවල් ගැන හොයලා බලන්න, leasing company එකට පුළුවන්. ඒක කල්බදු මූල්‍යකරණ පනත යටතේ leasing company එකට ලැබෙන අයිතියක්.

ලීසිං වාරික ගෙවීම පැහැර හරිනවද?

බදු ගැනුම්කරු විසින්, ගිවිසුමට අනුකූලව වාරික ගෙවීම පැහැර හැරියොත්, ලීසිං සමාගමට පුළුවන්, මේ ගිවිසුම අහෝසි කරලා, වාහනයේ සන්තකය තමන්ට ලබා ගන්න. හැබැයි මේක කරන්න පුළුවන්, වාරික හිඟ තිබුණොත් විතරයි.

ලීසිං සමාගමේ යුතුකම්

වාහනයේ සන්තකය ලබා ගන්නේ කොහොමද?

යම් හේතුවක් මත බදු ගැනුම්කරුට වාරික ගෙවාගන්න බැරි වුණොත්, ලීසිං සමාගමට වාහනයේ සන්තකය ලබා ගන්න නීතිමය පියවර තියෙනවා. ඒ කියන්නේ, වාරික හිඟ වුණු පලියට බලෙන් වාහන උස්සන්න බැහැ.

බදු ගැනුම්කරු විසින් සැළකිය යුතු වාරික ප්‍රමාණයක් ගෙවීම පැහැර හැරලා නම්, ලීසිං සමාගම මුලින්ම කරන්න ඕනේ, වාරික ගෙවන්න ඕනේ කියලා ලියුමක් අදාළ පුද්ගලයාට යවන එක. එතනින් එහාටත් බදු ගැනුම්කරු වාරික ගෙවන්නේ නැත්නම්, බදු ගැනුම්කරු ගිවිසුමට අනුව වැඩ කළේ නැති නිසා, ගිවිසුම අහෝසි කළා කියලා දැනුම් දෙන්න පුළුවන්.

ඊට පස්සේ තමයි වාහනයේ සන්තකය leasing company එකට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි, බදු ගැනුම්කරු වාහනය, leasing company එකට ලබා දෙන්න සූදානම් නැත්නම්, දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න, සමාගමට පුළුවන්. ඒ කියන්නේ, තමන්ට වාහනයේ සන්තකය ගන්න ඉඩ දෙන්න කියලා අතුරු නියෝගයක් ඉල්ලන්න පුළුවන්. මෙතනදි බදු ගැනුම්කරුට අධිකරණයට ඇවිත්, වාරික නොගෙවීමට හේතු දක්වන්න පුළුවන්. මේ හේතු වලින් අධිකරණය සෑහීමකට පත් වෙනවා නම්, අදාළ අතුරු නියෝගය අවලංගු කරනවා. ඊට පස්සේ අදාළ නඩු විභාගයේදී සාක්ෂි විමසීමෙන්, නඩු විභාගය අවසානයේ තීන්දුවක් දෙනවා.

හැබැයි බදු ගැනුම්කරු ඒ විදිහට හේතු ඉදිරිපත් නොකළොත්, මේ අතුරු නියෝගය ස්ථිර කරනවා. එතකොට ලීසිං සමාගමට පුළුවන්, වාහනයේ සන්තකය ලබා ගන්න.

ලීස් එකක් දාලා වාහනයක් ගන්නකොට, බදු ගැනුම්කරුට අදාළ නීතිය විතරක් දැනගෙන ඉන්න එක හොඳටම ඇති කියලා, මීට කලින් ඔබ හිතන් හිටියා නම්, ඒක සම්පූර්ණයෙන්ම වැරදියි කියලා දැන් ඔබට තේරෙනවා නේද? ප්‍රශ්නයක් ඇති නොවී, ලීස් කරලා වාහනයක් ගන්න නම්, බදු ගැනුම්කරුට වගේම, ලීසිං සමාගමට අදාළ නීතිය ගැනත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. එතකොට තිබුණු ප්‍රශ්නේ විසඳා ගන්න කියලා හිතාගෙන ලීස් කරලා වාහනයක් ගත්තු එකෙන් තවත් ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Jeep Renegade 2017 for Sale

Jeep Renegade 2017

126,000 km, Colombo
MEMBER
Rs 11,850,000
2 days ago
Suzuki Celerio 2016 for Sale

Suzuki Celerio 2016

161,260 km, Colombo
MEMBER
Rs 5,175,000
2 days ago
DFSK Glory 580 SUV 2021 for Sale

DFSK Glory 580 SUV 2021

90,000 km, Colombo
MEMBER
Rs 9,800,000
4 hours ago
Toyota Raize Z Hybrid 2026 for Sale

Toyota Raize Z Hybrid 2026

0 km, Kandy
verified MEMBER
verified
Rs 13,650,000
1 week ago
BMW 530e M-Sport 2018 for Sale

BMW 530e M-Sport 2018

50,000 km, Colombo
verified MEMBER
verified
Rs 25,500,000
5 hours ago
Auto Parts for saleikman logo
Tires with Rim 185/60/R15 for Sale

Tires with Rim 185/60/R15

MEMBER
Rs 12,500
4 hours ago
වාහන Buffle Set with Player for Sale

වාහන Buffle Set with Player

MEMBER
Rs 13,000
8 hours ago
Suzuki wagon r dicky for Sale

Suzuki wagon r dicky

verified MEMBER
verified
Rs 130,000
8 hours ago
+ Post an ad on ikman