වාහන සහ වාහන හිමියන් පිළිබඳව රජය විසින් ගත් නවතම තීරණ

12 Jun, 2023   
වාහන සහ වාහන හිමියන් පිළිබඳව  රජය විසින් ගත් නවතම තීරණ

වාහන ඇති අයට රජයෙන් ගැසට්ටුවක්

වෘත්තීය කාණ්ඩ කිහිපයක නියැලෙන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස අතරට;

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින්ද අයත්. (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)

මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්ද මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.

(Source : Department of Government Information – news.lk)

පළාත් අකුරු වාහන අංක තහඩුවෙන් ඉවතට

මෙම වසරේ සිට බලපැවැත්වෙන පරිදි(2023 ජනවාරි 01 දා සිට) නව වාහනයක් ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවත් කිරීමට රජය පසුගිය වසරේදී තීරණය කළා. ඒ අනුව දැනට නිකුත් කර තිබෙන අංක තහඩුවල තිබෙන පළාත් අක්ෂරය තිබීම පිළිබඳව ගැටළුවක් නොමැති නමුත් නිකුත් කර තිබෙන වාහනය වෙනත් පළාතකට අලෙවි කළහොත් ඊට පසු නිකුත් කරන නව තහඩුවේ පළාත සඳහන් වන්නේ නැහැ.

(Source: Department of Government Information – news.lk & Ada Derana)

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට අවධානය

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙම වසරේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවනවා.පසුගිය වසරේ දී ගම්පහ දිස්ත්‍රිකයේ ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් 75 දෙනෙකුට රියැදුරු පුහුණු බලපත්‍රය ලබා දී ඊට අදාළ නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා.

එහි සාර්ථකත්වය මත අදාළ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට රියදුරු බලපත් ලබා ගැනීම සඳහා දිවයින පුරා සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් 1000කට ආසන්න ප්‍රමාණයක් අයදුම් කර ඇති බවද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනවා.

(Source: Ministry of Transport and Highways – official website)

රියැදුරු බලපත අහිමි කරන ලකුණු කපන ක්‍රමය

රථවාහන අනතුරු අවම කිරීමේ අරමුණෙන් රියැදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව සැලසුම් කළ ක්‍රමවේදය එළඹෙන මාස කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

රියැදුරු විසින් සිදු කරන වැරදි අනුව බලපත්‍රයේ ලකුණු අඩුවීම මෙහිදී සිදු වේ. ලකුණු අවසන් වීමේදී රියැදුරු බලපත්‍රය අහෝසි වීමට නියමිතය. අදාළ වරද අනුව ලකුණු අහිමි කිරීමට බලය රථවාහන පොලිසිය සතු ය.

මෙසේ එක් රියැදුරු බලපත්‍රයක් සඳහා ලැබෙන ලකුණු සංඛ්‍යාව 24 ක්. ලකුණු අවසන් වීමත් සමඟ අවලංගු වන බලපත්‍රය ලබාගැනීම සඳහා රියැදුරු නැවත මුල සිට ඉල්ලුම් කළ යුතුව බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

(Source: Department of Government Information – news.lk & BBC Sinhala)

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී පරීක්ෂණයට ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව ද ඇතුලත් කිරීමට පියවර.

රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව ද ඇතුළත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, රතු කුරුස සමාජය (කොළඹ ශාඛාව), ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන එක්ව ‍ප්‍රථමාධාර පුහුණුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දෛනිකව සිදුවන රථවාහන හා මාර්ග අනතුරු ඇතුළු අනතුරුවලදී සිදුවන ජීවිත හානි වළක්වා ගැනීම සහ නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේද හඳුන්වා දීමේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් රියැදුරන් වෙත මෙම ප්‍රථමාධාර පුහුණුව ලබාදීම මෙහි අරමුණයි.

ඉදිරියේදී රියැදුරු බලපත්‍ර ලබා දීමේ දී පැවැත්වෙන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයේදි ඊට ප්‍රථමාධාර පුහුණුව පිළිබඳව කොටසක් ඇතුළත් කිරීමටත් ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව තත්ත්වයන් වඩාත් විධිමත් කිරීම පිළිබඳවත් රජයේ අවධානය යොමුව තිබෙනවා.

(Source: Ministry of Transport and Highways – official website)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Raize Z Modelista 2024 for Sale

Toyota Raize Z Modelista 2024

200 km, Colombo
MEMBER
Rs 17,500,000
2 weeks ago
Hyundai Santa Fe Calligraphy 2025 for Sale

Hyundai Santa Fe Calligraphy 2025

verified MEMBER
verified
Rs 35,500,000
8 hours ago
Suzuki Swift RS Japan 1st owner 2017 for Sale

Suzuki Swift RS Japan 1st owner 2017

72,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,975,000
8 hours ago
Toyota Land Cruiser Sahara V8 2012 for Sale

Toyota Land Cruiser Sahara V8 2012

145,000 km, Ratnapura
MEMBER
Rs 44,000,000
1 month ago
Audi Q2 TFSI 2018 for Sale

Audi Q2 TFSI 2018

70,000 km, Ratnapura
MEMBER
Rs 16,500,000
8 hours ago
Auto Parts for saleikman logo
Bmw F10 520 D M Sport Fog Light for Sale

Bmw F10 520 D M Sport Fog Light

verified MEMBER
Rs 50,000
7 hours ago
Duel Cluch for Honda Vezel/GP5/Grace for Sale

Duel Cluch for Honda Vezel/GP5/Grace

verified MEMBER
Rs 225,000
8 hours ago
Toyota KDH Timing Belt Set for Sale

Toyota KDH Timing Belt Set

verified MEMBER
verified
Rs 32,000
8 hours ago
+ Post an ad on ikman