නිදහස් දිනයට සියල්ල සුදානම් – විශේෂ රථවාහන සැලැස්මකුත්

03 Feb, 2025   
නිදහස් දිනයට සියල්ල සුදානම් – විශේෂ රථවාහන සැලැස්මකුත්

හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්  විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි.

මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේ, උදෑසන 7ට පෙර අදාළ ස්ථානය වෙත ගොස් අසුන් ගන්නා ලෙස සියලු ආරාධිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණෙන මහජනතාව බෞද්ධාලෝක මාවතෙන් පැමිණිය යුතු අතර පසුව රූපවාහිනි පරිශ්‍රය ආසන්නයෙන් පරීක්ෂාවට ලක්කර ආසන වෙත යොමු කෙරෙණු ඇත.

බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දිය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, ආර්.අස්.පී හන්දියෙන් රාජ්‍ය පරිපාලනය දෙසට ඇතුළු වීම, විජේරාම විද්‍යා මාවතෙන් විද්‍යා මාවත දෙසට ඇතුළු වීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමින් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුළු වීම, පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම හා නිදහස් පදනම් හන්දියෙන් නිදහස් මාවතට ඇතුළු වීම මාර්ගය වසා ගමනා ගමනය සීමා කර තිබේ.

පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය මත ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන බව ද පැවසු ඉන්දික හපුගොඩ මහතා, කොළඹට ඇතුළ වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පහත සඳහන් මාර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කළේය.

නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන වාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වී තුම්මුල්ලට හා බොරැල්ල කනත්ත දෙසටත් ගමන් කළ හැකියි.

මේ අතර බෞද්ධාලෝක මාවතෙන් හෝර්ටන් වටරවුම දක්වා පැමිණෙන වාහන විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් දෙසට ගමන් කළ හැකියි අතර, විජේරාම හන්දියෙන් විද්‍යා විජේරාම හන්දියෙන් තුම්මුල්ල දෙසට යන වාහන විද්‍යා විජේරාම හන්දියෙන් බුලස් විජේරාම දෙසට පැමිණ බොරැල්ල කනත්ත දෙසට හා තුම්මුල්ල දෙසට ගමන් කළ හැකියි.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger Bi - turbo 2019 for Sale

Ford Raptor Ranger Bi - turbo 2019

78,000 km, Colombo
MEMBER
Rs 25,900,000
1 week ago
Suzuki Wagon R Stingray FULL OPTIONS 2023 for Sale

Suzuki Wagon R Stingray FULL OPTIONS 2023

verified MEMBER
verified
Rs 3,000,000
16 minutes ago
Toyota Premio 260 2017 for Sale

Toyota Premio 260 2017

117,000 km, Colombo
verified MEMBER
Rs 15,650,000
21 minutes ago
Toyota Vitz 2019 for Sale

Toyota Vitz 2019

43,000 km, Gampaha
MEMBER
Rs 9,600,000
1 week ago
Nissan Bluebird Sylphy G11 2011 for Sale

Nissan Bluebird Sylphy G11 2011

190,000 km, Colombo
verified MEMBER
Rs 6,975,000
2 weeks ago
Auto Parts for saleikman logo
Prado 120 Front Shell for Sale

Prado 120 Front Shell

MEMBER
Rs 20,000
1 hour ago
Jumper Wires Brand New for Sale

Jumper Wires Brand New

verified MEMBER
verified
Rs 4,000
1 hour ago
+ Post an ad on ikman