Clean Sri Lanka යටතේ රථවාහන සඳහා විශේෂ මෙහෙයුමක්

03 Jan, 2025   
Clean Sri Lanka යටතේ රථවාහන සඳහා විශේෂ මෙහෙයුමක්

ලංකාවේ වාහන වෙනස්කිරීම් සම්බන්ධව කතා කරන කොට ඇත්තේ සැබවින්ම බොඳ වු චිත්‍රයකි. මෙයට හේතුව නීති රාමුව තුල යම් යම් නිර්නායක ඉඟිකොට තිබුණද නිශ්චිත වශයෙන් එය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීමයි

වාහනයක් අයිතිකරුගේ අවශ්‍යතාවය මත පුද්ගලීකරණය කර ගැනීම අයිතියක් යැයි අපි විශ්වාස කරමු.නමුත් අනෙකුත් මෝටර් රථ ධාවනයන් පදිකයින් හා මගීන් හට හිරිහැර නොවන පරිදි කිරීම ආනිවාර්ය කරුණකි.

ගෙවුණු මාස කිහිපය තුල රථවාහන අනතුරු අධික වීම දකින්ට ලැබුණා. ඒ අතර ධාවනයට නුසුදුසු බස් රථයක් කොතගාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට මරු කැදවමින් බදුල්ල ප්‍රදේශයේ සිදුවු අනතුර වගේම හැටන් හි රියදුරුගේ නොසැලකිලිමත්කමින් බස්රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වීම. මෙහි හානිය වැඩි වීමට හේතුවක් ලෙස අනවසර වෙනස් කිරීම් විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.

ඉහත සිද්ධීන් පදනම් කරගනිමින් රථවාහන ආරක්ෂාව සැලැස්වීමට 2025.01.02 දින සිට සියලුම පොලිස් බලප්‍රදේශ තුල දිනකට පැය 2 බැගින් මෙහෙයුම් 2ක් සිදුකිරීම සඳහා රථවාහන ස්ථානාධිපතිවරුන් හට උපදෙස් දී ඇත. මෙම වැටලීම් තුලින් වාහන ධාවන තත්ව පරික්ෂාව

  • වර්ණ වෙනස් කිරීම්
  • නිමි නිමි දැල්වෙන විවිධ වර්ණ සහිති සවිකර ඇති විදුලි පහන් සෙයා බැලීම
  • විවිධ නලා භාවිතය
  • විවිධ චිත්‍ර, මෝස්තර හා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය
  • නීතිවිරෝධි සවි කිරීම් නිර්මාණ වෙනස් කිරීම්

ඉහත සියල්ල විමර්ශනයට භාජනය වන බව නිවේදනය කොට ඇත.ඔබගේ වාහනයෙන් ඉහත කාරණා පිළිඹිබු වන ලෙස වෙනස් කිරීම් සිදු කර ඇත්නම් එය නෛතික රාමුව තුළ කරගන්නා ලෙසත් නෛතික නොවන සියලු වෙනස්කම් ඉවත් කරගැනීමට කටයුතු කරගන්නා ලෙසත් CarsGuide අපි ඉතා ගෞරවයෙන් ඔබට දන්වා සිටිමු.

සුරක්ෂිත ධාවන පරිසරයක් තුලින් වඩාත් දියුණු ප්‍රවාහන පද්ධතියක් රට තුළ ඇති කිරීමට සියලු දෙනා කැපවෙමු යන්න අපගේ ප්‍රාර්ථනනයි.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Rocco 2025 for Sale

Toyota Hilux Rocco 2025

70 km, Colombo
verified MEMBER
Rs 29,500,000
2 weeks ago
Toyota Prius 2013 for Sale

Toyota Prius 2013

190,000 km, Gampaha
MEMBER
Rs 11,750,000
41 minutes ago
Toyota Yaris X 2024 for Sale

Toyota Yaris X 2024

120 km, Gampaha
verified MEMBER
verified
Rs 10,650,000
2 weeks ago
Nissan Sunny Trad HB12 1987 for Sale

Nissan Sunny Trad HB12 1987

260,000 km, Colombo
verified MEMBER
verified
Rs 1,590,000
1 hour ago
Bajaj Qute 2020 for Sale

Bajaj Qute 2020

65,000 km, Colombo
MEMBER
Rs 1,175,000
2 hours ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman