Open papers වලට වාහන ගත්තද? නැත්නම් විකුණුවද?

08 Aug, 2024   
Open papers වලට වාහන ගත්තද? නැත්නම් විකුණුවද?

Got your hands on an open papers vehicle or planning to sell one?
Planning to purchase a new vehicle or rather sell one? Everyone subtly dreams of getting their hands on a brand new car but with the existing situation within the Sri Lankan domestic market, your options are limited to used vehicles. If you’re planning got shortlist, one issue you’re certainly going to come across is open papers. Even when you’re selling your own vehicle with open papers, here’s how to get through that hurdle.

What exactly is open papers

Open papers is when the documentation is not listed to the current owner of the vehicle but rather listed to the previous owner or the first owner of the vehicle.

What happens when you have open papers

If we consider a hypothetical situation where you are the nominal owner of an open papers vehicle. In the process of transaction you will submit a MT6 for which contains four pages, The first two pages are for you while the second set of pages of the buyer.One sheet from each set goes through to the RMV to keep track and documentation of the nominal owners.

Things to be wary of when buying a open papers vehicle

Check the dates

First, check the listed on the open papers as if it is past a certain limit it could result in you getting fined a considerable moment.There also might be scams which have wrongly listed dates relating to older owners which will only put you in trouble.

Check the original signature

Be vigilant on the original signature within the MT6 form as it is the signature of the original owner. A scammer might pull you in by replacing the front sheet of MT6 form creating a false signature which will only cause an issue when you’re planning to sell the vehicle again.

Make sure the original owner has filled out the correct form

The original owner of the vehicle might have already filled out a MT6 and send it across to the RMV already.In the process of transferring from the current owner to yourself you might be in trouble as you will not be listed as the nominal owner of the vehicle

Keep the relevant documents with you

If you’re planning to get an open papers vehicle check whether you have the relevant documentation with you

An NIC copy of the original owner
If it’s registered under a leasing company check for the certified documents with a seal
The relevant company’s business registration certificate
If its a shareholding PLC, a listed agreement among all shareholders
The A and B transcripts of the MT forms

Things to consider when selling an open papers vehicle

Make sure to give your vehicle away only after transferring ownership to the buyer,otherwise acts committed using the vehicle are under your responsibility and you will be held accountable.
If the transfer process isn’t complete and the buyer has not paid off their finance the legalized court case will be listed for the current owner which is you.

Now you understand the risks involved with open papers, although when executed in the correct manner can make life easier and hassle free.

ඔබ වාහනයක් ගන්න හිතාගෙනද ඉන්නේ? අපි හැමෝම කැමතියි හිතේ තියෙන dream vehicle එක අපේම කරගන්න. නමුත් අද කාලේ ගොඩක් දෙනා තියෙන ආර්ථික තත්වය මත brand new vehicle එකක් ගන්නවට වඩා used vehicle එකක් ගන්න තමයි පෙළඹෙන්නේ. Used vehicle එකක් ගන්නකොට එහෙමත් නැත්නම් විකුණනකොට එන ප්‍රශ්නයක් තමයි open papers කියන්නේ. අද CarsGuide තුළින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ open papers වාහනයක් ගන්න, නැත්නම් විකුණන්න හිතාගෙන ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙන කරුණු කිහිපයක් ගැන.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මෙහෙම වෙන්නේ, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගත්තාම. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මේකටත් හේතුව කලින් වගේම, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගන්න එක. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වලදී මොකද වෙන්නේ?

ඔබ හිතන්න වාහන open papers වලට විකුණන්නේ ඔබ කියලා. මුලින්ම MT6 කියන පත්‍රිකා වල පිටු හතරක් පුරවලා පළවෙනි පිටු දෙක තමන් ළඟ තියාගෙන අන්තිම පිටු දෙක වාහනය ගන්න කෙනාට දෙනවා. දැන්, වාහනය විකුණපු කෙනා තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට භාර දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. වාහනය ගත්තු කෙනත් තමන් ළඟ තියෙන කොළ දෙකෙන් එකක් RMV එකට submit කරන්න ඕනේ.

Open papers වාහනයක් ගන්නකොට හිතන්න ඕන දේවල්

Date එක බලන්න

මුලින්ම open papers වල සඳහන් කරලා තියෙන දිනය බලන්න. ඒ දිනය ගොඩක් ඈත දිනයක් නම්, ඒ දවස් ගාණට ඔබට දඩ මුදලක් ගෙවන්න වෙනවා. සමහර විට, ඒ දිනය ව්‍යාජ විදිහට දැන් තියාගෙන ඉන්න අයිතිකරු වෙනස් කරලා වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

සැබෑ අයිතිකරුගේ අත්සන බලන්න

Open papers වල සැබෑ අයිතිකරුගේ අත්සන යටතේ යොදලා තියෙන අත්සන හොඳින් බලන්න. මේ අත්සන බොරු අත්සනක් වෙන්නත් පුළුවන්. මොකද අදාළ අයිතිකරු අත්සන් කරලා තියෙන්නේ, ඔබ ඉදිරියේ නෙවෙයි. වාහනයේ නියම අයිතිකරු MT 6 form එකේ දිනය දාලා අත්සන් කරලා දුන්නු paper එක, වර්තමාන අයිතිකරු අයින් කරලා, වෙනත් paper එකක් fill කරලා, ව්‍යාජ අත්සනක් දාලා දෙන්න පුළුවන්.

මුල් අයිතිකරු නියමිත form fill කර ඇති බව තහවුරු කර ගන්න

වාහනයේ නියම අයිතිකරු MT 6 form එක fill කරලා, RMV එකට යවලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනා යවලා තියෙන්නේ, වාහනය දැන් තියාගෙන ඉන්න කෙනාගේ නම. එතකොට වාහනය ඔබේ නමට හරවන්න, RMV එකට ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ ගන්න යන වාහනයට අදාළව යම් ලියකියවිල්ලක් අඩු වුණොත්, වාහනයේ නියම අයිතිකරු හොයාගෙන යන්න වෙනවා.

ඔබ ළඟ නියමිත ලියකියවිලි තබා ගන්න

හදිස්සියේ හරි ඔබ open papers වාහනයක් ගන්න ඉන්නවා නම්, මේ ලියකියවිලි ඔබ ළඟ තියෙනවද බලන්න.

– සැබෑ අයිතිකරුගේ ID copy එකක්
– වාහනය සමාගමක් නමට register කරලා තියෙනවා නම්, සමාගමේ seal එක සහිත ලියුම
– සමාගමේ ලියාපදිංචි සහතිකය
– වාහනය විකුණන කෙනා හවුල් ව්‍යාපාරයක් නම්, අනිත් හවුල්කරුවෝ කැමැත්ත ප්‍රකාශ කරපු ලියුම
– වාහනය register කරලා තියෙන්නේ, තනි පුද්ගල ව්‍යාපාරයක් නමට නම්, ව්‍යාපාර හිමිකරුගෙන් ලියුම සහ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
– MT පත්‍රිකා වල A පිටපත සහ B පිටපත

Open papers වාහනයක් විකුණනකොට හිතන්න ඕන දේවල්

ගන්න කෙනාගේ නමට වාහනය මාරු කරලා විකුණන්න මතක තියාගන්න ඕනේ. නැත්නම් වාහනය මිලදී ගත් පුද්ගලයා වාහනය පාවිච්චි කරලා තියෙන්නේ, robbery එකට නම් ඒ වැරදි වලට දඬුවම් විඳින්න වෙන්නේ වාහනය විකුණපු කෙනාට.

ඒ වගේම වාහනය ගත්තු කෙනා finance එක ගෙවලත් නැත්නම් මොකද වෙන්නේ? එතකොට finance company එක ඔබට ඒ කියන්නේ වාහනය විකුණපු කෙනාට එරෙහිව නඩු දානවා.
වාහනය ගත්තු කෙනා වාහනය පාරේ drive කරන්නේ ඔබේ නම යටතේනෙ. එතකොට ඒ කෙනා වාහනය මොකක් හරි අපරාධයකට යොදාගෙන තිබුණොත්, නැත්නම් අනතුරකට ලක් වුණොත් වාහනය තවමත් ඔබේ නමින්, ඒ කියන්නේ වාහනය විකුණපු කෙනාගේ නමින් ලියාපදිංචි කරලා තියෙන නිසා ඒකෙ වරද පැටවෙන්නේ වාහනය ගත්තු කෙනාට නෙවෙයි. වාහනය විකුණපු ඔබටමයි.

දැන් ඔබට තේරෙනවා නේද Open papers වාහන කියන්නේ හිතන තරම් ලේසි පහසු සෙල්ලමක් නෙවෙයි කියලා. මොකද නීතියට පිටින් වැඩ කරන්න ගියොත් ගන්න කෙනාට විතරක් නෙවෙයි විකුණන කෙනාටත් ප්‍රශ්න ගොඩකට face කරන්න වෙනවා. ඉතින් ඒ නිසා ඔබ open papers වාහනයක් විකුණන්න ඉන්නවා නම්, නැත්නම් ගන්න ඉන්නවා නම් හැම දෙයක්ම නීත්‍යානුකූලව සිදු කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 740e M Sport Individual 2018 for Sale

BMW 740e M Sport Individual 2018

38,000 km, Colombo
verified MEMBER
verified
Rs 42,790,000
2 hours ago
Suzuki Alto 2017 for Sale

Suzuki Alto 2017

51,000 km, Colombo
MEMBER
Rs 5,900,000
1 day ago
BMW 740e M” Sport Individual 2018 for Sale

BMW 740e M” Sport Individual 2018

38,000 km, Colombo
verified MEMBER
verified
Rs 42,790,000
1 hour ago
Mercedes Benz E200 Facelift-Premium + 2023 for Sale

Mercedes Benz E200 Facelift-Premium + 2023

2,500 km, Colombo
verified MEMBER
verified
Rs 47,500,000
1 week ago
Toyota Land Cruiser Prado Facelift-Agent Impor 2017 for Sale

Toyota Land Cruiser Prado Facelift-Agent Impor 2017

60,000 km, Colombo
verified MEMBER
verified
Rs 45,250,000
1 day ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
3 weeks ago
Rear Bumper Hamer for Sale

Rear Bumper Hamer

verified MEMBER
verified
Rs 195,000
3 hours ago
Hilux Lift Kit for Sale

Hilux Lift Kit

verified MEMBER
verified
Rs 75,000
4 hours ago
Ford Lift Kit for Sale

Ford Lift Kit

verified MEMBER
verified
Rs 399,000
4 hours ago
Ford Raptor Side Mirror for Sale

Ford Raptor Side Mirror

verified MEMBER
verified
Rs 89,000
4 hours ago
+ Post an ad on ikman