රියදුරු බලපත්‍රය ගැන මේ දේවල් ඔබ දැනුවත්ද?

22 Apr, 2024   
රියදුරු බලපත්‍රය ගැන මේ දේවල් ඔබ දැනුවත්ද?

දැකලා තියෙනවද driving license එක? ඔව්, අනිවාර්යයෙන්ම දැකලා ඇති. වාහන drive කරන අය, drive කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ළඟ නම් කොහොමත් driving license එක තියෙනවනේ. හැබැයි ළඟ තිබුණට විතරක් මදි. Driving license එකේ තියෙන්නේ මොනවද කියලා හරියට දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒක ඔබට වැදගත්. අද අපි CarsGuide තුළින් ඔබට කියන්නේ, රියදුරු බලපත්‍රය ගැන ඔබ දැන ගත යුතු දේවල් ගැන.

License එකේ ඉදිරි පස ඇතුළත් කරුණු

– බලපත්‍ර අංකය
– Surname එක
– වෙනත් නම්
– ස්ථිර පදිංචි ස්ථානය
– Birthday එක
– License එක නිකුත් කළ දිනය
– License එක expire වන දිනය
– Blood group එක
– පරිපාලන අංකය (Administrative number)
– බලපත්‍ර හිමියාගේ අත්සන
– නිකුත් කරන අධිකාරිය

රියදුරු බලපත්‍ර මෝටර් රථ කාණ්ඩ

Driving license එකක වාහන කාණ්ඩ කිහිපයක් ඇතුළත් වෙනවා. මේ කාණ්ඩ ඇතුලත් වෙන්නේ license එකේ පිටුපස. Engine capacity එක සහ වාහනයේ බර අනුව තමයි, මේ විදිහට වාහන කාණ්ඩ වලට වෙන් කරලා තියෙන්නේ. අපි දැන් ඔබට වෙන වෙනම ඒ කාණ්ඩ මොනවද, ඒ ඒ කාණ්ඩ වලට අයත් වෙන වාහන මොනවද සහ ඒවායේ engine capacity එක වගේම බර ගැනත් කියන්නම්.

A1 කාණ්ඩය

Engine capacity එක 100cc නොඉක්මවන මෝටර් සයිකල් මේ කාණ්ඩයට අයත් වෙනවා.

A කාණ්ඩය

මේ කාණ්ඩයට අයත් වෙන්නේ, engine capacity එක 100cc ඉක්මවන මෝටර් සයිකල්.

B1 කාණ්ඩය

500 kg නොඉක්මවන මෝටර් ට්‍රයිසිකල්, මෝටර් ට්‍රයිසිකල් වෑන් රථ සහ දළ බර 1,000 kg නොවැඩි රථ තමයි මේ කාණ්ඩයට අයත් වෙන්නේ.

B කාණ්ඩය

Driving seat එක ඇතුළුව seats 9 කට නොවැඩි සියලු motor car, වාහනයේ දළ බර 3,500 kg ට නොවැඩි සහ driving seat එකද ඇතුළුව seats 9 කට නොවැඩි dual purpose vehicle තමයි මේ B කාණ්ඩයට අයත් වෙන්නේ. ඒ වගේම ඒ වාහන වලට අවසර දෙන ලද උපරිම බර 750 kg ට නොවැඩි ට්‍රේලරයක් අමුණලා තියෙන්න පුළුවන්. මේ පන්තියේ මෝටර් වාහන වලට වෙනස් හැකියාවන් තියෙන පුද්ගලයන් විසින් drive කරන මෝටර් රථත් ඇතුළත් වෙන්න පුළුවන්.

C1 කාණ්ඩය

C1 කාණ්ඩයට වාහනයේ දළ බර 3,500 kg ට වැඩි සහ 17,000 kg ට නොවැඩි සැහැල්ලු මෝටර් ලොරි ඇතුළත් වෙනවා. මේ කාණ්ඩයට අයත් මෝටර් වාහන වලට උපරිම බර 750 kg ට නොවැඩි ට්‍රේලරයක් අමුණලා තියෙන්න පුළුවන්. මේ පන්තියේ මෝටර් වාහන වලට ගිලන් රථ සහ අවමංගල්‍ය රථත් ඇතුළත් වෙනවා.

C කාණ්ඩය

වාහනයේ දළ බර 17,000 kg ට වැඩි මෝටර් ලොරි තමයි C කාණ්ඩයට අයත් වෙන්නේ. මේකට උපරිම බර 750 kg ට නොවැඩි ට්‍රේලරයක් අමුණලා තියෙන්න පුළුවන්.

CE කාණ්ඩය

මේ කාණ්ඩයට අයත් වෙන්නේ, මෝටර් ලොරියක් හා උපරිම බර 750 kg ට වැඩි, දළ බර 3,500 kg ට නොවැඩි ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණලා තියෙන combine කරපු රථ.

D1 කාණ්ඩය

Driving seat එකට අමතරව seats 9 ට වඩා වැඩි සහ seats 33 ට වඩා අඩු, පුද්ගලයන් රැගෙන යාමට භාවිතා කරන මෝටර් වාහන තමයි මේ කාණ්ඩයට අයත් වෙන්නේ. මේ D1 කාණ්ඩයේ පටවන්න පුළුවන් උපරිම බර 750 kg ට නොවැඩි ට්‍රේලරයක් අමුණලා තියෙන්න පුළුවන්.

D කාණ්ඩය

D කාණ්ඩයට driving seat එකට අමතරව seats 33 ට වඩා තියෙන motor coach වාහන අයත් වෙන අතර ඒකට, පටවන්න පුළුවන් උපරිම බර 750 kg ට නොවැඩි ට්‍රේලරයක් අමුණලා තියෙන්න පුළුවන්.

DE කාණ්ඩය

DE කාණ්ඩයට, driving seat එකට අමතරව seats 33 ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන, motor coach රථයක් සහ උපරිම බර 750 kg ට වඩා වැඩි වෙන ට්‍රේලරයක් හෝ motor coach රථ දෙකක combine එකක් අයත් වෙනවා.

G1 කාණ්ඩය

ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර් තමයි G1 කාණ්ඩයට අයත් වෙන්නේ.

G කාණ්ඩය

ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන අපිට G කාණ්ඩයේදී දකින්න ලැබෙනවා.

J කාණ්ඩය

ඉදිකිරීම්, පැටවීම් වගේ දේවල් සඳහා යොදා ගන්න commercial vehicles තමයි මේ කාණ්ඩයට අයත් වෙන්නේ.

මේ තමයි driving license එකක ඇතුළත් වෙන කරුණු. License එකක් තියෙන කෙනෙක් වුණත්, license එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වුණත් මේ දේවල් අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි හිතනවා අද Article එකෙන් driving license එකක ඇතුළත් වෙන දේවල් මොනවද, ඒකෙ තියෙන වාහන කාණ්ඩ මොනවද කියන හැම දෙයක් ගැනම ඔබ දැන ගන්න ඇති කියලා. ඉතින් ඔබ දන්න කියන අය එක්කත් අමතක නොකර මේක share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux LN 107 1994 for Sale

Toyota Hilux LN 107 1994

336,000 km, Colombo
MEMBER
Rs 6,650,000
2 weeks ago
Toyota Yaris Cross HEV 2025 for Sale

Toyota Yaris Cross HEV 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 21,900,000
1 minute ago
Suzuki Celerio Vxi/auto 2015 for Sale

Suzuki Celerio Vxi/auto 2015

140,390 km, Colombo
MEMBER
Rs 5,500,000
3 days ago
Suzuki Wagon R Custome ZX - Hybrid 2025 for Sale

Suzuki Wagon R Custome ZX - Hybrid 2025

150 km, Ratnapura
verified MEMBER
verified
Rs 9,550,000
3 minutes ago
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

0 km, Colombo
verified MEMBER
Rs 18,500,000
3 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Fit GP2 Head lamps for Sale

Fit GP2 Head lamps

verified MEMBER
Rs 35,000
21 minutes ago
Honda Fit Shuttle GP2 Bonnet for Sale

Honda Fit Shuttle GP2 Bonnet

verified MEMBER
Rs 40,000
21 minutes ago
Nissan Leaf AZEO-Bonnet for Sale

Nissan Leaf AZEO-Bonnet

verified MEMBER
Rs 45,000
21 minutes ago
Vezel RS Bonnet for Sale

Vezel RS Bonnet

verified MEMBER
Rs 75,000
21 minutes ago
+ Post an ad on ikman