ඔබේ Full Insurance එකට මේ දේවල් add වෙලා තියෙනවද?

22 Apr, 2024   
ඔබේ Full Insurance එකට මේ දේවල් add වෙලා තියෙනවද?

එක දවසට පාරෙ කොච්චර නම් වාහන අනතුරු සිද්ධ වෙනවා ඇතිද? සමහර විට ඔබ මේ Article එක බලන අතරේදීත් පාරේ වාහනයක් අනතුරකට ලක් වෙනවා ඇති. හිතන්නකෝ ඔබේ වාහනයට ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණා කියලා. අන්න ඒ වෙලාවට වාහනය insurance කරලා තියෙන එක ගොඩක් වැදගත්. කොහොමත් ලංකාවේ තියෙන නීතියට අනුව, වාහනයක් පාරට දාන්න නම්, අඩුම තරමේ 3rd party insurance එකක්වත් වාහනයට දාලා තියෙන්න ඕනේ. හැබැයි ඔබට වාහනයට full insurance එකක් වුණත් දාන්න පුළුවන්. මොනවද full insurance එකකට ඇතුළත් වෙන්නේ? වාහනයට රක්ෂණයක් දාන්න නම්, ඔබ මේ රක්ෂණ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් CarsGuide අපි අද ඔබට කියන්නේ, ඔබේ full insurance එකට add වෙන්න ඕන දේවල් ගැන.

Vehicle insurance එකකින් ආවරණය වෙන හානි

හදිසි අනතුරකදී නැත්නම් වෙනත් අලාභ හානියකදී රක්ෂිතයාගේ වාහනයට සිද්ධ වෙන හානිය සඳහා වාහන හිමිකරුට මූල්‍යමය ආවරණයක් ලබා දෙන එක තමයි vehicle insurance එකකදි වෙන්නේ. ඒ කියන්නේ සිදු වෙන හානිය නිසා, අදාළ රක්ෂණ සමාගම විසින්, රක්ෂිතයාට වන්දියක් ලබා දෙන එක.

වාහන රක්ෂණයකින් වාහනයට හෝ තුන්වෙනි පාර්ශවයට වෙන විවිධ හානි වලට වන්දි ලබා දෙනවා. මේ විදිහට වාහන රක්ෂණයකින් ආවරණය වෙන හානි අතරට රිය අනතුරු, ඇතුළතින් ගිනි ගැනීම්, බාහිර පිපිරීම්, අකුණු සැර වැදීම්, සොරකම් කිරීම් කියන හානි අයත් වෙනවා. අමතර ආවරණ විදිහට, කැරලි කෝලාහල හා සිවිල් කෝලාහල නිසා සිදු වෙන හානි, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, ජල ගැලීම් සහ ස්වභාවික විපත් වලින් වෙන හානිත් ආවරණය කර ගන්න පුළුවන්.

Full insurance එකකින් ආවරණය වන හානි මොනවද?

Full insurance කියන්නේ 3rd party insurance එකකට වඩා වෙනස් insurance එකක්. මේක සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයක්. ඔබ කරලා තියෙන රක්ෂණ වර්ගය අනුව වන්දි ගෙවනවා. ඒ කියන්නේ ඔබට වන්දිය ලැබෙන්නේ, ආවරණය කරපු අනතුරු වර්ගයට විතරයි. වාහනයකට අවශ්‍ය වැදගත් ආවරණ ගොඩක් තියෙනවා. ඒ නිසා ඔබ ඒ ආවරණ රක්ෂණය කරගන්න ඕනේ. මොකද හදිස්සියේ හරි ඔබ රක්ෂණය කරලා නැති අනතුරක් වාහනයට වුණොත්, ඒ හානියට රක්ෂණ සමාගම වන්දි ලබා දෙන්නේ නැහැ.

ගොඩක් අය ස්වභාවික ආපදා රක්ෂණය කරන්නේ නැහැ. එතකොට ගංවතුර වගේ ආපදාවකදී ඒ වන්දිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වභාවික ආපදා අනිවාර්යයෙන් ආවරණය කරන්න මතක තියාගන්න.

Full insurance වර්ග මොනවද?

මේ full insurance වල වර්ග තුනක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.

– Private use
එදිනෙදා භාවිතයට ගන්නා වාහන වලට වෙනම insurance කරන්න ඕනේ.

– Hiring
ඔබ යටතේ වැටුප් ලබන driver කෙනෙක් විසින් මුදල් අය කරමින්, භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනය කරනවා නම්, ඒක වෙනම insurance කරන්න ඕනේ.

– Renter vehicle
ඔබට renter car service එකක් තියෙනවා නම්, ඒකට වෙනම insurance එකක් දාන්න.

මේ අවස්ථාව වලදී වාහනය insurance කරලා නැති වුණොත්, අනතුරක් ඇති වුණාම ඔබට වන්දියක් ලැබෙන්නේ නැහැ.

Full insurance එක වැදගත් වෙන්නේ ඇයි?

Full insurance එකකට ගෙවන්න වෙන වාර්ෂික මුදල වැඩියි. හිතන්නකෝ ඔබේ වාහනය තාප්පයක වැදිලා වාහනයට ලොකු damage එකක් වෙනවා. Full insurance එකක් දාලත් නැහැ. එතනදි ඔබ 3rd party insurance එකක් දාලා තිබුණට වැඩක් නැහැ. මොකද ඔබට වන්දියක් ලැබෙන්නේ නැති නිසා. හැබැයි සල්ලි අතේ තියෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක ඔබේ අතේ සල්ලි නැත්නම් ලොකු ප්‍රශ්නයක්. එහෙම වෙලාවට මේ full insurance එක නම් ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා, ගණං වැඩි වුණත් full insurance එකක් දාලා තියාගන්න එක නම් තමන්ගෙ පරිස්සමට හොඳයි.

මේ තමයි full insurance එකකට add වෙන්න ඕන දේවල්. ගණං වැඩි වුණත් ඇත්තටම වටින්නේ full insurance එකක් කියලා ඔබටත් හිතෙයි. මොකද අනතුරකදී තුන්වෙනි පාර්ශවයට වගේම තමන්ටත් වන්දියක් ලැබෙනවනේ. ඉතින් මේ Article එකෙන් ඔබේ full insurance එකට add වෙන්න ඕන දේවල් මොනවද කියලා හරියටම දැන ගන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් අමතක නොකර ඔබ දන්න කියන අය එක්කත් මේක share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux 2016 for Sale

Toyota Hilux 2016

71,766 km, Colombo
MEMBER
Rs 18,500,000
4 days ago
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

10 km, Colombo
verified MEMBER
Rs 17,750,000
1 minute ago
Toyota Corolla 141 2008 for Sale

Toyota Corolla 141 2008

158,200 km, Colombo
MEMBER
Rs 7,100,000
1 month ago
Mitsubishi Lancer Box 1984 for Sale

Mitsubishi Lancer Box 1984

100,000 km, Kandy
MEMBER
Rs 1,220,000
2 minutes ago
Honda Vezel Z 2025 for Sale

Honda Vezel Z 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 19,400,000
2 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman