අවුරුද්දට ගමේ යන්න මහජනතාවට විශේෂ ප්‍රවාහන සේවයක්

09 Apr, 2024   
අවුරුද්දට ගමේ යන්න මහජනතාවට විශේෂ ප්‍රවාහන සේවයක්

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන මේ සතියේදී කොළඹ සහ තදාසන්න නගරවල රැකියාවල නියුතු බොහෝ පිරිස් ගම්බිම් බලා යාමට සූදානමින් සිටිති.

ඔවුන් වෙනුවෙන් මෙවරත් විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මකය.

ලංකා ගමනාගමන මණ්ඩලය උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමටයි.

හෙට දිනයේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියන් දෙකක් අමතර ධාවනයට එක්කර ඇති බවද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා සහා ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 4ක් ධාවනයට එක්කර ඇති අතර, අප්‍රේල් 14 සහ 15 දිනවල පිට පළාත්වල සිට කොළඹ පැමිණීම සඳහාත් අමතර දුම්රිය එක්කර තිබෙනවා.

අප්‍රේල් 13න් පසුව කොළඹ එන ජනතාවට අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux 2019 for Sale

Toyota Hilux 2019

160,000 km, Colombo
verified MEMBER
verified
Rs 26,590,000
5 minutes ago
Toyota Premio G Superior 2018 for Sale

Toyota Premio G Superior 2018

38,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,500,000
5 days ago
Micro Panda Cross 2013 for Sale

Micro Panda Cross 2013

78,000 km, Gampaha
MEMBER
Rs 2,675,000
4 weeks ago
Suzuki Swift Rs 2017 for Sale

Suzuki Swift Rs 2017

83,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,775,000
1 week ago
Mitsubishi L200 2008 for Sale

Mitsubishi L200 2008

65,880 km, Colombo
MEMBER
Rs 5,650,000
3 weeks ago
Auto Parts for saleikman logo
Micro Panda Radiator Cross Bar for Sale

Micro Panda Radiator Cross Bar

verified MEMBER
Rs 27,250
31 seconds ago
17” ALLOY WHEELS for Sale

17” ALLOY WHEELS

verified MEMBER
verified
Rs 65,000
2 minutes ago
Tyres 16R 205 x 55 16 for Sale

Tyres 16R 205 x 55 16

MEMBER
Rs 27,500
4 minutes ago
14” DEEP ALLOY WHEELS for Sale

14” DEEP ALLOY WHEELS

verified MEMBER
verified
Rs 62,000
4 minutes ago
Toyota Corolla AE100 Lamp for Sale

Toyota Corolla AE100 Lamp

verified MEMBER
verified
Rs 4,500
4 minutes ago
+ Post an ad on ikman