Apple car වලට මොකද වෙන්නේ?

20 Mar, 2024   
Apple car වලට මොකද වෙන්නේ?

Apple කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ mobile phones. හැබැයි mobile phones වලට අමතරව Apple සමාගම වෙනත් තාක්ෂණික උපාංග වගේම විවිධ වාහන වර්ගත් නිර්මාණය කරනවා. ඉතින් අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ Apple car වලට මුහුණ දෙන්න සිදු වුණු අකරතැබ්බයක් ගැන.

Apple සාමාගම පූර්ණ ස්වයංක්‍රීය (self-driving) විදුලි මෝටර් රථයක් නිර්මාණය කරන්න plan කරන බවට කටකතා මුලින්ම පැතිරෙන්නට පටන් ගත්තේ 2014 වර්ෂයේදී. නමුත් වසර 10ක් ගත වුණත්, මේ වන විටත් මූලාකෘතියක් ලෙස බොහෝ දේ දැක ගැනීමට නොහැකි වී තිබෙනවා.
නමුත් වාහන ලෝකයේ විද්වතුන් නම් පවසන්නේ Apple කවදා හෝ EV එකක් තැනීමට ගියහොත්, එය මුලින් සිතූ දෙයට වඩා බොහෝ වෙනස් වනු ඇති බවයි.

කෙසේ හෝ Bloomberg මාධ්‍ය නිකුත් කරන ලද වාර්තාවකින් ඇඟවෙන්නේ ඇපල් මෝටර් රථයේ මංගල දර්ශනය නැවතත් කල් ගොස් ඇති බවයි. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙහි නිෂ්පාදනය 2028 වසරේදී සැලසුම් කර තිබීමයි. නමුත් මීට වසර කිහිපයකට පෙර රොයිටර් වාර්තා කළේ Apple car නිෂ්පාදනයේ ආරම්භය ලෙස 2024 ඉලක්ක කරන බවයි.

එසේම නවතම Bloomberg වාර්තාව පවසන්නේ Apple සමාගම මේ වන විට ස්වයං-රිය පැදවීමේ හැකියාව සීමා කිරීමට සැලසුම් කර ඇති බවයි. මුලදී, සමාගම පූර්ණ ස්වයං පාලන පද්ධතියක් සඳහා සැලසුම් කර තිබූ අතර එය නිල වශයෙන් SAE International නම් ඉංජිනේරු කණ්ඩායම විසින් Level 5 ලෙස අර්ථ දක්වා තිබුණා.

නමුත් මේ වන විට තාක්‍ෂණික සීමාවන් හේතුවෙන් Apple සමාගම විසින් එම සැලැස්ම නැවත පරිමාණය කිරීමට තීරණය කර තිබෙන අතර, ඒ වෙනුවට SAE Level 4 හැකියාව ඉලක්ක කර ඇති බවයි. එයින් අදහස් වන්නේ මෙම මෝටර් රථය සම්පුර්ණයෙන්ම ස්වාධීන වන්නේ අනුමත මහාමාර්ගවල පමණක් බවයි. මෙම තීරණයෙන් අදහස් වන්නේ Apple මෝටර් රථය තවදුරටත් steering wheel එකක් හෝ pedals නොමැති රොබෝටැක්සි වර්ගයක් නොවනු ඇති බවයි. මොකද මෙම සමාගම මෝටර් රථයට එම පාලනයන් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බලන විට දැන්, Apple මෝටර් රථය “Level 2+” ලෙස සීමා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එය ඇත්ත වශයෙන්ම SAE විසින් අර්ථ දක්වා ඇති පරිදි නිල මට්ටමක් නොවේ. නිල නොවන ලෙස, එය SAE Level 2 පද්ධතියකට වඩා වැඩි විශේෂාංග ඇතුළත් වෙන බවයි සඳහන් වන්නේ. නමුත් එය දැනට නිෂ්පාදනය වෙමින් පවතින බොහෝ නව වාහන වලට සමාන වෙනවා.

ඉතින් මේ තමයි ලෝකෙම ප්‍රසිද්ධ Apple සාමාගම නිර්මාණය කරන්න සූදානම් වුණ car එකට වුණ දේ. මේ පිළිබඳව නවතම විස්තර ලද සැනින් ඔබ වෙත ගෙන එන්න CarsGuide weekly news අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Revo 4*4 AT 2025 for Sale

Toyota Hilux Revo 4*4 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 28,000,000
1 week ago
Toyota Axio Hybrid 2015 for Sale

Toyota Axio Hybrid 2015

126,000 km, Anuradhapura
MEMBER
Rs 11,550,000
4 minutes ago
DFSK Glory 2021 Petrol for Sale

DFSK Glory 2021 Petrol

35,000 km, Gampaha
MEMBER
Rs 6,500,000
9 minutes ago
Suzuki Alto 2016 for Sale

Suzuki Alto 2016

107,500 km, Colombo
MEMBER
Rs 6,350,000
13 minutes ago
Mitsubishi RVR 1997 for Sale

Mitsubishi RVR 1997

210,000 km, Galle
MEMBER
Rs 3,000,000
14 minutes ago
Auto Parts for saleikman logo
Vehicle Door Guard Beading for Sale

Vehicle Door Guard Beading

verified MEMBER
Rs 1,000
1 hour ago
Faw Samanala Cabin for Sale

Faw Samanala Cabin

MEMBER
Rs 110,000
1 hour ago
Mitsubishi Outlander Lower Arm for Sale

Mitsubishi Outlander Lower Arm

verified MEMBER
Rs 45,000
2 hours ago
+ Post an ad on ikman