Fisker Alaska electric pick-up රථය Europe market එක සඳහා Kayak ලෙස නම් කෙරේ

20 Feb, 2024   
Fisker Alaska electric pick-up රථය Europe market එක සඳහා Kayak ලෙස නම් කෙරේ

නමක් එහෙමත් නැත්නම් Brand name එකක් වෙනස් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද මේ වෙනස් කිරීම් නිසාම කලින් තිබ්බ පුද්ගල ආකර්ෂණය, වෙළදාම වගේ දේවල් වුණත් අඩු වෙන්න පුලුවන්. හැබැයි Fisker කියන මෝටර් රථ සමාගම මේ අවදානම අරගත්තා.ඉතින් අද CarsGuide Weekly News තුළින් අපි ඔබට කියන්නේ Fisker Alaska electric pick-up රථය, Europe market එක වෙනුවෙන් නම වෙනස් කරපු ආකාරය ගැනයි.

Fisker Alaska නමැති electric pick-up truck එක European market එක සඳහා යුරෝපීය වෙළඳපොල සඳහා Fisker Kayak ලෙස නම් කර තිබෙනවා. මෙම රථය 2025 සිට යුරෝපයේ විකිණීමට නියමිතයි.

මෙසේ නම වෙනස් කිරීමට හේතුව ලෙස American brand එක කියා සිටියේ, අලුත් නම European buyers ලාට හොඳින් ගැළපෙන බවයි.

නමුත් තවමත් European pricing එක සහ අපනයන පරිමාව ගැන තහවුරු කරලා නම් නැහැ. Fisker කලින් හෙළි කළේ එක්සත් ජනපද වෙළඳපලේ Alaska ඩොලර් 45,400 සිට ඩොලර් 41,060 දක්වා හෝ පවුම් 35,725 ට සමාන වන බවයි.

ඒ වගේම රියදුරන්ට battery options දෙකක් තෝරා ගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ 75kWh සහ 113kWh යි. Fisker පවසන්නේ Kayak සම්මත බැටරිය සමඟ සැතපුම් 230 ක පරාසයක් සහ Hyper Range එක සමඟ සැතපුම් 340 ක් පමණ ලබා දෙන බවයි.

Kayak 2025 දී ප්‍රතිවාදීන් කිහිප දෙනෙක් සමඟම තරග කිරීමට සූදානම් වී සිටිනවා. මේ ප්‍රධාන තරඟයට Ford F-150 Lightning, Rivian R1T සහ Tesla Cybertruck ඇතුළත් වෙන බව තමයි සඳහන් වන්නේ.

Product Vision දිනයේදී අදහස් දක්වමින් Henrik Fisker පැවසුවේ “අපට අවශ්‍ය වූයේ pick-up truck රථයේ efficiency සහ usability එක වැඩි කරමින් pick-up එක වැඩි කිරීමට” යන්නයි.

ඉතින් මේ විදිහට තමයි අලුත් වාහන වෙළඳපොළ ඉලක්ක කරගෙන Fisker Alaska තමන්ගේ නම වෙනස් කළේ. මේ වගේ වාහන ලෝකයේ අලුත් පුවත් සමඟින් අපි නැවත හමුවෙමු.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Peugeot 5008 Allure 2019 for Sale

Peugeot 5008 Allure 2019

41,000 km, Galle
MEMBER
Rs 21,000,000
2 weeks ago
Toyota Vitz KSP90 2010 for Sale

Toyota Vitz KSP90 2010

130,000 km, Kandy
MEMBER
Rs 6,300,000
3 minutes ago
Volvo S40 2000 for Sale

Volvo S40 2000

210,000 km, Kalutara
MEMBER
Rs 2,600,000
3 minutes ago
Kia Sorento 2012 for Sale

Kia Sorento 2012

159,000 km, Colombo
MEMBER
Rs 13,000,000
12 minutes ago
Nissan Tiida Low Mileage|CAB XXXX 2009 for Sale

Nissan Tiida Low Mileage|CAB XXXX 2009

60,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,975,000
13 minutes ago
+ Post an ad on ikman