Motor Insurance එකක් තෝරාගන්න නිවැරදිම ක්‍රම පහක්

06 Feb, 2024   
Motor Insurance එකක් තෝරාගන්න නිවැරදිම ක්‍රම පහක්

ඔයාට දැනටමත් රක්ෂණයක් තියෙනවද ? නැත්නම් රක්ෂණයක් ගන්න ඉන්න කෙනෙක්ද ? වාහනයකට හදිස්සි අනතුරක් වෙන්න පුළුවන් මොන වගේ වේලාවකද කියන එක අපිට හරියටම කියන්න බැහැ. ඉතින් එහෙම අනතුරක් වුණාම වෙන හානි වලට රක්ෂණ සමාගමකින් අපිට වන්දි ලබා ගන්න ඕනේ වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට හොඳ රක්ෂණයක් ඕනේ වෙන්නේ. ඉතින් අනතුරක් වුණොත් වන්දි ලබා ගන්න නම් අපේ ලංකාවේ වාහන අයිතිකරුවන්ට රක්ෂණ සහතිකය අනිවාර්ය දෙයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි හැමවෙලාවකම තෝරාගන්න ඕනේ ඔයාට දරන්න පුළුවන් සහ හැම අවධානමක්ම ආවරණය කරන රක්ෂණයක්. ඒත් ගොඩක් අය මේ දේවල් ගැන සැළකිලිමත් නැහැ. ඒ නිසා CarsGuide අපි හිතුවා ඔයා Motor Insurance එකක් තෝරාගන්න ඕනේ විදිහ ගැන කියන්න.

හොඳ රක්ෂණ සමාගමක් තෝරාගන්න

ඔයා රක්ෂණයක් තෝරගන්නකොට සැළකිලිමත් වෙන්න ඕනේ පළවෙනි දේ තමයි හොඳ රක්ෂණ සමාගමක් තෝරාගන්න එක. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව වෙන කෙනෙක් කිව්ව නිසා, එක්කෝ යාළුවෙක් කිව්ව නිසා ඒ අය දාලා තියෙන තැන වලින් තමන්ගේ රක්ෂණය දාන්න. ඒත් ඒ විදිහට ඔයාට හොඳ රක්ෂණ සමාගමක් තෝරගන්න බැහැ. ඔයා රක්ෂණ සමාගමක් තොරගන්නකොට ඒ රක්ෂණ සමාගමේ කීර්තිය, මුල්‍ය ස්ථායිතාවය, තියෙන ශාඛා ගණන, රක්ෂණ ගෙවීම් සිදු කරන ආකාරය වගේම ණය ශ්‍රේණි ගත කරන ආයතන වලින් ස්වාධීනව තක්සේරු කරලා තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ.

ගැළපෙන රක්ෂණ ඔප්පුවක් තෝරාගැනීම

ඔයා තෝරගන්න යන රක්ෂණ ඔප්පුවෙන් මොන වගේ අවධානම් තත්ත්වයන්ද ආවරණය වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ වගේම ඔයාට ලැබෙන ප්‍රතිලාභ, කොන්දේසි වගේම රක්ෂණ සැලැස්මේ කරුණු ගැන අවබෝධයක් ලබා ගන්න එකත් වැදගත්. ඔයා වාහනය පාවිච්චි කරන්නේ ඔයාගේ පෞද්ගලික ප්‍රයෝජනයටද, rent කරන්නද එහෙමත් නැත්නම් හයර් කරන්නද කියන දේ එක්ක රක්ෂණය තෝරාගන්න ඕනේ.

රක්ෂණ ඔප්පුවක් ලබා ගන්න පුළුවන් ස්ථාන

රක්ෂණ ඔප්පුවක් ලබා ගන්න පුළුවන් ස්ථාන විදිහට රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙන,

1 රක්ෂණ සමාගම් විසින් සෘජුවම
2 ලියාපදිංචි රක්ෂණ නියෝජිතයන් හා තැරැව්කරුවන් වෙතින්
3 රක්ෂණ සමාගම් සමග බැංකු සුරැකුම් ක්‍රම ස්ථාපිත කරගත් බැංකු ආයතන මඟින්

දරන්නට පුළුවන් වාරිකයක් තෝරා ගැනීම

ඔයා ගන්න රක්ෂනාවරණයට ගෙවිය යුතු වාරිකය දරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා තව හිතන්න ඕනේ දෙයක් තමයි ඔයා තෝරාගන්න රක්ෂණාවරණය සඳහා ගෙවිය යුතු මුදල ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙනවද කියන එක. එක් එක් රක්ෂණ සමාගම මඟින් එකම වාහනයට ලබා දෙන මුදල් ප්‍රමාණය සහ ලබාදෙන සේවාවන් ගැන බලන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාට ලාබදායි රක්ෂණය මොකක්ද කියලා.

රක්ෂණ සමාගමෙන් ලැබෙන සේවාව

ඔයා තෝරගන්න රක්ෂණ සමාගමේ පැය 24 ක පාරිභෝගික සේවාවක් තියෙනවද, තක්සේරු කරුවන් යොමු කිරීමේ පහසුව තියෙනවද බලන්න. මොකද ඔයාට අනතුරක් සිදු වුණොත් වහාම ඒ ගැන රක්ෂණ සමාගම දැනුවත් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලැබෙන වාසි සහ අවාසි මොනවද කියලත් දැනුවත් වෙන්න. අනතුරක් වුණු වෙලාවට කොහොමද ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ කියන දේත් බලන්න.

Claim එක ගැන බලන්න

ඔයාට කොච්චර ඉක්මනට ඔයාගේ රක්ෂණයෙන් claim එක ගන්න පුළුවන්ද කියලා බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම claim එක ගන්න මොනවද ඉල්ලන document කියලා බලන්න. දැන් තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක paperless concept එක තමයි ගොඩක් දකින්න තියෙන්නේ. ඒක ඉතාම පහසු ක්‍රමයක්. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ අනතුරක් වුණාට පස්සේ රක්ෂණ ආයතනයට ඉදිරිපත් කරන්න ඕනේ දේවල් මොනවද කියලා.

මේ දේවල් තමයි motor insurance එකක් දාන්න කලින් සැළකිලිමත් වෙන්න ඕනේ දේවල්. දැන් ඔයාට පුළුවන් හොඳ insurance එකක් ගැන බලන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography P400E 2018 for Sale

Land Rover Range Autobiography P400E 2018

58,000 km, Colombo
verified MEMBER
verified
Rs 62,500,000
1 week ago
Suzuki Jimny Land Venture 2017 for Sale

Suzuki Jimny Land Venture 2017

91,000 km, Colombo
MEMBER
Rs 6,850,000
1 week ago
Toyota Hilux Rocco 2025 for Sale

Toyota Hilux Rocco 2025

10 km, Colombo
verified MEMBER
verified
Rs 26,000,000
5 minutes ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 35,750,000
8 minutes ago
DFSK Glory 2022 for Sale

DFSK Glory 2022

27,000 km, Colombo
MEMBER
Rs 10,000,000
2 weeks ago
Auto Parts for saleikman logo
Hyundai Eon Fog Lamps Lights for Sale

Hyundai Eon Fog Lamps Lights

verified MEMBER
verified
Rs 7,800
4 minutes ago
Noah CR 41 rear buffer for Sale

Noah CR 41 rear buffer

verified MEMBER
verified
Rs 18,500
1 hour ago
Montero buffer for Sale

Montero buffer

verified MEMBER
verified
Rs 19,000
1 hour ago
285/65/17 Yokohama Tire for Sale

285/65/17 Yokohama Tire

verified MEMBER
Rs 65,000
3 days ago
+ Post an ad on ikman