කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ රාත්රිසේවා සහිත තැපැල් කාර්යාල වලින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
සේවා සැපයීම පුළුල් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
පහත සඳහන් තැපැල් කාර්යාල රාත්රීසේවා සහිතව පැය 24ම ආවරණය වන පරිදි විවෘතව තැබීමට කටයුතු කර ඇති බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති එච් ඒ කේ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළා.
කොම්පඤ්ඤවිදීය
හැවුලොක් ටවුන්
වැල්ලවත්ත
බොරැල්ල
කොටහේන
බත්තරමුල්ල
නුගේගොඩ
දෙහිවල
ගල්කිස්ස
මොරටුව
පානදුර
කළුතර
සීතාවකපුර