වාහන රක්ෂණයක් අවශ්‍යමද?

13 Nov, 2023   
වාහන රක්ෂණයක් අවශ්‍යමද?

ඔබ දන්නවද, වාහනයකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා? ඔබේ හීනෙ හැබෑ කරන්න පුළුවන්, අවශ්‍යතා ඉටු කරන්න පුළුවන්. හැබැයි ඔය සේරටම වඩා නොහිතන වෙලාවක නොහිතන විදිහට ලොකු අනතුරක් ඇති කරන්නත් වාහනයකට පුළුවන්. මේ විදිහට සිද්ධ වෙන අනතුර ඔබ drive කරන වාහනය නිසා හෝ වෙනත් වාහනයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක ඔබ හිතන විදිහට ඇත්තටම වාහනයක් රක්ෂණය කරන්න ඕනෙද? නැද්ද? මේ ගැන හරියටම දැන ගන්න අද CarsGuide අපේ මේ Article එක අකුරක් නෑර කියවන්න.

මොකක්ද මේ වාහන රක්ෂණය?

වාහන රක්ෂණයක් කියන්නේ, හදිසි අනතුරකදී හෝ වෙනත් අලාභ හානියකදී රක්ෂිතයාගේ වාහනයට සිදු වන හානිය සඳහා වාහන හිමිකරුට මූල්‍යමය ආවරණයක් ලබා දීම. කෙටියෙන් කිව්වොත් සිදු වෙන හානිය නිසා, අදාළ රක්ෂණ සමාගම විසින්, රක්ෂිතයාට වන්දියක් ලබා දෙන එක තමයි වාහන රක්ෂණයක් කියන්නේ.

වාහන රක්ෂණයකින් ආවරණය වෙන හානි මොනවද?

වාහන රක්ෂණයක් ගත්තම, ඒකෙන් වාහනයට හෝ තුන්වෙනි පාර්ශවයට වන විවිධ හානි සඳහා වන්දි ලබා දෙනවා. ඒ කියන්නේ, වාහන රක්ෂණයකින් විවිධ වර්ගයේ හානි ආවරණය කරනවා. ඒ අතරට රිය අනතුරු, ඇතුළතින් ගිනි ගැනීම්, බාහිර පිපිරීම්, අකුණු සැර වැදීම්, සොරකම් කිරීම් කියන හානි ඇතුළත් වෙනවා. අමතර ආවරණ විදිහට, කැරලි කෝලාහල හා සිවිල් කෝලාහල නිසා සිදු වෙන හානි, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, ජල ගැලීම් හා ස්වභාවික විපත් වලින් වෙන හානිත් අවම කර ගන්න පුළුවන්.

ඊට අමතරව, අනතුර නිසා වාහනයට යම් අනතුරක් වුණොත්, ඒකත් අළුත්වැඩියාවකට රැගෙන යන්න වගේම නැවත වාහනය ලබා ගන්න යන වියදමත් යම් සීමාවකට යටත්ව රක්ෂිතයාට ලබා දෙනවා.

වාහන රක්ෂණ කීයක් තියෙනවද?

ලංකාවේ වාහන රක්ෂණ වර්ග තුනක් තියෙනවා.
01) Full insurance
02) 3rd Party insurance
03) 3rd Party fire & theft insurance

Full insurance එක ගැන කතා කරනකොට, ඔබ කරලා තියෙන රක්ෂණ වර්ගය අනුව වන්දිය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ, අදාළ අනතුරු වර්ගය රක්ෂණය කරලා තියෙනවා නම් තමයි, ඒ අනතුරට වන්දියක් හම්බ වෙන්නේ. මෙතනදි වාහනයකට අවශ්‍ය කරන වැදගත් ආවරණ ගොඩක් තියෙනවා. හදිසි අනතුරු, ගිනි, සොර බිය, කැරලි කෝලාහල, ස්වභාවික ආපදා සහ තුන්වෙනි පාර්ශවයට වෙන හානි වගේ ආවරණ full insurance එකක් මඟින් ආවරණය වෙනවා.

3rd Party insurance එකෙන් වන්දි ලැබෙන්නේ, ඔබේ වාහනය නිසා හානි වෙන තුන්වෙනි පාර්ශවයට විතරයි.

3rd Party fire & theft insurance එකේදී සීමිත ආවරණ කිහිපයක් විතරයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පාර්ශවයට වෙන හානි, ගිනි ගැනීම් සහ සොරකම් වලින් වන හානි වලට තමයි මේ insurance එක හරහා වන්දි ගෙවන්නේ.

වැදගත්ම වාහන රක්ෂණය මොකක්ද?

ලංකාවේ පවතින සාමාන්‍ය නීති රෙගුලාසි වලට අනුකූලව වාහනයක් මහ පාරේ drive කරන්න නම්, full insurance එකක් නැතත් අවම වශයෙන් තුන්වෙනි පාර්ශවය ආවරණය වෙන විදිහට, රක්ෂණයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ, අනිවාර්යයෙන්ම ඔබේ වාහනයට 3rd party insurance එකක් තියෙන්න ඕනේ. 3rd Party insurance එකකින් වන්දි ලැබෙන්නේ, තුන්වෙනි පාර්ශවයට විතරක් නිසා, මේක ඔබට වැඩක් නැහැ කියලා හිතන්න එපා. මොකද ඔබේ වාහනයේ වගකීම ඔබ භාර ගන්න ඕනේ. ඒ කියන්නේ, පාරේ යන එන අනිත් අයගේ ආරක්ෂාව ඔබ සහතික කරන්න ඕනේ. ඒකට තියෙන හොඳම සහතිකය තමයි 3rd party insurance එක. අන්න ඒ නිසා තමයි, මේ insurance එක වාහනයකට වැදගත් වෙන්නේ.

ඔබ වාහනය ගන්නේ ලීස් කරලා නම්, අනිවාර්යයෙන්ම full insurance එකක් දාන්න වෙනවා. ඒක තමයි වාහනයක් ලීස් කරලා ගන්නවා නම්, රටේ පවතින නීතිය.

මෝටර් වාහන රක්ෂණයක් අවශ්‍යමද?

පොලිස් වාර්තා අනුව වාහන අනතුරු බහුලව සිද්ධ වෙනවා. පාරේ යන එන ටිකට අපිටත් ඕන තරම් අනතුරු දකින්න ලැබෙනවානේ. මේ හේතුව නිසා තමයි, මෝටර් වාහන රක්ෂණයක් අවශ්‍ය වෙන්නේ. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නැති වාහන, පාරේ drive කරන එක දඬුවම් ලැබෙන්න පුළුවන් වරදක්. ඉතින් කලින් කිව්වා වගේ, මොන insurance එක නැතත්, අනිවාර්යයෙන්ම 3rd party insurance එකක් වාහනයට තියෙන්න ඕනේ.

දැන් ඔබට තේරෙනවා ඇති වාහන රක්ෂණය කියන දේ, වාහනයක් drive කරන ඕනම කෙනෙක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් කියලා. මේක තමයි ඔබේත්, වාහනයේත්, පාරේ යන එන අනිත් අයගේත් ආරක්ෂාවේ සහතිකය. ඒ නිසා, මතක ඇතුව වාහනයක් drive කරනකොට, ඒ වාහනය insurance කරන්න. එතකොට, හදිස්සියේ හරි අනතුරක් වුණොත් ඔබට බය වෙන්න දෙයක් නැහැ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Baleno Highest Grade 2020 for Sale

Suzuki Baleno Highest Grade 2020

53,000 km, Colombo
MEMBER
Rs 8,900,000
1 month ago
Toyota Raize 2020 for Sale

Toyota Raize 2020

45,961 km, Colombo
MEMBER
Rs 11,950,000
2 hours ago
Toyota Vitz Safety 2nd Edition 2018 for Sale

Toyota Vitz Safety 2nd Edition 2018

103,000 km, Gampaha
MEMBER
Rs 8,750,000
2 hours ago
Ssang Yong Tivoli 2016 for Sale

Ssang Yong Tivoli 2016

90,000 km, Colombo
MEMBER
Rs 8,550,000
2 hours ago
Kia Sorento 2012 for Sale

Kia Sorento 2012

172,700 km, Colombo
MEMBER
Rs 14,000,000
2 hours ago
Auto Parts for saleikman logo
Front Bumper with Head Lights for Sale

Front Bumper with Head Lights

MEMBER
Rs 100,000
2 hours ago
Nissan March K11 Fender for Sale

Nissan March K11 Fender

verified MEMBER
verified
Rs 9,000
7 hours ago
Nissan Caravan E25 Fog Lamp for Sale

Nissan Caravan E25 Fog Lamp

verified MEMBER
verified
Rs 9,000
7 hours ago
Tata 207 Base Spring for Sale

Tata 207 Base Spring

MEMBER
Rs 25,000
8 hours ago
+ Post an ad on ikman