Mazda CX-70 2024 දී එක්සත් ජනපදයට

27 Oct, 2023   
Mazda CX-70 2024 දී එක්සත් ජනපදයට

Mazda ආයතනය විසින් අලුත් two-row mid-size SUV රථයක් ලබන වසරේදී එක්සත් ජනපදයේ එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. මෙම CX-70 කියන රථය, CX-90 රථයත් සමඟ එකම platform එකක් මත පදනම්ව මෙම වසරේදී තමයි එළිදැක්වීමට නියමිතව තිබුණේ. ඉතින් අද CarsGuide weekly news තුළින් අපි ඔබට ගෙන එන්නේ ලබන වසරේ එළිදැක්වීමට නියමිත Mazda CX-70 රථය පිළිබඳවයි.

මේ වන විට Mazda ආයතනය විසින් three-row CX-90 SUV රථය launch කර තිබෙනවා. අද අපි කතා කරන CX-70 රථය two-row mid-size crossover එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් CX-70 රථය මෙම වසරේ අවසානය වන විට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබූ නමුත් Mazda හි උතුරු ඇමරිකානු ප්‍රධාන විධායක නිලධාරී Tom Donnelly මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මෙම නව මාදිලිය 2024 දී launch කිරීමට නියමිත බවයි.

CX-70 රථයට CX-90 ට වඩා කෙටි wheelbase ඇති නමුත් එකම longitudinal-engine platform එකක් තමයි භාවිතා කර තිබෙන්නේ. CX-70 රථය hybrid powertrain එකකින් බලගැන්වෙන බව තමයි දැනට මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ. CX-90 PHEV 2.5-liter inline-four gasoline engine එකක් භාවිතා කරන අතර CX-90’s turbocharged 3.3-liter inline-six engine එකකින් තමයි බලගැන්වෙන්නේ. මෙහිදී trim level එක අනුව 280 hp හෝ 340 hp බලයක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඉතින් මේ සියලු ලක්ෂණ CX-70 රථයේද ඇතුළත් විය යුතු බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Mazda CX-70 පිළිබඳ වැඩි විස්තර නිසැකවම ඉදිරි මාස කිහිපය තුළ CarsGuide සමඟ රැදී සිටින ඔබට ලබා දෙන්න අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Rocco 2025 for Sale

Toyota Hilux Rocco 2025

0 km, Colombo
verified MEMBER
Rs 27,750,000
4 days ago
Perodua Viva Elite AMIZHR 2011 for Sale

Perodua Viva Elite AMIZHR 2011

205,000 km, Kurunegala
MEMBER
Rs 4,300,000
12 minutes ago
Toyota Vitz Safety Edition Ii 2018 for Sale

Toyota Vitz Safety Edition Ii 2018

53,000 km, Colombo
MEMBER
Rs 9,100,000
1 hour ago
Toyota Axio WXB 2019 for Sale

Toyota Axio WXB 2019

67,800 km, Galle
MEMBER
Rs 15,000,000
2 days ago
Toyota Land Cruiser Sahara ZX LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara ZX LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 105,000,000
1 week ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman