එකම සතියකදී Nikola semi-truck රථ දෙකක් ගිනි ගනියි

11 Oct, 2023   
එකම සතියකදී Nikola semi-truck රථ දෙකක් ගිනි ගනියි

ඔබ මීට පෙර අහලා තියෙනවද, එකම වර්ගයේ වාහන දෙකක් එකම සතියකදී ගිනි ගත් සිදුවීමක් ගැන? එහෙම සිදුවීමක් ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. මේ විදිහට ගිනි ගැනීමට ලක් වුණේ, Nikola semi-truck රථ දෙකක්. Nikola කියන්නේ, commercial battery-electric vehicles සහ fuel-cell electric vehicles නිෂ්පාදනය කරන ඇමරිකානු නිෂ්පාදන ආයතනයක්. ඉතින් මෙවැනි ගිනි ගැනීමක් වෙන්න හේතුව මොකක්ද? අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ, මේ ගිනි ගැනීමේ අග මුල ගැනයි.

ඇරිසෝනා සමාගමේ Phoenix මූලස්ථානය අසළ Nikola semi-truck රථයක් පසුගිය සැප්තැම්බර් 8 වනදා ගිනිගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේදී Nikola විසින් නිකුත් කළ battery බලයෙන් ක්‍රියාත්මක වන සියලුම electric ට්‍රක් රථ ආපසු කැඳවන බව නිවේදනය කිරීමෙන් පසුව, Nikola සමාගමේ කොටස් ප්‍රමාණය 55% කින් පහත වැටී තිබෙනවා. එමෙන්ම මීට පෙර සිදු වූ ගිනි ගැනීම් කිහිපයක් පිළිබඳ විමර්ශනයකින් අනතුරුව ඔවුන් විකුණුම් නතර කිරීමටද කටයුතු කළා.

එම සතිය මුලදී එහි තවත් truck රථයක්, ඇරිසෝනා Tempe හී ගින්නකට අසු වී තිබෙන අතර එය එක් battery pack එකකට පමණක් බලපා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම් දෙකෙන්ම කිසිවෙකුටත් තුවාල සිදු වෙලා නැහැ.

සමාගම පවසන්නේ, මෙලෙස ගින්නට හසු වුණු නවතම ට්‍රක් රථය, battery fire investigation සහ තවත් පරීක්ෂණ සිදු කළ pre-production unit එකක් බවයි.

කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු කළ Nikola විමර්ශනයෙන් පසුව, battery pack එකක් තුළ coolant leak එකක්, ගිනි ගැනීමට හේතු වී ඇති බව සඳහන් වෙනවා.

වාහන ලෝකයෙත් මේ වගේ පොඩි පොඩි අත් වැරදීම් ඕන තරම් සිදු වෙනවා. ඉතින් මේ සියලුම දේ ගැන ඉදිරියටත් ඔබව දැනුවත් කරන්න CarsGuide අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV 2018 for Sale

Honda CRV 2018

72,000 km, Colombo
MEMBER
Rs 21,000,000
1 month ago
Nissan Sunny FB15 2001 for Sale

Nissan Sunny FB15 2001

22,220 km, Matale
MEMBER
Rs 4,465,000
1 minute ago
Nissan Sunny N16 Super Saloon 2007 for Sale

Nissan Sunny N16 Super Saloon 2007

250,000 km, Colombo
MEMBER
Rs 4,650,000
2 weeks ago
Toyota Yaris Z CROSS JAPAN 2023 for Sale

Toyota Yaris Z CROSS JAPAN 2023

2,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,750,000
3 minutes ago
Ford Ranger MS-RT / MSRT 2024 for Sale

Ford Ranger MS-RT / MSRT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,800,000
4 minutes ago
Auto Parts for saleikman logo
Steel Bird Helmet for Sale

Steel Bird Helmet

MEMBER
Rs 12,000
2 minutes ago
Isuzu Cabin for Sale

Isuzu Cabin

MEMBER
Rs 200,000
39 minutes ago
Mitsubishi Lancer Water Pump for Sale

Mitsubishi Lancer Water Pump

verified MEMBER
verified
Rs 10,500
57 minutes ago
+ Post an ad on ikman