අමුතු නමක් සහ වෙනස් වේගයක් ඇති දොරවල් හතරේ 2025 Lotus Emeya EV රථය

11 Oct, 2023   
අමුතු නමක් සහ වෙනස් වේගයක් ඇති දොරවල් හතරේ 2025 Lotus Emeya EV රථය

Electric power එකෙන් ක්‍රියාත්මක වන Lotus පිළිබඳ අදහස ලෝකයට හඳුන්වා දුන්නේ, කලාතුරකින් අපිට දකින්න ලැබෙන Lotus Evija hypercar එක. ඒ අතීතයෙන් එහාට යමින්, Lotus විසින් 2024 වර්ෂයේදී නවතම මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ තමයි, Lotus Emeya EV රථය. නිෂ්පාදනයටත් කලින්ම, අමුතු නමක් සහ වෙනස් වේගයක් ඇති දොරවල් හතරේ වාහනයක් වන, Lotus Emeya EV රථය ගැන තමයි, අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ.

Emeya රථයට power එක ලබා දෙන්නේ, 603 hp ක output එකක් සහ 524 lb-ft ක torque එකක් නිපදවන Lotus EV powertrain හී dialed-back version එකක් මඟින්.
තත්පර 2.5 ක කාලයක් තුළදී, පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගැනීමට Emeya රථයට හැකියාව පවතිනවා. මෙම රථයට e-motor එකට සම්බන්ධ කර ඇති two-speed transmission එකක් ලබා දී තිබෙනවා. ඒ වගේම මේ මඟින් ලබා ගත හැකි, top speed එක 155 km/h ක් වෙනවා.

Emeya හී 800 V electrical architecture එක 350 kW fast charger එකකට සම්බන්ධ කළ විට, මිනිත්තු 15 කින් battery එක 10% සිට 80% දක්වා charge කළ හැකි වන බව Lotus නිෂ්පාදකයින් පවසනවා. Active aerodynamic aids සමඟින් අවශ්‍ය විටදී battery එක සහ brake cool කිරීමට open වන active front grill එකක් exterior එකට ඇතුළත් වනවා. ඒ වගේම Emeya මඟින් handling සහ stability එක වැඩිදියුණු කරනවා.

මෝටර් රථයේ පිටුපස වායු කාර්යක්ෂමතාව වැඩි කිරීමට උදව් වන active diffuser එකක් නිපදවන active dual-layer rear spoiler එකක් තිබෙනවා. ඒ වගේම 22 inch wheels Emeya රථයට ලබා දී තිබෙනවා.
Emeya රථයේ interior එක high-quality materials වලින් design කරන බව වාර්තා වෙනවා. Integrated noise cancellation system එකක් සහිත high-end KEF audio system එකක් මෙහි interior එකට ඇතුළත් වනවා. ඊට අමතරව driver ට සහ passenger ට slim OLED displays ලබා දී තිබෙනවා. Real-time road information, lane departure, forward collision alerts, blind-spot monitoring සහ obstacle warnings මඟින්, driver ට අවශ්‍ය key information ලබා ගන්න පුළුවන්.

2023 වසරේ අග වන විට, Emeya හී මිල සහ specification පිළිබඳව තවත් නිල තොරතුරු ලැබීමට නියමිතයි. ඉතින් අමුතු car එකක් වන Lotus Emeya EV රථය ගැන තවත් අලුත්ම විස්තර පිළිබඳව ඔබව update කරන්න CarGuide අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
DFSK Glory I auto 2021 for Sale

DFSK Glory I auto 2021

70,000 km, Monaragala
MEMBER
Rs 10,000,000
1 week ago
Toyota Belta 1300CC 2009 for Sale

Toyota Belta 1300CC 2009

88,350 km, Gampaha
MEMBER
Rs 7,425,000
3 days ago
Toyota Yaris CROSS Z PREMIUM 360° 2024 for Sale

Toyota Yaris CROSS Z PREMIUM 360° 2024

4,600 km, Kalutara
verified MEMBER
verified
Rs 18,600,000
12 minutes ago
BMW 318i INDIVIDUAL M SPORT 2019 for Sale

BMW 318i INDIVIDUAL M SPORT 2019

36,000 km, Colombo
verified MEMBER
verified
Rs 25,975,000
3 days ago
Honda Grace 2015 for Sale

Honda Grace 2015

86,000 km, Jaffna
MEMBER
Rs 10,400,000
20 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman