ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය

05 Oct, 2023   
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය

ලීසිං ක්‍රමයට වාහනයක් ගන්න එක ගැන එක එක්කෙනා කියන්නේ එක එක කතා. මොකක්ද මේකෙ ඇත්තම කතාව? ලීසිං ක්‍රමයට වාහනයක් ගන්න එකත්, ලීසිං පහසුකමක් ලබා දෙන එකත් හිතෙන හිතෙන විදිහට කරන්න බැහැ. ඒ කියන්නේ, වාහනයක් ලීස් කරනකොට, ලීසිං පහසුකම ලබා ගන්න කෙනාට වගේම, ලීසිං පහසුකම ලබා දෙන සමාගමටත් අදාළ නීතිමය තත්වයක් තියෙනවා. ඉතින්, ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී පවතින නීතිමය තත්වය ගැන, CarsGuide අපි, අද ඔබව දැනුවත් කරනවා.

කල්බදු මූල්‍යකරණ පනත කියන්නේ මොකක්ද?

වාහන ලීසිං නැත්නම්, කල්බදු සම්බන්ධයෙන් බල පවත්වන නීතිය ගැන කතා කරනකොට, කල්බදු මූල්‍යකරණ පනත ගැන කතා කරන්න ඕනේ. ලීසිං සම්බන්ධ නීතිමය තත්වයන් දක්වලා තියෙන පනත තමයි, මේ කල්බදු මූල්‍යකරණ පනත කියන්නේ. ලීසිං පහසුකම ලබා ගන්න පුද්ගලයා නැත්නම්, බදු ගැනුම්කරුට වගේම, ලීසිං පහසුකම ලබා දෙන මූල්‍ය ආයතනය නැත්නම්, බදු දීමනාකරුටත් අදාළ නීතිමය තත්වයන්, ඒ ඒ අයගේ යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් මොනවද කියලා කල්බදු මූල්‍යකරණ පනතට ඇතුළත් කරලා තියෙනවා.

බදු ගැනුම්කරුට පවතින නීතිමය තත්වය

තෝරාගන්න Leasing company එක මොකක්ද?
වාහනයක් ලීස් කරලා ගන්නකොට, මුලින්ම කරන්න ඕනේ, ලීසිං පහසුකම ලබා ගන්න අවශ්‍ය විශ්වාසවන්ත ලීසිං සමාගමක් තෝරාගන්න එක. ඉතින් ලීසිං සමාගම් වල විස්තර හොයලා බලලා, කැමති ලීසිං සමාගමක් තෝරාගන්න, බදු ගැනුම්කරුට අයිතිය තියෙනවා.

කැමති වාහනය මොකක්ද?

බදු ගැනුම්කරු කැමති වාහනය තමයි කල්බදු පදනම මත ලබා ගන්නේ. ඒ නිසා, ලීස් එක දාලා ගන්නේ මොන වාහනයද කියන එක තීරණය කරන්න ගැනුම්කරුට පුළුවන්. මේක කල්බදු මූල්‍යකරණ පනත යටතේ, බදු ගැනුම්කරුට ලැබෙන එක අයිතියක්.

ලීසිං සමාගම, කල්බදු ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවද?
ලීසිං සමාගම් විසින් කල්බදු ගිවිසුමේ ඇතුළත් කොන්දේසි හිතෙන හිතෙන විදිහට වෙනස් කරනවා නම්, ඒකට විරුද්ධ වෙන්න බදු ගැනුම්කරුට පුළුවන්. සමහර විට, ඔබටත් එහෙම අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. ඉතින් මේකත් බදු ගැනුම්කරුට, කල්බදු මූල්‍යකරණ පනතෙන් ලබාදෙන අයිතියක්.

ලීසිං සමාගම් වලට පවතින නීතිමය තත්වය

ලීසිං සමාගමක් හිතුමතේට ආරම්භ කරන්න පුළුවන්ද?
Leasing company එකක් නැත්නම්, කල්බදු මූල්‍ය ආයතනයක් ඕන ඕන විදිහට ආරම්භ කරන්න බැහැ. කල්බදු මූල්‍යකරණ පනතේ දක්වලා තියෙන විදිහට සුදුසුකම් සපුරලා, නියමිත පරිදි අවසරයක් ලබාගෙන, පවත්වාගෙන යන ආයතනයක් වෙන්න ඕනේ. ඒ නිසා, ලීසිං සමාගමක් ආරම්භ කරනවා නම්, අනිවාර්යයෙන්ම මේ පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම්, කල්බදු මූල්‍ය සේවාවන් සපයන්න පුළුවන් අයිතියක් තියෙන්න ඕනේ.

ලීස් කරපු වාහනය හරියට maintain කරනවද?

බදු ගැනුම්කරු විසින් වාහනය maintain කරනවද, හරියට භාවිතා කරනවද, වාහනය හොඳින් තියෙනවද කියන දේවල් ගැන හොයලා බලන්න, leasing company එකට පුළුවන්.

ලීසිං වාරික ගෙවීම පැහැර හරිනවද?

බදු ගැනුම්කරු විසින්, ගිවිසුමට අනුකූලව වාරික ගෙවීම පැහැර හැරියොත්, ලීසිං සමාගමට පුළුවන්, මේ ගිවිසුම අහෝසි කරලා, වාහනයේ සන්තකය තමන්ට ලබා ගන්න. හැබැයි මේක කරන්න පුළුවන්, වාරික හිඟ තිබුණොත් විතරයි.

වාහනයේ සන්තකය ලබා ගන්නේ කොහොමද?

යම් හේතුවක් මත බදු ගැනුම්කරුට වාරික ගෙවාගන්න බැරි වුණොත්, ලීසිං සමාගමට වාහනයේ සන්තකය ලබා ගන්න නීතිමය පියවර තියෙනවා. ඒ කියන්නේ, වාරික හිඟ වුණු පළියට බලෙන් වාහන උස්සන්න බැහැ.
බදු ගැනුම්කරු විසින් සැළකිය යුතු වාරික ප්‍රමාණයක් ගෙවීම පැහැර හැරලා නම්, ලීසිං සමාගම මුලින්ම කරන්න ඕනේ, වාරික ගෙවන්න ඕනේ කියලා දැන්වීමක් අදාළ පුද්ගලයාට යවන එක. එතනින් එහාටත් බදු ගැනුම්කරු වාරික ගෙවන්නේ නැත්නම්, බදු ගැනුම්කරු ගිවිසුමට අනුව වැඩ කළේ නැති නිසා, ගිවිසුම අහෝසි කළා කියලා දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි වාහනයේ සන්තකය ලීසිං සමාගමට ලබා ගන්න පුළුවන් වෙන්නේ.

හැබැයි, බදු ගැනුම්කරු වාහනය, ලීසිං සමාගමට ලබා දෙන්න සූදානම් නැත්නම්, දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න, සමාගමට පුළුවන්. ඒ කියන්නේ, තමන්ට වාහනයේ සන්තකය ගන්න ඉඩ දෙන්න කියලා අතුරු නියෝගයක් ඉල්ලන්න පුළුවන්. මෙතනදි බදු ගැනුම්කරුට අධිකරණයට ඇවිත්, වාරික නොගෙවීමට හේතු දක්වන්න පුළුවන්. මේ හේතු වලින් අධිකරණය සෑහීමකට පත් වෙනවා නම්, අදාළ අතුරු නියෝගය අවලංගු කරනවා. ඊට පස්සේ අදාළ නඩු විභාගයේදී සාක්ෂි විමසීමෙන්, නඩු විභාගය අවසානයේ තීන්දුවක් දෙනවා.
හැබැයි බදු ගැනුම්කරු ඒ විදිහට හේතු ඉදිරිපත් නොකළොත්, මේ අතුරු නියෝගය ස්ථිර කරනවා. එතකොට ලීසිං සමාගමට පුළුවන්, වාහනයේ සන්තකය ලබා ගන්න.

මේ තමයි වාහනයක් ලීස් කරනකොට පවතින නීතිමය තත්වය. ඔබ හරි, ඔබ දන්න කෙනෙක් හරි ලීසිං පහසුකමක් යටතේ වාහනයක් ගන්න ඉන්නවා නම්, බදු ගැනුම්කරුට අදාළ නීතිය විතරක් නෙවෙයි, ලීසිං සමාගමට අදාළ නීතිය ගැනත් අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද එතකොට තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබටත් ලීස් කරලා වාහනයක් ගන්න පුළුවන් වෙන්නේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A3 2017 for Sale

Audi A3 2017

91,000 km, Colombo
MEMBER
Rs 13,500,000
1 week ago
Perodua Viva Elite AMIZHR 2011 for Sale

Perodua Viva Elite AMIZHR 2011

205,000 km, Kurunegala
MEMBER
Rs 4,300,000
40 minutes ago
Toyota Vitz Safety Edition Ii 2018 for Sale

Toyota Vitz Safety Edition Ii 2018

53,000 km, Colombo
MEMBER
Rs 9,100,000
1 hour ago
Toyota Axio WXB 2019 for Sale

Toyota Axio WXB 2019

67,800 km, Galle
MEMBER
Rs 15,000,000
2 days ago
Toyota Land Cruiser Sahara ZX LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara ZX LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 105,000,000
1 week ago
Auto Parts for saleikman logo
Prius 2nd Generation Abs for Sale

Prius 2nd Generation Abs

verified MEMBER
Rs 230,000
22 minutes ago
Byd Atto 3 – Back Seat Mat (tpe) for Sale

Byd Atto 3 – Back Seat Mat (tpe)

verified MEMBER
Rs 8,800
5 hours ago
Byd Atto 3 – Rear Trunk Mat for Sale

Byd Atto 3 – Rear Trunk Mat

verified MEMBER
Rs 9,500
5 hours ago
+ Post an ad on ikman