Insurance එකෙන් claim කළාට වන්දිය භාගයයිද හම්බ වුණේ?

04 Oct, 2023   
Insurance එකෙන් claim කළාට වන්දිය භාගයයිද හම්බ වුණේ?

Insurance එකෙන් claim කළාට වන්දිය භාගයයිද හම්බ වුණේ?

ඔබ ළඟ වාහනයක් තියෙනවා නම්, ඒ වාහනයට Insurance එකක් තියෙන්නම ඕනේ. සමහර වෙලාවට Insurance company එක ඔබේ claim එක reject කරනවා. තවත් සමහර වෙලාවට, Insurance එකෙන් claim කරනවා, හැබැයි වන්දිය ගෙවන්නේ භාගයයි. ඇත්තටම ඇයි මේ විදිහට වන්දිය භාගයක් හම්බ වෙන්නේ? වාහනයට full damage එකක් වුණොත් ඔබට මේක ලොකු ප්‍රශ්නයක් වගේම ලොකු පාඩුවක්. ඒ නිසා, CarsGuide අපි හිතුවා, Insurance එකෙන් claim කළාට, වන්දිය භාගයක් හම්බ වෙන්නේ ඇයි කියලා, ඔබව දැනුවත් කරන්න.

වාහනයක් Insurance කරන්න ඕනෙ ඇයි?

මෝටර් වාහන පනතට අනුව වාහනයක් පාරේ drive කරන්න, අඩුම තරමේ ඒ වාහනයට 3rd Party Insurance එකක් හෝ Full Insurance එකක් තියෙන්න ඕනේ. මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ, මහ පාරේ සිද්ධ වෙන අනතුරු වලින්, හානියට පත් වෙන පාර්ශවයට යම් සහනයක් ලබා ගන්න එක.

Full Insurance කියන්නේ මොකක්ද?

ඔබ වාහනයක් පාරේ drive කරනකොට, ඔබ අතින් වෙන accident එකකින් ඔබේ වාහනයට, වාහනයේ ගමන් කරන අයට, වෙනත් දේපළ වලට වගේම පාරේ යන එන වෙනත් පුද්ගලයන්ට සහ වෙනත් වාහන වලටත් හානියක්, පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ළඟ තියෙන්නේ Full Insurance කරපු වාහනයක් නම්, මේ සිද්ධ වෙන හානියට වන්දි මුදලක් ගෙවන්න, Insurance company එක බැඳිලා ඉන්නවා. හැබැයි මේ වන්දි ලබා දෙන එක, Insurance company එකේ terms සහ conditions වලට අනුකූලව තමයි සිද්ධ වෙන්නේ.

3rd Party Insurance කියන්නේ මොකක්ද?

3rd Party Insurance එකකට වඩා Full Insurance එකක වාරිකය ගොඩක් වැඩි නිසා, බොහෝ දෙනා 3rd Party Insurance එකකට යොමු වෙන්න වැඩි නැඹුරුතාවයක් තියෙනවා. හැබැයි 3rd Party එකෙන් රක්ෂණ හිමියාට සිදු වෙන හානි වලට වන්දි ලබා දෙන්නේ නැහැ. ඔබේ වාහනයට තියෙන්නේ 3rd Party Insurance එකක් නම්, accident එකෙන් තුන්වෙනි පාර්ශවයට වෙන හානියට වන්දි ගෙවන්න විතරයි Insurance company එක බැඳිලා ඉන්නේ.

වන්දිය භාගයක් විතරක් දෙන්නේ ඇයි?

ඔබ ළඟ තියෙන්නේ මීට කාලෙකට කලින් ගත්තු වාහනයක් නම්, ඒකේ දැන් මිල ඊට වඩා වැඩි වුණත්, ඒ value එකට ඔබට වන්දිය හම්බ වෙන්නේ නැහැ. ඔබේ වචනයෙන් කියනවා නම්, වන්දිය හම්බ වෙන්නේ භාගයයි. මොකද ඔබ වාහනය insurance කරන්නේ, එදා තිබුණු වටිනාකමට. එතකොට, වාහනයේ මිල වැඩි වුණාට, Insurance company එක ඒ ප්‍රමාණයට ඔබට වන්දියක් දෙන්නේ නැහැ.

මේ හේතුව නිසා, ඔබ දැන ගන්න ඕනේ, current price එකට වාහනය insurance කර ගන්න. කොහොමත් ඔබ වාහනයක් insurance කරන්න ඕනේ, market value එකටනේ. ඔබ වාහනය insurance කරලා තියෙන්නේ, ඒ කාලෙ තිබුණු මිලට නම්, හදිස්සියේ හරි වාහනය full damage වුණත් ගෙවන්නේ, ඒ ප්‍රමාණයම විතරයි.
ඒත් ඔබට මේ වන්දි මුදල භාර ගන්න වෙනවා. මොකද නීතිමය වශයෙන් ඔබ ඒ කාලෙ තිබුණු market value එකට අනුව, අදාළ වන්දියට Insurance company එකත් එක්ක එකඟ වෙලා තියෙන නිසා. හැබැයි මෙතනදි Insurance company එකෙනුත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි, දැන් තියෙන market value එකට අනුව වාහනයේ insurance එක කලින්ට වඩා වැඩි කර ගන්න කියලා තමන්ගේ client ව දැනුවත් කරන එක.

දැන් ඔබ හරියටම දන්නවා, ඇත්තටම Insurance එකෙන් claim කළාට, වන්දිය භාගයක් විතරක් හම්බ වෙන්නේ ඇයි කියලා. ඒ නිසා, Insurance company එක ඔබව update කළත් නැතත්, මතක ඇතුව අනිවාර්යයෙන්ම current market value එකට වාහනයේ insurance එක වැඩි කර ගන්න. එතකොට වාහනයට damage වුණාම වන්දිය භාගයයි හම්බ වුණේ කිය කිය දුක් වෙන්න ඕනේ නැහැ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz Push Start 2016 for Sale

Toyota Vitz Push Start 2016

70,200 km, Colombo
MEMBER
Rs 8,260,000
2 weeks ago
Toyota Raize 2020 for Sale

Toyota Raize 2020

45,961 km, Colombo
MEMBER
Rs 11,950,000
1 hour ago
Toyota Vitz Safety 2nd Edition 2018 for Sale

Toyota Vitz Safety 2nd Edition 2018

103,000 km, Gampaha
MEMBER
Rs 8,750,000
1 hour ago
Ssang Yong Tivoli 2016 for Sale

Ssang Yong Tivoli 2016

90,000 km, Colombo
MEMBER
Rs 8,550,000
1 hour ago
Kia Sorento 2012 for Sale

Kia Sorento 2012

172,700 km, Colombo
MEMBER
Rs 14,000,000
1 hour ago
Auto Parts for saleikman logo
Front Bumper with Head Lights for Sale

Front Bumper with Head Lights

MEMBER
Rs 100,000
1 hour ago
Nissan March K11 Fender for Sale

Nissan March K11 Fender

verified MEMBER
verified
Rs 9,000
6 hours ago
Nissan Caravan E25 Fog Lamp for Sale

Nissan Caravan E25 Fog Lamp

verified MEMBER
verified
Rs 9,000
6 hours ago
Tata 207 Base Spring for Sale

Tata 207 Base Spring

MEMBER
Rs 25,000
7 hours ago
+ Post an ad on ikman