ලොව ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශන ඇරඹේ

13 Sep, 2023   
ලොව ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශන  ඇරඹේ

ලොව පුරා සිටින මෝටර් රථ නිෂ්පාදකයින්, උද්යෝගිමත් අය සහ නවෝත්පාදකයින් එකට එකතුව සිය නිෂ්පාදන ලොවට ප්‍රදර්ශනය කරන ප්‍රමුඛතමය මෝටර් රථ ප්‍රදර්ශනය ජර්මනියේ මියුනිච් හිදී අද ආරම්භ වනවා.එය සැප්තැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වේ.ලෝකයේ දැවැන්තම මෝටර් රථ ප්‍රදර්ශනයක් වන මෙය IAA MOBILITY (අයි.ඒ.ඒ. මොබිලිටි) ලෙසද හඳුන්වනවා.

මෙම මෝටර් රථ ප්‍රදර්ශනයේදී විදුලි මෝටර් රථ (Electric Vehicles) සංවර්ධනයෙන් චීනය ලබා ඇති ප්‍රගතිය ලෝකයට දැකගත හැකි වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ද වාර්තා කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ විදුලි මෝටර් රථ (EVs)නිෂ්පාදනයේ සැපයුම්දාමය පාලනය කරමින් චීනය සිය නිෂ්පාදන IAA MOBILITY ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇති බවය.

මෙවර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන නිෂ්පාදනවලින් සියයට 41ක් ආසියාකරයේ නිෂ්පාදිත මෝටර් රථ වීම විශේෂත්වයක්.

එමෙන්ම චීනයෙන් ඉදිරිපත් කෙරෙන නිෂ්පාදන එහිදී දෙගුණයක් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

විද්‍යුත් මෝටර් රථ, විදුලි බැටරි ඇතුළු නිෂ්පාදන චීනය BYD, CATL සහ XPENG යන සන්නාමවලින් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ මෙලෙස ආසියාකරයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන ප්‍රගතිය යුරෝපීය නිෂ්පාදකයන්ට අභියෝගයක් වනු ඇති බවයි.

චීනය සමග පවතින නිෂ්පාදන තරගයේදී යුරෝපය සිය සාර්ව ආර්ථික ප්‍රවේශය අත්හල යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබෙනවා.

විශේෂයෙන් විද්‍යුත් වාහන බැටරි සැපයුම් දාමය චීනය විසින් පාලනය කිරීම රෙනෝල්ට් මෝටර් රථ සමාගමේ ඉංජිනේරු ප්‍රධානියා මෙහිදී උදාහරණයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙවර මියුනිච් මෝටර් රථ ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාවක් වනු ඇත්තේ විද්‍යුත් වාහන මිල පිළිබඳවයි.

(Source: Reuters News Site)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 520d 3 Option 2013 for Sale

BMW 520d 3 Option 2013

132,000 km, Colombo
verified MEMBER
Rs 22,800,000
2 weeks ago
Toyota Yaris X Grade 2023 for Sale

Toyota Yaris X Grade 2023

0 km, Colombo
verified MEMBER
verified
Rs 10,750,000
10 minutes ago
Peugeot 5008 GT Line 2018 for Sale

Peugeot 5008 GT Line 2018

88,000 km, Gampaha
MEMBER
Rs 22,000,000
1 week ago
Ford Festiva 1993 for Sale

Ford Festiva 1993

66,000 km, Colombo
MEMBER
Rs 1,350,000
13 minutes ago
Peugeot 508 GT Line Executive 2011 for Sale

Peugeot 508 GT Line Executive 2011

65,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,500,000
6 days ago
Auto Parts for saleikman logo
Vezel 3D Carpet New 2024 for Sale

Vezel 3D Carpet New 2024

verified MEMBER
verified
Rs 20,000
2 days ago
Toyota Prius Wheel Spacers Parts Set for Sale

Toyota Prius Wheel Spacers Parts Set

MEMBER
Rs 50,000
28 minutes ago
Beijing X55 3D Carpet for Sale

Beijing X55 3D Carpet

verified MEMBER
verified
Rs 20,000
2 days ago
DFSK Glory 580 I Auto Rear Shock Absorbers for Sale

DFSK Glory 580 I Auto Rear Shock Absorbers

verified MEMBER
Rs 22,000
46 minutes ago
+ Post an ad on ikman