ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ?

27 Mar, 2024   
ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ?

වාහනයක් මාර්ගයේ drive කරනකොට හීනයකින්වත් හිතන්නේ නැති විදිහට අනතුරු සිද්ධ වෙනවා. මේ අනතුරු වලට විවිධ හේතූන් බලපානවා. වාහනයේ ටයර් පිපිරීම නිසාත් අනතුරු බහුල වශයෙන් සිද්ද වෙනවා. ගොඩක් අය දන්නේ නැහැ ටයර් එකක් පිපුරුණොත් මොකද කරන්නේ කියලා. ඔයත් ඒ වගේ වාහනයක ගමන් කරනකොට ටයර් එක පිපුරුණොත් මොකද කරන්නේ කියලා දන්නේ නැතුව ප්‍රශ්නයකද ඉන්නේ? අන්න ඒ නිසාම CarsGuide අපි අද ඔයාට කියන්නේ ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ කියලා.

ටයර් එකක් පිපිරෙන්නේ ඇයි?

– ටයරයට අධික ලෙස වායු පිරවීම
– වායු අඩු වීම
– ටයර් ගෙවී තිබීම
– වලවල්, ඇණ සහ වෙනත් මාර්ග අනතුරු
– ටයරයේ නිෂ්පාදන දෝෂ
– වාහනයට වැඩි බරක් යෙදීම
– ටයරය කල් ඉකුත් වීම
– කාලගුණය සහ තාපය

ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ?

Steering wheel එක තදින් අල්ලා ගන්න

ඔයා වාහනයේ ගමන් කරනකොට වාහනයේ ටයර් පිපුරුණොත් ඔයා කරන්න ඕනේ වැදගත්ම සහ පළවෙනි දේ තමයි වාහනයේ steering wheel එක තඳින් අල්ලගන්න එක. මොකද ටයර් එක පිපිරෙනකොට ඒ පැත්තට වාහනය ඇදී යන්න බලනවා. ඒ නිසා steering wheel එක තද කරලා අල්ලන් වාහනය පැත්තට යන්න දෙන්නේ නැතුව control කරලා තියාගන්න.
එක පාරට brake ගහන්න එපා

වාහනයේ ටයර් එකක් පිපුරුනාම ගොඩක් අය කරන ලොකු වැරැද්දක් තමයි එකපාරටම brake ගහන එක. මේ වගේ වේලාවක කලබල වෙලා වාහනය brake කිරීම මඟින් පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. ඒ නිසා එක පාරට වාහනය brake කරන්න එපා.

මඳක් වේගය අඩු කරන්න

ඔයා වාහනයේ වේගය ක්‍රමානුකුලව අඩු කරමින් හැකි තරම් කෙළින් ගමන් කරන්න ඕනේ. Accelerator එකෙන් පාදය ක්‍රමානුකුලව ඉවත් කරමින් වේගය අඩු කිරීමට පටන් ගන්න. ඔබ ආරක්ෂිත වේගයකට අඩු කළාට පස්සේ පාරේ එක් පැත්තකට කපලා නවත්වගන්න. ඊට පස්සේ ඔයාට තවත් අයගේ උදව් සමඟින් වාහනයේ ටයර් එක මාරු කරගන්න. මෙන්න මේ විදිහට තමයි වාහනයේ ටයර් පිපුරුණොත් ඔයා කරන්න ඕනේ.

ටයර් පිපිරීම වළක්වාගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද?

ටයර් වලට නියමිත ප්‍රමාණයට වාතය පුරවන්න

ඉතින් ඔයාට වාහනයේ ටයර් පිපිරෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි ටයරයේ වාතය පරික්ෂා කරන එක. ටයරයේ වාතය පරික්ෂා කරාලා වාතය මදියි නම් වාතය පුරවන්න ඕනේ. මතක ඇතුව ටයරයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් වාතය පුරවන්න ඕනේ.

ගමන් කිරීමට සුදුසු මාර්ග තෝරා ගන්න

අපි ගමනක් යනකොට කරන තවත් වැරැද්දක් තමයි හොඳ මාර්ග තියාගෙන ඒ මාර්ග දුරයි කියලා කැඩුණු වලවල් සහිත මාර්ග තෝර ගන්න එක. ඒ මඟින් වාහනයේ ටයර් වලට හානි සිදු වෙලා ඒවා පුපුරන්න පුළුවන්. ඒ නිසා ඔයා ගමනක් යනවා නම් දුර වුණත් හොඳ මාර්ගයක් තෝර ගන්න.

අවශ්‍ය කාලයේදී ටයර් මාරු කරන්න

ඔයා ගමනක් යනවා නම් මුලින්ම ටයර් හොඳට තියෙනවද කියලා බලන්න. ටයර් එක ගෙවිලා වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ටයර් එක මාරු කරගන්න. එහෙම නැතුව ටයර් එක පස්සේ මාරු කරගන්නවා කියලා ඉන්න එපා. නැත්නම් වාහනයේ ටයර් පිපිරිලා අනතුරකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වාහනයේ oil මාරු කරන්න කාර්මිකයෙක් ළඟට යනවා නම් ඔහුට කියලා ටයර් පරික්ෂා කරන්නත් අමතක කරන්න එපා. එවිට ඔවුන්ට ටයරය පිපිරෙන්න පුලුවන්ද කියලා හඳුනා ගන්න හැකියාවක් තියෙනවා.

ඉතින් දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නා ඇති. ඔයත් වාහනයේ ටයර් පිපුරුනොත් අනිවාර්යෙන් මේ දේවල් කරන්න. මේ දේවල් හරියටම කළොත් වැඩිය හානි සිදු කරගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Yaris Cross Pre Lux 2Tone 2025 for Sale

Toyota Yaris Cross Pre Lux 2Tone 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 22,000,000
1 week ago
Honda City RS TURBO SPORTS 2025 for Sale

Honda City RS TURBO SPORTS 2025

1 km, Colombo
verified MEMBER
verified
Rs 14,350,000
3 days ago
BMW 520d F10 2012 for Sale

BMW 520d F10 2012

159,000 km, Gampaha
MEMBER
Rs 20,500,000
4 minutes ago
Honda Fit GP-1 2012 for Sale

Honda Fit GP-1 2012

200,000 km, Colombo
MEMBER
Rs 6,500,000
1 month ago
Toyota Wigo G GRADE 2018 for Sale

Toyota Wigo G GRADE 2018

74,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,100,000
11 minutes ago
+ Post an ad on ikman