වාහනයේ Neutral ගියොත් මොකද වෙන්නේ?

06 Oct, 2023   
වාහනයේ Neutral ගියොත් මොකද වෙන්නේ?

ඔබටත් තියෙනවද, වාහනයේ fuel ඉතුරු කර ගන්න නරක පුරුද්ද? Fuel ඉතුරු කර ගන්න එක නරක පුරුද්දක් නෙවෙයි. හැබැයි ඔබ ඒකට කරන්නේ නරක දෙයක්. ගොඩක් වෙලාවට ඔබ, fuel ඉතුරු කර ගන්න හිතාගෙන, neutral දාලා යනවා. ඇත්තටම එහෙම කළොත් fuel saving එකක් වෙයිද? ඔබේ මේ fuel saving එක වාහනයට කොහොම බලපායිද? මේ ගැන ඔබ නොහිතුවට, ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් CarsGuide අපි අද හිතුවා, වාහනයක් neutral දාලා ගියොත්, අන්තිමට මොකද වෙන්නේ කියලා ඔබට කියන්න.

Neutral යනවා කියන්නේ මොකක්ද?

වාහනයක යනකොට සාමාන්‍යයෙන් යන්න ඕනේ, gear එකක. හැබැයි වාහනයක් neutral එකේ යන්න හොඳ නැහැ. ඒ නිසා, පැහැදිලිවම neutral කියන්නේ gear එකක් නෙවෙයි.

සාමාන්‍යයෙන් වාහනයක් drive කරන්නේ, engine එකේ power එක use කරලා. එතකොට engine එක කැරකෙන්න ඕනේ. ඊට සාපේක්ෂව wheels, gearbox එක හරහා engine එකෙන් ලැබෙන torque එක සහ power එකට අදාළව කැරකෙන්න ඕනේ. ඒ කියන්නේ, engine එක සහ wheels අතර යම් connection එකක් තියෙනවා. හැබැයි ඔබ neutral යනවා කියන්නේ, engine එක සහ wheels අතර තියෙන ඒ connection එක නැති කරනවා කියන එක. එතකොට, එකට කැරකුණු, engine එක සහ wheels, වෙන වෙනම තමයි කැරකෙන්නේ.

Neutral යන්නේ ඇයි?

සමහර අය වාහනය neutral දාලා යන්නේ, fuel ඉතුරු කර ගන්න හිතාගෙන. පල්ලම් වල යනකොට, Highway එකේ යනකොට, fuel ඉතුරු කර ගන්න neutral දාලා යනවා. හැබැයි ඔවුන් ඇත්තටම දන්නේ නැහැ, මේකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. සමහර විට, ඔබත් මේ දේ කරලා ඇති.

Neutral යන්න සුදුසු මොන වාහනද?

ඔබ ළඟ තියෙන්නේ Manual වාහනයක් නම්, යම් දුරකට fuel ඉතිරියක් වෙයි. හැබැයි ඔබ ළඟ තියෙන්නේ, Auto gear වාහනයක් නම්, කිසිම දවසක neutral යන්න එපා. ඒ වගේම Auto gear වාහනයක්, fuel tank එකේ අන්තිම fuel ටිකෙන් drive කරන්නත් එපා. මොකද Auto gear වාහනයක අන්තිම ටිකේ fuel ඉතුරු වෙන එක ගොඩක් වැදගත්. Manual වාහනයකට වඩා Auto gear වාහනයක fuel pump එක ගොඩක් heat වෙනවා. මොකද Auto gear වාහනයක සාමාන්‍යයෙන්, fuel tank එක cool කරන්න භාවිතා වෙන්නේ, fuel tank එකේ තියෙන fuel ම තමයි. ඒ නිසා, ඔබ Auto gear වාහනයක් අන්තිම fuel ටිකෙන් නිතරම drive කරනවා නම්, වාහනයේ fuel pump එක ගෙවෙන්න ඉඩ තියෙනවා. අඩුම තරමේ fuel tank එකෙන් 1/4ක් වත් fuel ඉතුරු කර ගන්න එක ගොඩක් වැදගත්.

Overall ගත්තොත් කිසිම වාහනයක් neutral එකේ drive කරන එක සුදුසු දෙයක් නෙවෙයි. මොකද එමඟින් ඔබ හිතන විදිහට fuel ඉතුරුවක් වෙන්නේ නැහැ. මේක අනතුරුදායක ක්‍රියාවලියක් විතරයි. ඒ නිසා, ඔබ වාහනය drive කරන විදිහටම drive කරන්න. Neutral එකට දැම්මා කියලා අමුතුවෙන් fuel ඉතුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ.

Neutral ගියොත් මොකද වෙන්නේ?

ඉක්මනින් response කළ නොහැකි වීම

ඔබ වාහනයක් neutral දාලා යනකොට, ඉක්මනින් response කරන්න බැරි වෙනවා. Neutral එකේ යන වෙලාවක gas pedal එක මඟින් වාහනයේ speed එක අඩු හෝ වැඩි කර ගන්න බැහැ. එතනදි සම්පූර්ණයෙන්ම brake වලින් තමයි වැඩේ කර ගන්න වෙන්නේ. එතකොට brake pad ගෙවෙන්න පුළුවන්.

ඒ නිසා සාමාන්‍ය විදිහට, gear එකක දාගෙන යන්න. මොකද වාහනය gear එකේ තියෙන එක මඟින් අවාසියක් වෙන්නේ නැහැ. හදිසි අනතුරකදී instantly ක්‍රියාත්මක වෙන්න chance එකක් ලැබෙනවා. ඒ වගේම engine එකෙන් ලැබෙන බර නිසා, පල්ලමකදී වාහනයක් වේගයෙන් පහළට ඇදිලා යන එක වළකිනවා. ඊට අමතරව ඔබ වංගුවක එහෙම යනකොට neutral එකේ ගියොත් නිසියාකාරව වංගුව ගන්න බැරි වෙලා අනතුරකට ලක් වෙන්න පුළුවන්.

Engine braking නැති වීම

ඔබ drive කරන්නේ, පෙට්‍රල් වාහනයක් නම්, ඒ තුළ ඇති වෙන vacuum එක නිසාත්, ඩීසල් වාහනයක් නම්, back pressure එක නිසාත් ඔබ වේගයෙන් පහළට යන්න try කරනකොට, යන gear එක අනුව පොඩි time එකක් engine එකෙන් අල්ලාගෙන ඉන්නවා. මෙතනදි ලොකු gear එකක ගියොත් ලොකු power එකකිනුත් පොඩි gear එකක ගියොත් පොඩි power එකකිනුත් engine එක මඟින් අල්ලාගෙන ඉන්නවා.

Control එක නැති වීම

වාහනයක් neutral එකේ යනකොට, හිතා ගන්න බැරි තරම් ඉක්මනින් speed එක වැඩි වෙනවා. ඒ කියන්නේ, ඔබට වාහනය control නැති වෙනවා. මෙතනදි, engine එක සහ wheels අතර connection එකක් නැති නිසා, acceleration එකෙනුත් වැඩක් වෙන්නේ නැහැ.

Brake fade වීම

ඔබ හිතන්න, ඔබ වාහනයක් neutral එකේ දාලා පල්ලමක යනවා කියලා. Neutral එකේ යනකොට, ඔබට ගොඩක් වෙලා brake කරන්න වෙනවා. ඒ වගේම speed එක වැඩි වෙන නිසා, quickly brake කරන්නත් වෙනවා. එතකොට brake එකේ effectiveness එක නැති වෙන්න පුළුවන්. මේකට තමයි brake fade වෙනවා කියන්නේ. Gravity එකේ energy එකයි, පහළට යන energy එකයි සියල්ලම අයින් කරන්න වෙන්නේ, brake කරලා. එතකොට brake rotors හරහා ලොකු heat එකක් ඉවත් වෙනවා. එමඟින් brake system එක ගොඩක් heat වෙනවා. එහෙම heat වෙලා, heat වෙලා එක තැනකදි brake වල power එක, support එක නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට brake ගෙවෙන එක ඔබට තවත් ලොකු වියදමක් වෙනවා.

දැන් ඔබ හරියටම දන්නවා, වාහනයක් neutral දාලා ගියොත් මොකද වෙන්නේ කියලා. මේක එක පැත්තකින් ඔබට ලොකු වියදමක්. තවත් පැත්තකින්, ඔබට, වාහනයේ යන අයට වගේම පාරෙ යන එන අයටත් ලොකු අනතුරක්. ඒ නිසා, මීට පස්සේ කිසිම වෙලාවක, neutral දාලා යන්න එපා. අපි අද කියපු දේවල් මතක තියාගෙන ඔබ වාහනය drive කළොත්, ඔබටත්, වාහනයටත්, අනිත් අයටත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R FZ safty 2015 for Sale

Suzuki Wagon R FZ safty 2015

164,000 km, Kalutara
MEMBER
Rs 5,500,000
2 weeks ago
Suzuki A-Star 2012 for Sale

Suzuki A-Star 2012

150,000 km, Puttalam
MEMBER
Rs 4,000,000
3 weeks ago
Nissan X-Trail 2015 for Sale

Nissan X-Trail 2015

182,000 km, Gampaha
MEMBER
Rs 11,200,000
14 minutes ago
Mazda 5 1985 for Sale

Mazda 5 1985

150,000 km, Anuradhapura
MEMBER
Rs 685,000
20 minutes ago
Toyota Fortuner 2013 for Sale

Toyota Fortuner 2013

161,890 km, Gampaha
MEMBER
Rs 18,500,000
1 week ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Land Rover Freelander 2 tail lights for Sale

Land Rover Freelander 2 tail lights

verified MEMBER
verified
Rs 130,000
3 hours ago
Range Rover sport Front slam panel for Sale

Range Rover sport Front slam panel

verified MEMBER
verified
Rs 375,000
3 hours ago
Toyota Prius Seat Belt for Sale

Toyota Prius Seat Belt

MEMBER
Rs 35,000
3 hours ago
+ Post an ad on ikman