වාහනය ගොඩක් කල් එක තැන තියලා start කරන්න කලින් මේ ගැනත් හිතන්න

07 Nov, 2023   
වාහනය ගොඩක් කල් එක තැන තියලා start කරන්න කලින් මේ ගැනත් හිතන්න

අපි හැමෝම වාහනයක් ගන්නේ එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරගන්න. හැබැයි විවිධ හේතු නිසා සමහර අය වාහනය ගොඩක් කල් භාවිතා නොකර ඉදලා එක පාරටම පාවිච්චි කරන්න ගන්නවා. ඒත් කාලයක් භාවිතා නොකර තිබ්බ නිසා වාහනයේ විවිධ ගැටලු ඇති වෙලා තියෙන්න පුළුවන්. අද CarsGuide තුළින් කතා කරන්නේ ඒ ගැටලු මොනවද, ඒවාට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.

Battery එක

වාහනය පාවිච්චි නොකර තිබිලා එක පාරටම එළියට ගද්දි start නොවෙන්න පුළුවන්. ඒකට බලපාන්නේ වාහනයේ battery එක. මොකද හොඳ තත්වයේ battery එකක් වුණත් සති 2ක් භාවිතා නොකර තිබීමෙන් charge එක බහිනවා. Battery එක දුර්වල නම් මේ දේ දවස් කිහිපයකින් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වාහනයක battery එකක් අවුරුදු කිහිපයක්ම පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒත් කාලයක් භාවිතා නොකර තිබීමෙන් battery එකේ ආයු කාලය දවස් කිහිපයකයට සීමා වෙනවා. ඒ වගේම ඔයාට battery එක ගෙදරදීම පරික්ෂා කරගන්න පුළුවන්. ඒකට ඕනේ වෙන්නේ volt meter එකක් විතරයි. මේ හරහා battery එකේ ගැටලු කලින්ම හඳුනා ගන්න පුළුවන්.

ටයර් වලට හානි වෙනවා

වාහනයක ටයර් කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. මොකද CarsGuide අපි හැමදාම කියනවා වගේ වාහනයක යනකොට ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ටයර් දෙක උඩ. ඒ නිසා දිගු කාලයක් එකම තැන නවත්තලා තියෙන වාහනයක් start කරන්න කලින් අනිවාර්යයෙන්ම ටයර් ගැන අවධානය යොමු කරන්නම ඕනේ. මොකද දිගු කාලයක් එකම තැන වාහනය නතර කරලා තිබීමෙන් වාහනයේ ටයර් වලට ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද වාහනයේ බර වැටෙන්නේ එකම තැනකට නිසා.

Hand brake ඇදලා තියන්න එපා

වාහනය නවත්තලා තියෙනකොට hand brake ඇදලා තියන්න එපා. ඔයා කාලයක් වාහනය නතර කරලා තිබීමෙන් brake bind වෙන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම වාහනය නතර කරලා තියන්න හිතන් ඉන්නවා නම් දින දෙක තුනකට වරක් වාහනය එළි යට අරන් එහාට මෙහාට කරන්න පුරුදු වෙන්න.
හැබැයි දැනටමත් ඔයා වාහනය කාලයක් තිස්සෙ එක තැන නතර කරලා නම් තියෙන්නේ ඔයාට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. ඔයා මුලින්ම වාහනයේ oil මාරු කරන්න, filter මාරු කරන්න, සමහර විට අලුත් battery එකක් ඔයාට දාන්නත් වෙයි.

ඉන්ධන සහ oil මට්ටම බලන්න

ගොඩක් කල් එක තැන නවත්තලා තියෙන වාහනයක් පාරට දාන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම බලන්නම ඕනේ දෙයක් තමයි ඉන්ධන සහ oil මට්ටම කියන්නේ. මොකද දිගු කාලයක් යනකොට ඉන්ධන සහ oil යම්තාක් දුරකට වාෂ්ප වීමක් සිදු වෙන්න පුලුවන්. ඒ වගේම ඉන්ධන ටැංකිය තුළ මංඩි තත්වයක් පවා ඇති වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඉන්ධන සහ oil මට්ටම ගැන සැළකිලිමත් වෙන්නත් අමතක කරන්න එපා.

හරියටම වැඩ ද?

අපි වාහනයක් ගන්නේ එදිනෙදා අපේ ගමන් බිමන් පහසු කරගන්න. ඉතින් වාහනයක් නිතර භාවිතා කරනකොට විවිධ දෝෂයන් ඇති වෙනවා. හැබැයි ගොඩක් දෙනා හිතනවා වාහනයක් භාවිතා කරන්නේ නැතුව නවත්තලා තියෙන කොට ඒ වාහනයේ දෝෂ ඇති වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඒක වැරදි අදහසක්. මොකද වාහනයක් භාවිතා කළත් නැතත් කාලයක් යන විට එහි යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුලුවන්.
ඉතින් ඒ නිසා කාලයක් එක දිගට නවත්තලා තිබුණ වාහනක ගමනක් යන්න කලින්, වාහනයේ සියලු දේවල් නිවැරදිව ක්‍රියා කරනවද කියලා පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

Documents තියෙනවද?

වාහනයක් පාරට දාන්න කලින් අපි ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ලියකියවිලි කිහිපයක්ම තියෙනවා. ලයිසන් එක, ආදායම් බලපත්‍රය, ඉන්ෂුවරන්ස් එක මේ අතර ප්‍රධානයි. ඉතින් කාලයක් තිස්සේ වාහනය භාවිතා කළේ නැති නිසා සමහර විට මේ ලියකියවිලි වාහනයේ ඇතුළේ නැති වෙන්නත් පුලුවන්.
ඒ නිසා වාහනයට වෙනම file එකක් තියාගන්න පුරුදු වෙන්න. ඉතින් ඒ file එක ඇතුළට වාහනයේ service record සහ අවශ්‍ය ඔක්කොම දේවල් එකට දාලා අරන් තියන්න. ඒක ඔයාට ගොඩක් පහසු වෙයි.

ඉතින් ඔයා දැන් දැනගන්න ඇති වාහනයක් කාලයක් භාවිතා නොකර ඉඳලා එළියට ගද්දි ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද කියලා. කවදාවත් හිතුවද නවත්තලා තියෙන වාහනයක් start කරන්න කලින් මෙච්ච්ර දේවල් හිතන්න ඕනේ කියලා. ඉතින් ඔයාගේ වාහනයත් කාලයක් තිස්සේ භාවිතා කළේ නැත්නම් CarsGuide අපි අද කිව්ව දේවල් අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A5 S-Line 2018 for Sale

Audi A5 S-Line 2018

49,000 km, Colombo
MEMBER
Rs 28,000,000
4 days ago
Honda Vezel Z Premium 2025 for Sale

Honda Vezel Z Premium 2025

0 km, Colombo
verified MEMBER
Rs 21,900,000
9 minutes ago
Toyota Hilux Rocco 2025 for Sale

Toyota Hilux Rocco 2025

0 km, Colombo
verified MEMBER
Rs 27,900,000
6 days ago
BMW 225XE PHEV 2017 for Sale

BMW 225XE PHEV 2017

122,000 km, Colombo
verified MEMBER
Rs 15,500,000
5 days ago
Suzuki Wagon R 2018 for Sale

Suzuki Wagon R 2018

63,000 km, Colombo
MEMBER
Rs 6,800,000
1 week ago
+ Post an ad on ikman