වාහනයේ දොර හයියෙන් වැහුවොත් මොකද වෙන්නේ?

04 Oct, 2023   
වාහනයේ දොර හයියෙන් වැහුවොත් මොකද වෙන්නේ?

ඔබත් තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ වාහනයේ දොර හයියෙන් වහන කෙනෙක්ද? උත්තරේ ඔව් නම්, ඔබ මේක දිගින් දිගටම කරනවා ඇති. සමහර විට, නොදැනුවත්වම එහෙම වෙනවත් ඇති. හැබැයි ඒක ඔබ හිතාමතා කළත්, නොහිතා කළත්, ඇති වෙන බලපෑම නම්, අනිවාර්යයෙන්ම වෙනවා. ඔබ හිතනවා ඇති, වාහනයේ දොර හයියෙන් වැහුවොත්, ඒකෙන් බලපෑමක් වෙන්නේ දොරට විතරයි කියලා. ඇත්තටම නැහැ.

ඒකෙන් වාහනයටත් ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා, CarsGuide අපි අද හිතුවා, වාහනයේ දොර හයියෙන් වැහුවොත් මොකද වෙන්නේ කියලා ඔබව දැනුවත් කරන්න.

Window lock එක කැඩීම

වාහනයේ දොර හයියෙන් වැහුවාම commonly ඇති වෙන ප්‍රශ්නයක් තමයි, ඒ බලපෑමෙන්, window lock කැඩෙන එක. Window lock කියන්නේ, කුඩා ප්ලාස්ටික් කැබැල්ලක්. ඒක ඔබේ වාහනයේ window එක නිසියාකාරව තියාගන්න උදව් වෙනවා. මේක තියෙන්නේ door inside එකේ. ඒ වගේම මේ widow lock එක තමයි, widow එක up, down කරන්න use කරන්නේ. ඒ නිසා, ඔබ වාහනයේ දොර හයියෙන් වැහුවොත්, window lock එක කැඩෙනවා විතරක් නෙවෙයි, window එක up, down කරන්නත් බැරි වෙනවා.

Speakers damage වීම

ගොඩක් වාහන වල speakers තියෙන්නේ, door එකේ. මේ speakers සාපේක්ෂව fragile වෙනවා. ඒ නිසා දොර හයියෙන් වැහුවොත්, ඒවා ගොඩක් පහසුවෙන් damage වෙනවා. එතනදි සමහර අවස්ථා වල, speakers crack වෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථා වල, speaker එක සම්පූර්ණයෙන්ම දොරෙන් වැටෙන්නත් පුළුවන්.

Power windows damage වීම

Power windows කියන්නේ, button එකක් press කිරීමෙන්, car එකේ windows පහසුවෙන් up down කරන්න ඉඩ ලබා දෙන convenient feature එකක්. ඉතින් ඔබ වාහනයේ දොර හයියෙන් වැහුවොත්, මේ power windows damage වෙන්න පුළුවන්. විශේෂම දේ තමයි, දොර හයියෙන් වහනකොට ඇති වෙන බලපෑමෙන්, windows වලට power එක ලබා දෙන motor damage වෙන්න ඉඩ තියෙනවා.

Door frame එක detach වීම

වාහනයේ දොර හයියෙන් වහන සමහර අවස්ථා වලදි, door frame එක වාහනයේ ඉතිරි කොටසෙන් detach වෙන්න පුළුවන්. ඔබ ලොකු සුළඟකට එරෙහිව දොර වහන්න try කරනවා නම්, ඒකට ලොකු power එකක් දෙන්න වෙනවා. එහෙම අවස්ථා වලදි door frame එක detach වෙනවා. මේ විදිහට door frame එක detach වුණාම, ඒකට තවදුරටත් door weight එක දරා ගන්න support කරන්න බැහැ. එහෙම වුණාම door එක open කරන්නන, close කරන්න අපහසු වෙන්න පුළුවන්.

Lighter එක සහ Ashtray එක කැඩීම

Lighter එක සහ Ashtray එක ගොඩක් වාහන වල තියෙන common features දෙකක්. ඒවා සාමාන්‍යයෙන් center console එකේ තමයි තියෙන්නේ. ඉතින් වාහනයේ දොර හයියෙන් වහනකොට මේ දේවල් කැඩෙන්න පුළුවන්.

වාහනයේ දොර හයියෙන් වහන මුල් වතාවෙම මේ කියපු දේවල් නොවුණත්, දිගින් දිගටම ඔබ වාහනයේ දොර හයියෙන් වහනවා කියන්නේ, අනිවාර්යයෙන් මේ දේවල් වෙන්න පුළුවන්. Modern cars වල දොරවල් හයියෙන් වහනකොට, ඒකෙන් බලපෑම් ඇති වෙන්න පුළුවන්, systems ගොඩක් තියෙනවා. ඒ නිසා, ඔබත් මීට කලින් වාහනයේ දොර හයියෙන් වැහුවා නම්, මීට පස්සේ දොර හයියෙන් වහන්නේ නැතුව ඉන්න try කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz 2018 for Sale

Toyota Vitz 2018

79,000 km, Gampaha
MEMBER
Rs 8,800,000
3 days ago
Maruti Suzuki 800 1991 for Sale

Maruti Suzuki 800 1991

85,600 km, Gampaha
MEMBER
Rs 1,320,000
44 minutes ago
Subaru R2 2004 for Sale

Subaru R2 2004

98,000 km, Matara
MEMBER
Rs 3,680,000
47 minutes ago
Suzuki Wagon R Stingray Turbo 2015 for Sale

Suzuki Wagon R Stingray Turbo 2015

74,000 km, Gampaha
MEMBER
Rs 6,750,000
48 minutes ago
Honda Vezel RS sensing 2016 for Sale

Honda Vezel RS sensing 2016

110,500 km, Matara
MEMBER
Rs 13,350,000
50 minutes ago
+ Post an ad on ikman