වාහනයේ Gear Box එක ලෙඩ වෙනකොට මතු වෙන ලක්ෂණ

30 Nov, 2023   
වාහනයේ Gear Box එක ලෙඩ වෙනකොට මතු වෙන ලක්ෂණ

වාහනයේ gear box එක ලෙඩ වෙලාද? ඕනම වාහනකයට වැදගත්ම කොටසක් තමයි, gear box එක. ඒ නිසා, gear box එකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ ගැන ඔබ දැනුවත් වෙන්න ඕනේ. අනිත් දේ තමයි, gear box එකක් ලෙඩ වෙන්න හේතු මොනවද කියලා දැනගෙන ඉන්නත් ඕනේ. එතකොට, වාහනයේ gear box එක ලෙඩ නොවී තියාගන්න පුළුවන්. ඉතින් CarsGuide අපි හිතුවා වාහනයේ gear box එක ලෙඩ වෙනකොට මතු වෙන ලක්ෂණ ගැන අද ඔබට කියන්න.

Gear box එකේ ලෙඩක් තියෙනවද කියලා දැන ගන්නේ කොහොමද?

අනවශ්‍ය noise එකක් ඇසීම

Gear මාරු කරන අවස්ථා වලදී තමයි ඔබ මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. යම් gear එකකට දාලා තියෙනකොට, gear පැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේම gear දානකොට හිර වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට ඔබටත් මුහුණ දුන්න වුණොත්, technician කෙනෙක්ට කියලා ඒක check කර ගන්න. ඊට අමතරව clutch එකෙත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලත් බලන්න ඕනේ.

Auto gear වාහන slip වීම

Auto gear D එකට දැම්මම, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ගමන යන්න පුළුවන් වෙන්න ඕනේ. Transmission එක D එකේදී drive කරන්නේ ගොඩක් අපහසුවෙන් නම්, ඒ කියන්නේ engine එකේ speed එක වැඩි වුණාට, වාහනයේ speed එක වැඩි වෙන්නේ නැත්නම්, gear slip වෙන එකට මුහුණ දෙන්න වෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ gear oil level එක අඩු වීම, internal oil pressure එක අඩු වීම, pressure regulation හෝ control එක දෝෂ සහගත වීම.

Clutch එකේ ප්‍රශ්න ඇති වීම

වාහනයේ engine එක සහ gear box එක අතර සම්බන්ධතාවය ඇති කරනවා වගේම ඒක විසන්ධි කරන්නෙත් clutch එක. ඒ නිසා clutch එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ, ඒකෙන් gear box එකටත් හානි වෙන්න පුළුවන් කියන එක.

Gear box එක පරිස්සම් කරන්නේ කොහොමද?

Gear box එක විශාල කොටස් ප්‍රමාණයකින් තමයි හැදිලා තියෙන්නේ. Engine එකෙන් power එක ලැබෙන්නේ, මේ gear box එකට. ඊට පස්සේ වාහනයේ wheels වලට ඒ power එක transmission කරන්නේ, gear box එක මඟින්. වාහනයක gear box එක අයත් වෙන්නේ, ඒ වාහනයේ transmission system එකට. ඊට අමතරව වාහනය pickup කරන්න, reverse කරන්න උදව් කරන්නෙත් වාහනයේ gear box එක. දැන් අපි කියන්නේ, gear box එක පරිස්සම් කරන විදිහ ගැන.

Gear oil වල ක්‍රියාකාරීත්වය අනිවාර්යයි

Gear box එක හොඳින් වැඩ කරන්න නම්, gear oil හොඳින් ක්‍රියා කරන්න ඕනේ. වාහනයක engine oil වගේම, gear oil කියන්නෙත් ගොඩක් වැදගත් දෙයක්. මොකද gear oil තමයි, transmission එක smoothly ක්‍රියාත්මක වෙන්න උදව් කරන්නේ. වැදගත්ම දේ තමයි, වාහනයේ gear systems වල internal components, heat damage එකෙන් ආරක්ෂා කරන්නත් උදව් වෙනවා. හැබැයි මෙතනදි වාහනයෙන් වාහනයට අවශ්‍ය gear oil වර්ගය වෙනස් වෙනවා. ඔබ ඒ ගැනත් හොඳින් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ප්‍රමාණවත් නොවන lubrication මඟින්, drive-train components scouring වෙන්න, corrosion වෙන්න වගේම සීරෙන්නත් ඉඩ තියෙනවා.

Transmission fluid ප්‍රමාණය ගැන නිතර සැළකිලිමත් වෙන්න

වාහනයේ transmission fluid ප්‍රමාණය ගැන ඒ තරම් සැළකිල්ලක් නොදැක්වුවොත්, auto gear වාහනයේ gear box එකට ලොකු හානියක් වෙන්න පුළුවන්.

වාහනයේ hand brake එක අනිවාර්යයෙන්ම දාන්න

Auto gear වාහනයක් නවත්වනකොට, මතක ඇතුව අනිවාර්යයෙන්ම hand brake දාන්න. Gear එක parking gear එකට දැම්මට පස්සේ, හොලවන්නවත් බෑ තමයි. හැබැයි ඒක හැම නිතරම වලංගු වෙන්නේ නැහැ. සමහර විට, gear එක park එකට දාලා තිබුණත් වාහනය නවත්වලා තියා ගන්න ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

පල්ලමක වගේ නම්, ඔබ අනිවාර්යයෙන්ම hand brake එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා, මීට පස්සේ auto gear වාහනයක් නවත්වනකොට, හැම නිතරම hand brake එක ක්‍රියාත්මක කරන්න. ඒක කරන්න ඕනේ, gear එක park එකට දාන්න කලින්. එතකොට, gear box එකට යොදන power එක අඩුයි. නැත්නම් මුළු power එකම gear box එකට ලැබෙන නිසා, ඉක්මනටම gear box එක යන්න බලනවා. ඉතින් මුලින්ම hand brake එක ඇද්දොත් වාහනයේ බර වැටෙන්නේ, brake වලට නිසා, gear box එකට ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ.

Steering wheel එක අත් දෙකෙන්ම තියාගන්න

සමහර අය නම්, තමන්ට පුරුදු විදිහට තමයි, steering wheel එක තියාගන්නේ. හැබැයි හරිම විදිහ ගත්තොත්, අනිවාර්යයෙන්ම අත් දෙකෙන්ම steering wheel එක තියාගන්න ඕනේ. සමහර විට ඔබත් එක අතකින් steering wheel එක අල්ලාගෙන, අනිත් අත gear එක උඩ තියාගෙන යනවා ඇති. එක පැත්තකින් ගත්තොත් steering wheel එක තනි අතෙන් අල්ලන එකෙන් යම් අනතුරක් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් gear box එකට හානි වෙන්න පුළුවන් chance එකත් වැඩියි. මේ වැරැද්ද කාලයක් කරනකොට, gear එක හරියට වැටෙන්නේ නැතුව යනවා.

Auto gear box එක පිහිටලා තියෙන්නේ, engine එක සහ drive shaft එක අතර. Auto gear box එකක ප්‍රධාන අංග තුනක් තියෙනවා. ඒ තමයි, torque converter, planetary gear unit, hydraulic control unit.
Crankshaft එකෙන් ලැබෙන power එක gear box එකට සම්ප්‍රේෂණය කරන්න තියෙන කොටස තමයි, torque converter එක කියන්නේ. Torque converter කියලා දෙයක් තිබුණේ නැත්නම් crankshaft එක කෙළින්ම සම්බන්ධ කරන්න වෙන්නේ, planetary gear unit එකට.

Planetary gear unit එකේ තියෙන්නේ, gear මාරු කරන්න ඕන වෙන දැති රෝද set එක. Gear මාරු වෙන වෙලාවට planetary gear unit එකේ යම් යම් කොටස් lock වෙනවා. එතකොට කෙලින්ම planetary gear unit එකට crankshaft එක සම්බන්ධ වෙලා තිබුණොත් කොටස් lock වෙනකොට එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

Crankshaft එකෙන් දෙන අධික power එක නිසා, දැති රෝද lock කරන්න, ලොකු power එකක් ඕන වෙනවා. එහෙම lock කළත් දැති රෝද මාරු වෙනකොට, crankshaft එකේ ලොකු power එක නිසා, දැති කැඩෙන්න පුළුවන්.

Torque converter එක ඇතුළෙ, වෙන් වුණු තල බඹර දෙකක් තියෙනවා. ඒ දෙක තියෙන්නේ හොඳින් seal වුණු කවරයක් ඇතුළෙ. ඒ කවරය තුළ gear oil පිරිලා තියෙනවා. එක තල බඹරයක් crankshaft එකට කෙළින්ම සම්බන්ධ වෙලා තියෙන අතර අනිත් එක gear box එකේ දැති රෝද වලට සම්බන්ධ වෙනවා. හැබැයි මේ දෙක තියෙන්නේ gear oil පිරුණු කවරයක් ඇතුළෙ හින්දා, crankshaft එකට සම්බන්ධ වුණු බඹරේ කැරකෙනකොට ඒ power එක gear box එකට සම්බන්ධ වුණු තල බඹරෙටත් යනවා. දැන් මේ තල බඹර දෙක අතර සම්බන්ධය තියෙන්නේ, gear oil එක හරහා නිසා, ඒ දෙක වෙන වෙනම කැරකෙන්න පුළුවන්. ඒ එක්කම crankshaft එකේ power එක සාර්ථකව gear box එකට ලබා දෙන්නත් පුළුවන්.

මේ Article එකෙන් ඔබ දැනගන්න ඇති වාහනයක gear box එක කොච්චර වැදගත්ද, gear box එක ලෙඩ වෙන්නේ කොහොමද, ලෙඩ වුණාම මතුවෙන ලක්ෂණ මොනවද කියලා. දැන් ඉතින් ඔබට gear box එක හරියටම පරිස්සම් කර ගන්න පුළුවන්. ඒකට අපි අද කියපු දේවල් අනිවාර්යයෙන්ම මතක තියාගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Daihatsu Taft G Dark Chrome 2024 for Sale

Daihatsu Taft G Dark Chrome 2024

1,800 km, Gampaha
verified MEMBER
verified
Rs 8,950,000
2 days ago
Toyota Corolla 121 2003 for Sale

Toyota Corolla 121 2003

248,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,890,000
24 seconds ago
Nissan Cefiro 2001 for Sale

Nissan Cefiro 2001

215,000 km, Colombo
MEMBER
Rs 2,950,000
13 minutes ago
Honda Vezel 2018 for Sale

Honda Vezel 2018

26,000 km, Colombo
MEMBER
Rs 14,490,000
2 weeks ago
Toyota Allion 2016 for Sale

Toyota Allion 2016

96,000 km, Colombo
MEMBER
Rs 14,500,000
1 month ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Wagon R FX 44s Tail Light for Sale

Wagon R FX 44s Tail Light

verified MEMBER
Rs 30,000
1 week ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
1 hour ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
1 hour ago
Toyota Premio Leather Seat Covers for Sale

Toyota Premio Leather Seat Covers

verified MEMBER
Rs 45,000
1 hour ago
+ Post an ad on ikman