වාහනයේ ABS පද්ධතිය අලුත්වැඩියා කරනවානම් මේ ගැනත් හිතන්න

20 May, 2024   
වාහනයේ ABS පද්ධතිය අලුත්වැඩියා කරනවානම් මේ ගැනත් හිතන්න

වාහන ගැන කතා කරනකොට අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි brake කියලා කියන්නේ. මොකද වාහනයක මොන දේ තිබ්බත් brake නැත්නම් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි හරිම කාල සීමාව තුළ වාහනයේ brake පද්ධතිය අලුත්වැඩියා කරන එක. ඉතින් CarsGuide අපි ඔබට අද අරගෙන ආවේ වාහනයේ ABS පද්ධතිය එහෙමත් නැත්නම් Anti-lock Brake System එක අලුත්වැඩියා කරනවානම් හිතන්නම ඕනේ දේවල් කිහිපයක් ගැන.

Anti-lock Brake යනු කුමක්ද?

Anti-lock Brake එහෙමත් නැත්නම් ABS කියන්නේ මෝටර් රථ, බස් රථ, ට්‍රක් රථ සහ යතුරුපැදි වැනි වාහනවල ස්ථාපනය කර ඇති safety anti-skid braking system එකක්. එය emergency braking වලදී වාහනය lock වීම වළක්වනවා. එමඟින් වාහනයට මාර්ගය සහ වාහනය අතර tractive force එක පවත්වා ගැනීමට ඉඩ සලසයි.

මේ Anti-lock Brake system එකේ ප්‍රධාන අරමුණ වන්නේ රියදුරු sharp brakes යොදන විට මෝටර් රථය ලිස්සා යාමෙන් නතර කිරීමයි. ඔබ අධික වේගයෙන් රිය පැදවීමේදී තදින් තිරිංග යෙදූ විට, ඔබේ මෝටර් රථයේ රෝද අගුලු වැටීම සිදු වෙනවා. මෙම පද්ධතිය මගින් එම අනතුරු වලින් ඔබව ආරක්ෂා කරනවා.

ABS හි කාර්යය

Anti-lock braking systems, hydromechanical & non-electrical models අතර ඇත්ත වශයෙන්ම මෙය වසර කිහිපයකට පෙර තමයි හඳුන්වා දීම සිදු කළේ. තිරිංග යෙදීම මොඩියුලේට් කිරීමට මෙම තිරිංග යාන්ත්‍රිකව පාලනය කිරීම සිදු වෙනවා.
මෙයට ප්‍රතිවිරුද්ධව, electro-hydro mechanical brake hydraulic systems පරිගණකයක් මඟින් තමයි පාලනය වෙන්නේ.

Anti-lock braking system එකේ කොටස්

1. Valves – මේවා එක් එක් brake lineවල පීඩන ප්‍රමාණය පරීක්ෂා කරන අතර ඉහළ මට්ටමක පවතින අවස්ථාවලදී පීඩනය සමනය කිරීමට උපකාරී වෙනවා.
2. Controller – මෙය valves පාලනය කරන සහ speed sensors නිරීක්ෂණය කරන පරිගණකයකි.
3. Speed sensors – රෝදය අගුලු දැමීමට ආසන්න වන විට පද්ධතියට අනතුරු ඇඟවීමට Speed sensors උපකාරී වෙනවා.
4. Pump – Brake line මුදා හැර තිබේ නම් නැවත පීඩනය වැඩි කිරීමට පොම්පය උපකාරී වෙනවා.

මෝටර් රථයක anti-lock brakes සවි කරන්නේ කොහොමද?

මෝටර් රථයක, ABS තිරිංග පද්ධතිය සමඟ ක්‍රියා කරන අතර ලිස්සන හෝ තෙත් මාර්ග වැනි හදිසි අවස්ථා වලදී පාලනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. තවද ABS ක්‍රියාත්මක වන විට, ඔබේ වාහනයේ ඇති ABS light ක්‍රියාත්මක වන අතර එය නිවැරදි කිරීමට අවශ්‍ය ඔබේ මෝටර් රථයේ යම් දෝෂයක් ඇති බව ඔබට දැනුම් දෙනු ඇත. එහෙත්, ABS light on වීමට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

Low Brake Fluid

ABS එකක තිරිංග පීඩනය පාලනය කිරීමට Brake fluids සෘජුවම සම්බන්ධ වෙනවා. Anti-lock braking system එකේ fluid රඳවා තබන brake fluid reservoir එකක් තියෙනවා. කාන්දු වන අවස්ථාවන්හිදී, fluid levels පහත හෙලීමට උපකාරී වන අතර එමඟින් ABS light dashboard එකේ බලාගන්න පුළුවන්.

Speed Sensor එකේ දෝෂ

සෑම රෝදයකම කේන්ද්‍රය තුළ ඇති Speed Sensors රෝදයේ චලන වේගය ගණනය කිරීමට උපකාරී වන අතර එමඟින් මෙම තොරතුරු ABS වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු කරනවා.
රෝද සෙමින් ගමන් කරන්නේ නම් හෝ Speed Sensor කිසියම් ගැටලුවක් තිබේ නම්, ABS lights on වෙනවා.

ඉතින් මේ දේවල් තමයි වාහනයේ ABS පද්ධතිය අලුත්වැඩියා කරනවානම් ඔබ දැනගෙන ඉන්න ඕනේ කරුණු. ඉතින් ඔඅබත් ඉදිරියේදී නිතරම ඕනේ වාහනයේ brake system එකට හොඳ අවධානයක් දෙන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q2 2019 for Sale

Audi Q2 2019

74,000 km, Colombo
MEMBER
Rs 15,200,000
1 month ago
Toyota Land Cruiser Prado TZ Auto 2003 for Sale

Toyota Land Cruiser Prado TZ Auto 2003

139,000 km, Matara
verified MEMBER
Rs 17,500,000
2 weeks ago
Toyota Vitz 1.3 1 Owner 2008 for Sale

Toyota Vitz 1.3 1 Owner 2008

105,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,375,000
4 days ago
Nissan X-Trail HT32 2016 for Sale

Nissan X-Trail HT32 2016

147,500 km, Colombo
MEMBER
Rs 10,500,000
1 day ago
Toyota Aqua 2012 for Sale

Toyota Aqua 2012

163,968 km, Gampaha
MEMBER
Rs 7,500,000
2 days ago
Auto Parts for saleikman logo
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
2 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
2 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
2 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
3 hours ago
+ Post an ad on ikman